මන්දාකිනි | Mandakini by Hiruni Prabha x Miran Archana [2022]

මා දුටුවා
නිවි නිවි දිලෙනා
එක තරුවක්
අවපස අහසේ
මා හඬනා බව දැකලා තනිවී
අඳුරේ
පෘථිවි තලේ

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

වළාකුළු වියන් තනා අපට සුභ පතා
තුෂාර බිදු වලා අතුළ නිම්නයන් දිගේ
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
අනන්තය දිහා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

මදු පෙරා ස්වප්න ගී කනට කොඳුරලා
සීත මීදුමෙන් වෙලා මගත පුබුදුවා
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
සිහින ලොව පුරා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

written by Sudesh Jayantha Fernando

දැනුනා මා | Danuna Ma by Bhashi Devanga ft. Miran Archana [2021]

නුඹේ පෙම් අහින්සක හිනා
දැහැනේ හද මැවෙනා
ඇගේ පෙම් අහින්සක සිනහා
මුමුනා
රහස් මුමුනා
ඇගේ පෙම් අහින්සක සිනහා
දැනුනා
හිතට දැනුනා
දැනුනා මා ආදරියේ
මා ආදරියේ

නුඹේ දෙනුවන් අතර හැංගී
ස්රුංගාරී ස්රුංගාරී
ඔව් අද මාසේ මුව හා
දෙනුවන් හිනැහී ස්රුංගාරී

දෙනුවන් ඈ හා දිලිසෙනා ඒ
කාගේදෝ කියලා
මා හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගේ හිත නැවතී තනිවී
මගේ හිත නැවතී තනිවී ලා

මගෙ හිත පාවී නිතරම
රහසේ ඉන්නම් ආලේ හිත හොයලා
දෙසවන් නෑසේ තනියම රහසින් ඇවිදින්
ආයේ කතා කලා

දැන් දැන් ඈ ලග හීන මත් වුනා
සන්සුන් නෙත් දැන් ඈව සොයනවද
ලංවී සෙනෙහෙන් ඉන්න හිතෙන්නයි
මා කල් ගෙවනා
ආදරියේ
ආදරියේ
නුඹේ දෙනුවන් අතර හැංගී
ස්රුංගාරී ස්රුංගාරී

ඔව් අද නෑසේ මා හා දෙනුවන් හිනැහී
ස්රුංගාරී
දැනුනා
දෙනුවන් ඈ හා දිලිසෙනා ඒ
කාගේදෝ කියලා
මා හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගේ හිත නැවතී තනිවී
මගේ හිත නැවතී තනිවී ලා

දෙනුවන් ඈ හා දිලිසෙනා ඒ
කාගේදෝ කියලා
මා හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගේ හිත නැවතී තනිවී
මගේ හිත නැවතී තනිවී ලා

මං ආදරෙයි | Man Adarei by Miran Archana [2020]

සිතින් මා
හදුනන්නේ
ලොවම දුටු දා සිට මා
සොයායන්නේ
දෙනුවන් ඔබේ
අහසක් වගේ
මතකේ තිබේ
උණුහුම හදේ

මාගේ
ජීවිතයේ
සාගරේ
මං ආදරෙයි

නෙතින් සෙව්වා
තුරුලේ වෙලුනා ඔබ හා
දෑත අල්ලා
පාද තැබුවා ඔබ හා
සිහිනයක් සේ
දිවිය වැඩුනා ඔබ හා
මිහිර ඉතිරූ
දෙහද බැදුනා ඔබ හා

මාගේ
ජීවිතයේ
සාගරේ
මං ආදරෙයි

වීණා | Veena by Miran Archana ft. Yuki [2020]

මී මතේ දකිනා
හීනයක් නූන
රෑ සඳේ සයනේ මවා

පෙළුවාද වීණා සඟවා
ඒ ස්වර සේ මා මියැදේ…

දෙතොලේ වෙළුණේ ආදරේ
තුරුළේ වැයුනේ ඒ ස්වරේ
උරගා බැලුවේ ආදරේ නුඹගේ
රතු ලේ පැතුවේ නෑ ළඳේ…

මා තනියම රෑ කලුවර නෑ
මා අභියස නෑ මල්පෙති නෑ තැලුණූ

පෙළුවාද වීණා සඟවා
ඒ ස්වර සේ මා මියැදේ…

වින්දනී | Vindani by Miran Archana ft. Dilum Thejana [2019]

ඇස් නිසා..
අයාලේ ගියාදෝ ජිවිතේ
හැන්දෑවේ…

සිත් නිවා..
සිටිද්දී ඔයා සංසාරේ
දුටු නිසා…

දැහනක් බිඳ වැටුනා
හදවත කිති කැවුනා
යලි මා පෙම් කෙරුවා
වින්දනී…

අහසත් රළු වුවා
වැස්සත් එයි සිතුනා
සෙවනක් මා සෙව්වා
වින්දනී…

වසත් කාලේ
නුහුරු හැඟුමක් දැනුනා
කාරනා මා සොයනවා
දැනුන ආලේ
ප්‍රශ්න දහසක් මැව්වා
නෑ නිමාවක් මේ ගමනේ

හැලෙනා වැස්ස රහසක් මවා
මේ භාවෙදී දුටු ඔයා
නොදැන මා ද පෙම් කෙරුවා
ආදරේදී වැරදෙනා…

ඇස් නිසා..
අයාලේ ගියාදෝ ජිවිතේ
හැන්දෑවේ…