හරි ආදරයෙන් | Hari Adarayen by Lakshman Hewawitharana

හරි ආදරයෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනාවෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගේම මට ඉන්න

හරි ආදරයෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනාවෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගේම මට ඉන්න

නුඹ නිතර සිඹින මේ ඉහ මතට

ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඬෙන මේ ඇස් දෙකට
ආදරේ කිවේ ඇත්තට නොවේද

හරි ආදරයෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනාවෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගේම මට ඉන්න

දෙවිවරුන් පවා මියැදෙන බණට
මට පුදුමත් නෑ මගෙ මේ කඳුල
නුඹ සුළඟ ඉතින් මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න

හරි ආදරයෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනාවෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගේම මට ඉන්න
හරි ආදරයෙන් මා ළඟ ඉන්න

මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනාවෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගේම මට ඉන්න

මං අහන්නෙනම් නෑ | Man Ahannenam Na by Lakshman Hewawitharana

මං අහන්නෙනම් නෑ රත්තරනේ
දුක දරාගත්තේ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා

මං අහන්නෙනම් නෑ රත්තරනේ
දුක දරාගත්තේ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා
මං අහන්නෙනම් නෑ රත්තරනේ

හිස තියාන මා ළය මඩළ පුරා
උණු කඳුළුවලින් නම් තෙමන්න එපා
මගෙ ලයේ කඳුළු ඇහැරෙන හින්දා
දැන් හිනාවෙන්න මා දිහා බලා
දැන් හිනාවෙන්න මා දිහා බලා

මං අහන්නෙනම් නෑ රත්තරනේ
දුක දරාගත්තේ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා
මං අහන්නෙනම් නෑ රත්තරනේ

එක කඳුළක සීතල වුණත් එදා
අපි දෙකට බෙදාගෙන විඳ ගත්තා
ඒ සීතල යළි නුඹ ළඟ තියලා
රත්තරනේ මං යන්නෑ කිසිදා
රත්තරනේ මං යන්නෑ කිසිදා

මං අහන්නෙනම් නෑ රත්තරනේ
දුක දරාගත්තේ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා
මං අහන්නෙනම් නෑ රත්තරනේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here