සුමිතුරේ | Sumithure by Kokila Pawan Jayasooriya [2022]

මුතු ඇටයක් අමුතු නැතේ
වැලි කැටයක් වටින බිමේ
මුතු ඇටයක් අමුතු නැතේ
වැලි කැටයක් වටින බිමේ

ඉවසන අපි විදින දුක් දරා
නොදකින අත් වදින හිස තියා
ඉවසන අපි විදින දුක් දරා
නොදකින අත් වදින හිස තියා

තිස්තුන් කෝටියක් දෙවියනේ
ඇස්කන් වික්කාද ණය බරේ
නැත්නම් වැඩියාද වෙන කොහේ
ඉන්නයි ආස අපි අපෙ රටේ

හේතු නැති
ශෝක ගිනි
හංගන් ඉදලාම පපුතුරේ

මාරුවෙවී ජාති බෙදී
සෙල්ලං කෙරුවාට සනුහරේ

සාප දිදී බීත වෙවී
සල්ලං වෙනවාද සුමිතුරේ
දෑත බැදී පේලි ගැසී
දංවැල් බිද දාමු පරපුරේ
නැත්තං හැමදාම කලුවරේ

රහසින් | Rahasin by Kokila Pawan Jayasooriya [2021]

මේ සයුර සුවිසල්
නිල් රලක සිතුවම්
මවන් මතක බිදු රහසින්

හද දැවී ගන අදුරේ
මා නිවාලනු ඔබේ සුවදින්

රල ගලා වෙරලට එන
දිය කදට නොහැකිද එය
බල බලා ඇවිදින් සෙමින්
ඔබ යන්නේ ඇයි විගසින්

මේ සයුර සුවිසල්
නිල් රලක සිතුවම්
මවන් මතක බිදු රහසින්

හද දැවී ගන අදුරේ
මා නිවාලනු ඔබේ සුවදින්

මා දමා මග හවසක
සිත තැලූ රලු වදනක
ඈ ගියා සරදම් ලෙසින්
මං වෙරල මැද තනියෙන්

මේ සයුර සුවිසල්
නිල් රලක සිතුවම්
මවන් මතක බිදු රහසින්

හද දැවී ගන අදුරේ
මා නිවාලනු ඔබේ සුවදින්