නෝනා | Nona by Yaka Crew [2020]

කාරි නෑ මට කාලෙ ඕනෙද
හාදකම් නවතාලා
කාරණාවට තාම කෝළද
පාර නම් එළිවීලා
ජාති ජාතිත් ප්‍රේමයෙන් මං
ආවනම් ඉවසාලා
නාරි ලීලෙන් පාද තියපං
භාරගන්නම් නෝනා

රජකම් එපා
නුබ හිමි නම් සදා
හිස මුදුනෙන් තබා
මගෙ කිරුළයි ඔයා

ඒරොප්පෙන් ගෙනා
බෝනික්කන් එපා
සුරලෝකෙන් මවා
දුන් ප්‍රාණේ ඔයා

තානාත් තනත් තම් දනත්තනම් හෙයි
තානාත් තනත් තම් දනාත්ත දනාත්ත

තානාත් තනත් තම් දනත්තනම් හෙයි
තානාත් තනත් තම් දනාත්ත දනාත්ත

සාමදානෙට තෑගි භෝගද
කප්පරක් පුරවාලා
වාස දේසෙට වරිගෙ සේරම
එක්ක එන්නම් මාහා
ඊට කලියෙන් වචනෙ දීපං
මා දුකින් මුදවාලා
නාඩගං හොදටෝම ඇති දැං
පාලු මකපං නෝනා

රජකම් එපා
නුබ හිමි නම් සදා
හිස මුදුනෙන් තබා
මගෙ කිරුළයි ඔයා

ඒරොප්පෙන් ගෙනා
බෝනික්කන් එපා
සුරලෝකෙන් මවා
දුන් ප්‍රාණේ ඔයා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මම කපිල | Mama Kapila by Yaka Crew [2020]

එහේ හේ… Yaka Crew
මේක ගමේ ආතල් එකක්
අමු මිරිස් කෑලි මිරිස් කොච්චි මිරිස් වගේ සැරයි
හැබැයි තක්කාලි වට්ටක්ක මන්යොක්කා වගේ රසයි

මගෙ නම අමිල
මට කිව්වෙ උන් කපිල
ඇල්ලුවෙ ගමෙ නිලිය
මම පදින චැලිය..

ටිකිරි ලියා..ළිදට ගියා…

දෑතින් ගෙන උදල
අමුඩෙන් වහන් ගරුඩ
ඉන්නෙ මැද මං කුඹුර
එනකං මගෙ මැණික

ටිකිරි ලියා..ළිදට ගියා..

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

ටිකිරි ලියා..කොහෙද ඔයා..
ළිද ලග ඇති බං කබරගොයා

අමල් නිමල් හොද කමල් බිමල් අඹ ගස යට Rolling දෝ
කන පැලෙන්න වල් කතා කියපු අපේ ඇම්ඩා දැන් කොහිදෝ
හෙන ගහන්න මහ වැහි වැටෙන්න අපෙ කුඹුරට මගෙ දෙයියෝ
ගග පිරෙන්න ගහ මල පිපෙන්න මම ටිකිරිව බහ ගන්නෝ

ඇට මාලෙ කරට
සුදට සුදෙ නෙරිය
දැකල උබෙ බුරිය
උඩ උදලුමිටිය

ටිකිරි ලියා…

නොම බලන් අහක
වෙලට යමු හනික
ගොයමෙ නිලෙ රහස
වගෙනෙ උබේ පහස

ටිකිරි ලියා..ළිදට ගියා..

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

ටිකිරි ලියා..කොහෙද ඔයා..
ළිද ලග ඇති බං කබරගොයා

අමල් නිමල් හොද කමල් බිමල් අඹ ගස යට Rolling දෝ
කන පැලෙන්න වල් කතා කියපු අපේ ඇම්ඩා දැන් කොහිදෝ
හෙන ගහන්න මහ වැහි වැටෙන්න අපෙ කුඹුරට මගෙ දෙයියෝ
ගග පිරෙන්න ගහ මල පිපෙන්න මම ටිකිරිව බහ ගන්නෝ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

රාවණ | Ravana by Yaka Crew [2019]

මාරක මර සෙන් බල බිඳ
සූරණ ගොර මහා වැසි මැද
නැගිටිනු යක දේසෙන් නොපමාවම
සීගිරි පුර ගල් අසුනට
යක් අසු නා රක් සිව් හෙළයට
වඩිනු මැනවි මහරජ නුබ රාවණ

සීගිරි පුරේ අපේ -බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ
දඩු මොනරින් ගුවනේ – වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ

රා සූර වංශය අප – සූර්ය බල සිංහයෝ අප
සිව් හෙළය රජ කෙරුවෝවේ
ඇතුන් කරේ යක්කම වදින -රකුන් ගිරේ යක්කයෝ අපිද
සිව්හෙළේ උරුමක්කරුවෝ

සීගිරි පුරේ අපේ -බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ
දඩු මොනරින් ගුවනේ – වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ

සොහේලි නමින් ඉපදුන දැරියෙක් ඇයගේ පියා තමයි රාවණ
පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ ඒ නස්පැත්තියක් නිසා
රාවණ දැක්කා හෙල කුල කාන්තාවක් ඈතින්ම භාරත පුරේදි ඒ
ඇගේ නම සිතා වෙලා දැන්
වැරදි කටකතා යව්වා උන්

එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න ගෙදරට ඇයව.
වැරදි වැටහීමකින් සටන් ඇති උනා අද වගේම එදාම
මගේ රට විනශ වෙලා බේරගන්න එන්න රාවණ කොහෙද ඒ
සිංහල මුස්ලිම් බේද නැති යක්කු ඒ අපේ දුවන්නේ රාවණ ලේ..

සීගිරි පුරේ අපේ -බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ
දඩු මොනරින් ගුවනේ – වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ

 

 

Download the Official Audio from Here!!