දෑසෙ ආදරේ | Dase Adare by Ruwan Hettiarachchi

දෑසෙ ආදරේ තියේවී
හාදු වැස්සෙ මා තෙමේවී
ගීතයක් ගැයේවි නුඹ නිසා

පාළු ජීවිතේ මැකේවී
හදවතේම නුඹ රැඳේවී
හීනයක් නොවේවි පෙම් කතා

මාගේ ආලේ
සීමා නෑ නේ
තාලේ මා නලවනා
හීනේ වාගේ
සේලේ පාවේ
ආශා වේ සැතපෙනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

සවන් පිරේ කියන් සදේ
මමයි ඔයාගේ
නුඹෙයි මගෙයි කතන්දරේ
හෙටින් උදාවේ

පවන් රොදේ වෙලෙන් ඇඟේ
දෙතොල් විමානේ
සැරින් සැරේ හැගුම් පිරේ
යහන් තලාවේ

හරි ආදරෙන් ගෙනා සෙනෙහසේ කාරනා
පිලිගන්නවාද මමයි ඔයාගේ

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

දෑසෙ ආදරේ තියේවී
හාදු වැස්සෙ මා තෙමේවී
ගීතයක් ගැයේවි නුඹ නිසා

පාළු ජීවිතේ මැකේවී
හදවතේම නුඹ රැඳේවී
හීනයක් නොවේවි පෙම් කතා

මාගේ ආලේ
සීමා නෑ නේ
තාලේ මා නලවනා
හීනේ වාගේ
සේලේ පාවේ
ආශා වේ සැතපෙනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

written by Sajith Akmeemana

මතකද හැන්දෑවේ | Mathakada Handawe by Raini Charuka

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සායම්කාරී | Sayamkari by Ruwan Hettiarachchi [2022]

සුදු කම්මුලක් මා වත මැද වද්දලා
රත් පැහැ කෙරූ දෙතොලක් මට ලංවුණා
නිල් පැහැ මැවූ මනමෝහණ නෙතු සලා
මං ආදරෙයි කිව්වද මට ඔබ එදා
සයම්කාරී ඔබ වෙනවද භාරි
මං ඉන්නම් ඔබ ගැන බල බලා
සීලෙන් පේවී මා ඉන්නම් භාරි
බහ ඇත්තටම දෙයිදෝ ඔයා

ලං කරන් සිපගන්න මං ආසයි ඔය කම්මුල
මට ලංවෙන්න ඉඩදෙනවද
රොන් අරන් අරන් විදගන්න මං ආසයි ඔය තොල් අග
මට ලංවෙන්න ඉඩදෙනවද

මා නවතින්නම් ඔබගේ ….තුරුලේ හැංගි පහසේ
නෙත පැටලෙන හැම හීනෙ ….ඔබගේ රුවමයි පෙනුනේ

සයම්කාරී ඔබ වෙනවද භාරි
මං ඉන්නම් ඔබ ගැන බල බලා
සීලෙන් පේවී මා ඉන්නම් භාරි
බහ ඇත්තටම දෙයිදෝ ඔයා

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

රැවටුන තරම් | Rawatunu Tharam by Ruwan Hettiarachchi

රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා

හැමදාම ඔබ මාගෙ පවසා
කඳුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා
මගේ පණ ඈත යනු දැකලා

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා

හිත කීරි ගැහිලාම රිදුණා
ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා
මතක් වෙන වාරයක් පාසා

වැරදි කරලා….
රැවටුන තරම් ඔබ හින්ද මං
වැරදි කරලා…..

දේවතාවී | Dewathawi by Ruwan Hettiarachchi [2021]

තනිකමෙන් ගෙවුනූ
මගේ ලෝකෙට
අහම්බෙන් හමුවුනු
දේවතාවී නුඹ

බැහැ අමතක කරන්න
කවමදාවත් මට
ආදරෙයි දිවි ඇති පුරා
ඔබයි පණ

සංසාරයේ පුරා
පෙරුමන් පිරුවදෝ අපි
ආදරෙන් ලංවෙලා
ඉමු හැමදාකදී

සංසාරයේ පුරා
පෙරුමන් පිරුවදෝ අපි
ආදරෙන් ලංවෙලා
ඉමු හැමදාකදී

ගැහෙනා හුස්මක පවා
පතන්නේ නුඹවයි මම
රකින්නම් පණ සේ
සදවතිය මාගේමයි නුඹ

දේදුන්නක පාට වාගේ
ඔබේ ආදරේ
සිත් අහසම එළිය කලේ
සිනාවයි නුඹේ

දේදුන්නක පාට වාගේ
ඔබේ ආදරේ
සිත් අහසම එළිය කලේ
සිනාවයි නුඹේ

මියැදුනත් මේ ලොවින්
කවදාක හරි අපි
ඉතිහාසෙට ලියවෙයි
පෙම් පුරාවත අපේ

තනිකමෙන් ගෙවුනූ
මගේ ලෝකෙට
අහම්බෙන් හමුවුනු
දේවතාවී නුඹ

බැහැ අමතක කරන්න
කවමදාවත් මට
ආදරෙයි දිවි ඇති පුරා
ඔබයි පණ

තනිකමෙන් ගෙවුනූ
මගේ ලෝකෙට
අහම්බෙන් හමුවුනු
දේවතාවී නුඹ

බැහැ අමතක කරන්න
කවමදාවත් මට
ආදරෙයි දිවි ඇති පුරා
ඔබයි පණ

හිතේ ලිව්ව ආදරේ | Hithe Liuwa Adare by Ruwan Hettiarachchi ft. Sherami Perera [2020]

හිතේ ලිව්ව ආදරේ දෝ
සොයා ඇවිත් බැදුනා දෝ
හුස්ම තරම් ඔබටයි ආදරේ

හිතේ ලිව්ව ආදරේ දෝ
සොයා ඇවිත් බැදුනා දෝ
හුස්ම තරම් ඔබටයි ආදරේ

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා

බින්දක් ඉසුරු නොතිබී
කන්දක් දුකම වෙලුනි
ඔබ යන්න ගියෙ නෑ වෙන්වී

ගින්නක් තිබුනි ඇවිලී
නින්දක් නැතිව දැවුනී
අවසානයේ ඔබ මට ලැබුනී

ඔයා දන්නවා
මං ඉන්නවා
මේ හුස්ම යනකන්
මං ඉන්නවා

මා බැදෙනවා
මා විදිනවා
ඔයත් එක්ක හැමදා ඉන්නවා

මිතුරන් වෙනස බැදුනී
දෙනුවක් විගස ගැටුනී
අවසානයේ ආදරේ හිතුනි

මනරම් සිහින දුටිමි
දිරියෙන් ඇගිලි පැටලී
ප්‍රේමය අරුතයි මගේ ලදුනී

ඔයා දන්නවා
මං ඉන්නවා
මේ හුස්ම යනකන්
මං ඉන්නවා

මා බැදෙනවා
මා විදිනවා
ඔයත් එක්ක හැමදා ඉන්නවා

හිතේ ලිව්ව ආදරේ දෝ
සොයා ඇවිත් බැදුනා දෝ
හුස්ම තරම් ඔබටයි ආදරේ

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා
දුරක් යන්න ආසයි ඉගිලිලා
දුරක් යන්න ආසයි ඉගිලිලා

Seetha Maruthe / සීත මාරුතේ – Ruwan Hettiarachchi

සීත මාරුතේ..
වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ
මතකය හීනයක් වගේ…
ඈත මීදුමේ.. .
දිදුලන පුන් සඳක් වගේ..
එළියයි ඒ හැඟුම් හිතේ
ඔබමයි ජීවිතේ මගේ…

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා..
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා..
දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා..
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා..
ජීවිතයේ.. සතුටයි..මා.. දුටුවේ…
සාගරයේ… ගැඹුරයි… මේ හැඟුමේ….

සීත මාරුතේ..
වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ
මතකය හීනයක් වගේ…
ඈත මීදුමේ.. .
දිදුලන පුන් සඳක් වගේ..
එළියයි ඒ හැඟුම් හිතේ
ඔබමයි ජීවිතේ මගේ…

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා…
රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා…
යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා…
රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා…
ආදරයේ.. මිහිරෙන්.. මා.. නිවුණේ…
ඒ ඇසුරේ.. අලුතින්.. මා.. ඉපිදේ…

සීත මාරුතේ..
වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ
මතකය හීනයක් වගේ…
ඈත මීදුමේ.. .
දිදුලන පුන් සඳක් වගේ..
එළියයි ඒ හැඟුම් හිතේ
ඔබමයි ජීවිතේ මගේ…
ඔබමයි ජීවිතේ මගේ…

Official Music Video:

Suranganawee Mage / සුරංගනාවී මගේ – Ruwan Hettiarachchi

සුරංගනාවී මගේ…
හදක් වගේ පායලා…
හිතේ තියන ආදරේ…
ඇස් දෙකේම ලියවිලා…

සුරංගනාවී මගේ…
හදක් වගේ පායලා…
හිතේ තියන ආදරේ…
ඇස් දෙකේම ලියවිලා…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

සිනාසෙන්න ආදරෙන්…
ඉහේ මල් පිපේ.. මගේ…
හිතින් වින්ද වේදනා…
කොහේදෝ.. ගියේ… ලදේ…

සිනාසෙන්න ආදරෙන්…
ඉහේ මල් පිපේ.. මගේ…
හිතින් වින්ද වේදනා…
කොහේදෝ.. ගියේ…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

රෑ ගොම්මනේ…
ගුලිවෙලා… තනිවෙමින්…
මේ.. ආදරේ… විදගමූ…
සුන්දරි…

මගේ පුංචි පැල්පතේ…
පහනමයි ඔයා සදේ…
නිවී යන්න දෙන්නේ නෑ…
දිව්රමී සදා ප්‍රියේ…

මගේ පුංචි පැල්පතේ…
පහනමයි ඔයා සදේ…
නිවී යන්න දෙන්නේ නෑ…
දිව්රමී සදා…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

රෑ ගොම්මනේ…
ගුලිවෙලා… තනිවෙමින්…
මේ.. ආදරේ… විදගමූ…
සුන්දරි…

සුරංගනාවී මගේ…
හදක් වගේ පායලා…
හිතේ තියන ආදරේ…
ඇස් දෙකේම ලියවිලා…

සුරංගනාවී මගේ…
හදක් වගේ පායලා…
හිතේ තියන ආදරේ…
ඇස් දෙකේම ලියවිලා…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

Nodaka Inna Ba / නොදැක ඉන්න බෑ – Ruwan Hettiarachchi

නොදැක ඉන්න බෑ
මට නම්
මගේ ආදරී…
නොලැබ ඉන්න බෑ
තව නම්
ඔබේ ආදරේ…
නොසිත ඉන්න බෑ…
මට නම්
කිසිදා ලදේ…
නොවිද ඉන්න බෑ…
ඔබෙ ආදරේ…

නොදැක ඉන්න බෑ
මට නම්
මගේ ආදරී…

පැහැදුල් කතා…
මතකේ වෙලා…
දෙනුවන් තෙමා…
පියමං කලා…
පෙර පෑ සිනා…
පාවී ගියා…
මා හැර දමා…
සිහිවේනව…
ඔබ කී කතා…
මුලු රෑ පුරා……

මතකේ දරා…
හිදිමී සදා…
මතකේ දරා…
හිදිමී සදා…

මිහිදුම් වලා…
සලුවෙන් වෙලා…
පැතුමන් දරා…
රකිමී සදා…

පෙර පෑ සිනා…
පූජා කලා…
අදුරේ තියා..
සගවා දමා…
මේ වේදනා…
යලි එනතුරා…..

දිවියේ පුරා…
හිදිමී බලා…
දිවියේ පුරා…
හිදිමී බලා…

නොදැක ඉන්න බෑ
මට නම්
මගේ ආදරී…
නොලැබ ඉන්න බෑ
තව නම්
ඔබේ ආදරේ…
නොසිත ඉන්න බෑ…
මට නම්
කිසිදා ලදේ…
නොවිද ඉන්න බෑ…
ඔබෙ ආ..දරේ…
නොවිද ඉන්න බෑ…
ඔබෙ ආ..දරේ…

Official Music Video:

 

Amathumak Obagen / ඇමතුමක් ඔබගෙන් – Ruwan Hettiarachchi

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා…
මග බලා හිටියත් තව නෑ ලැබිලා…
මාව දමා ගිය දා ඉදලා…

තාම ඔබේ මතකේ හැරදා..
යන්න තරම් හිත නෑ හැදිලා…

අද ඊයේ වගේ…
සෙනෙහේ මට ඔබේ…
රැදිලා… තියේ… හදවතේ…
මැරුනත් එකවලේ…
හිදිමුයි කීවේ…
මට ඇයි පෙරදා…
මුවින් ඔබගේ…

තාම ඔබේ මතකේ හැරදා..
යන්න තරම් හිත නෑ හැදිලා…

තරහක් නෑ මගේ…
කිසිදා හදවතේ…
මම දිවුරන්නම් ඔබ කෙරේ…
සතුටින් නැතිනම්…
ලොවේ ඔබගේ…
සතුටත් එයමයි
මගේ… දිවියේ…

තාම ඔබේ මතකේ හැරදා..
යන්න තරම් හිත නෑ හැදිලා…

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා…
මග බලා හිටියත් තව නෑ ලැබිලා…
මාව දමා ගිය දා ඉදලා…

තාම ඔබේ මතකේ හැරදා..
යන්න තරම් හිත නෑ හැදිලා…