හැඩකාරි | Hadakari by Lavan Abhishek & Kamani Lasanthika

හැන්දෑවේ හිරිපොද වැස්සෙන්
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරනේ

ලන්තෑරුම් එලියෙන් නිවෙනා
අදුරෙන් මැවුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාරුවේ

හැන්දෑවේ හිරිපොද වැස්සෙන්
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරනේ

ලන්තෑරුම් එලියෙන් නිවෙනා
අදුරෙන් මැවුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාරුවේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැනකෙලියේ
ගුලි වෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

හැමදේම මගේ ලෝකේ
ඔය නමට ලිව්වේ
දැනුනාද නැහැ දන්නේ
ඔබ මාගේ ප්‍රානේ

හුරතල්ම දග මල්ල
කීකරුව හැදුනේ
ලද බොලද නැහැ කැකුල
රූ සුවද ඉතිරේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැනකෙලියේ
ගුලි වෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

මනමාල ඔය දෑස දැක ගන්න ආයේ
කවදාද හමුවන්නේ මුදු හාදු ඕනේ
හැමදාම ලග ඉන්න ආසයි හෙට දවසේ
එක වහල යට හීන එලිවෙන්න ඕනේ

හැන්දෑවේ හිරිපොද වැස්සෙන්
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරනේ

ලන්තෑරුම් එලියෙන් නිවෙනා
අදුරෙන් මැවුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාරුවේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැනකෙලියේ
ගුලි වෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

හමුවුනා | Hamuwuna by Lavan Abhishek & Kamani Lasantika | Sangeethe Teledrama Song [2019]

හමුවුනා පුරුදු සුවදක් නුරා
සිහිනෙන් කී රහසේ..
හැගුමන් පෑ දෑසේ..

නැවතුනා ගැහෙන හදවත පුරා
දෑළේ නෙතු දෑළේ..
රහසින් කී ආලේ..

ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සදලුතලයේ…

මං ගැන හොයනා
කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ…

මම ඉදහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ…

තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ…

බිදුණු හදවත් එකතු වෙන කාලේ…
ගයමු දවසක ජිවිතේ තාලේ…

තරු ඇසිපිය නොපියා..
මගෙ තුරුලට වීලා..
හිතේ ආදරේ ගී
රහසින් මුමුණනවා…

සද මඩලට එබිලා..
සුසුමක සුව තවරා..
මගේ ජිවිතේ රහසේ
මල්පෙති අතුරනවා…

ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සදලුතලයේ…

මං ගැන හොයනා
කුමරෙක් උන්නා
දෝ මදුමල් කැලයේ…

මම ඉදහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ…

තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ…

බිදුණු හදවත් එකතු වෙන කාලේ…
ගයමු දවසක ජිවිතේ තාලේ…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here