ගමේ එවුන් | Game Ewun by Hashan Handapangoda [2021]

පාළු මකා
පැදුරේ රටා දමා
ඔය ගහක් යටින් එලාගමු සුදා

වැඩි සීනි දමා
තේකක් ගමුකෝ හදා
මේ සීතෙට මං මනාපයි නගා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

ගමත් එකයි
රටත් එකයි
ඕනෙතැනක් අපට එකයි
නෑ සීමා දාලා

උඹත් එක්ක පවුල් වෙන්න
පවුල් වෙලා හොදින් ඉන්නවා
දිවුරා කිව්වා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

ගහක් වැලක් වවං ඉන්න
රටට බරක් නොවී ඉන්නවා
මා නම් ඉන්නවා

හෙමින් හෙමින් එකතු කරලා
ලමයි හතක් හදමු කියල කියලා බැලුවා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

පාළු මකා
පැදුරේ රටා දමා
ඔය ගහක් යටින් එලාගමු සුදා

වැඩි සීනි දමා
තේකක් ගමුකෝ හදා
මේ සීතෙට මං මනාපයි නගා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා