මීන නුවන් යුග | Meena Nuwan Yuga by Senanayake Weraliyadda (Cover by Bimal Jayakody)

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

 

 

Download the Official Audio from Here!!

හදවත ඉල්ලා | Hadawatha Illa by Priya Suriyasena (Cover by Bimal Jayakody)

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි

ඔය නෙතු අඟ රැඳී තිබු – නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි – සෙනෙහස කීවා

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී

මතු අප උපදින භවයේ – යලි හමුවෙවා
ඔය නෙතු අග සිසිල රැදී – මට ලංවෙවා

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි

 

 

Download the Official Audio from Here!!

මිණී කිංකිණි හඬ | Mini Kinkini Handa Parada by Vijaya Kumarathunga (Cover by Bimal Jayakody)

මිණි කිංකිණි හඩ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කදුවැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ
සුදු මැණිකේ

මිණි කිංකිණි හඩ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කදුවැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ
සුදු මැණිකේ

පාළුවේ පාවී
හපුතලේ කන්දේ
කුර හඩ නැගුනේ
මේ දිගු ගමනේ
තව දුර වැඩිවේ
ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මානේ
මේ දුර නෑහේ

මිණි කිංකිණි හඩ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කදුවැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ
සුදු මැණිකේ

සීපදේ රාවේ
සියොලග සසලේ
ඔබෙ සිත සැගවේ
දාහය උතුරා
උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
නෑ හිරු පායන්නේ
නෑ මට ආයේ

මිණි කිංකිණි හඩ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කදුවැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ
සුදු මැණිකේ

 

 

Download the Official Audio from Here!!

ඳඟකාර ඔය දෑස | Dangakara Oya Dasa by Sanath Nandasiri (Cover by Bimal Jayakody)

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

උදයේ හවා අප හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ ..
උදයේ හවා අප හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ ..
දෙකොපුල් විලේ හසරැල් පිපි
සතුටින් ම කල් යාවුනා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුවා හදේහි සෙනේ..
සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුවා හදේහි සෙනේ ..
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

 

Download the Official Audio from Here!!

 

අවන් හලේ සුසුම් හෙලා | Awan Hale Susum Hela by Raj Senewiratne (Cover by Bimal Jayakody)

අවන්හලේ සූසුම් හෙලා
තැවෙන්නෙපා සිනාසෙන්න මා හා
තරු රෑන ඈත පායනා සේ නොනිදා
නිසංසලේ ගයන්නකෝ
නිරන්තරේ රගන්නකෝ මා හා
සිත සෝක ඈත යන්න පාවෙලා

බිදුණු පෙමට ඇයි හඩන්නේ
කිම කදුලට දිනුම දෙන්නෙ හා හා
මින් දහසින් මුහුදෙ ඉන්න
ඉන් තවකෙක් දිනාගන්න හා හා
නෑ තනිවී අපි නෑ තනිවී
ආදරේම දේවි වේදනා

අවන්හලේ සූසුම් හෙලා
තැවෙන්නෙපා සිනාසෙන්න මා හා
තරු රෑන ඈත පායනා සේ නොනිදා
නිසංසලේ ගයන්නකෝ
නිරන්තරේ රගන්නකෝ මා හා
සිත සෝක ඈත යන්න පාවෙලා

හෙට දවසක් ගැන හිතන්න
අද මොහොතක් සිනා සෙන්න හා හා
දුක දොම්නස දුරහරින්න
පෙම් සිතිවිලි කවි ලියන්න හා හා
නෑ තනිවී අපි නෑ
ආදරේම දේවි වේදනා

අවන්හලේ සූසුම් හෙලා
තැවෙන්නෙපා සිනාසෙන්න මා හා
තරු රෑන ඈත පායනා සේ නොනිදා
නිසංසලේ ගයන්නකෝ
නිරන්තරේ රගන්නකෝ මා හා
සිත සෝක ඈත යන්න පාවෙලා

 

Download the Official Audio from Here!!