මුතු මුතු නාදේ | Muthu Muthu Naade by Nuwandhika Senarathne

මුතු මුතු නාදේ ආසිරි දේ
කැකුලකි හීනේ ආසිරි වේ

මුතු මුතු නාදේ ආසිරි දේ
කැකුලකි හීනේ ආසිරි වේ

මුතු ඉහිරූ මාල පොටට හීන සලුව පලදා
ඈ පබලු මලයි ඈ මියුරු වතයි
සද පරදා තාල නගන පාද සලඹ සොලවා
ඈ සිහින විලයි ඈ සොදුරු තමයි
නොයිදුල් හිත සිතන තරම හදුනා ගත් දා
සාගරයද ආදරයම දේ

හිතන්න

නාඹර ඇස් පාට හොයන
දෙකපුල් රත් පාට වැටුන
පාන සිනා පේන කතා
රසවත් වෙයි බලා ඉන්න

මුතු මුතු නාදේ ආසිරි දේ
කැකුලකි හීනේ ආසිරි වේ

තටු සලලා අහසට ඇවිත් යන්න
සුව දැනෙනා ලෝකය දිනාගන්න
මතුරා සිත් ස්වරය දසත හඩ ගා කියනා
සාගරයද ආදරයම දේ..

හිතන්න

නාඹර ඇස් පාට හොයන
දෙකපුල් රත් පාට වැටුන
පාන සිනා පේන කතා
රසවත් වෙයි බලා ඉන්න

written by Kusala Vidanapathirana

ආදර වසන්තයට | Adara Wasanthayata by Raveen x Kalpana

බද නලවාලා නාලා සිනා දියේ
කලබල වීලා හැරිලා ඇගේ හැපේ //
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානේ..
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානෙ දේවී

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

ආ තේරුනා
පුංචි නැහැනෙ මිරිස් කරල
දුම් දමනවා
ඈත පෙනෙනවා

හා බේරුනා
හිතා ඉන්නෙ එහෙම නේද
බස් දුවනවා
ඈත පෙනෙනවා

හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවා…නේ
හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවානෙ ආයෙ

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

written by Kusala Vidanapathirana

හිතේ බැන්ද ආලේ | Hithe Banda Ale by Ravi Royster [2023]

පැටලී යයි දුර අහසේ
මන බැන්ද ගීයේ කාරනා
කැළඹී යයි හිත ආයේ
නවතන්න වේවී කල්පනා

සන්සුන් හිතින්
එක හුස්මකින්
නුඹ පෑව හීනේ සගවා මා දුර ගියා
නොවෙනස් කතා
දෙහිතක් වසා මා

නවතින්න ආසයි තේරුනා
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ

නුරා හීන ගාවා
සදේ දෑස පේනා
ටිකක් ලගට එන්නම් පේවිලා
ලගින් හුස්ම ඇහෙනා
දෙතොල් සලු දිලෙන්නා
සදේ කැල්ම පාරයි මා වෙලා
උණුහුමේ රස කතා
අමතන්න තහනම් කල්පනා

හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ

written by Kusala Vidanapathirana

සිත්තරා | Siththara by Falon Andrea from Podu Teledrama [2022]

කාගෙදෝ කව්රු කාටදෝ අයිති
මා ආශා
සිත්තරා දෑස මානෙමයි
දෑත පාවීදෝ

කාගෙදෝ කව්රු කාටදෝ අයිති
මා ආශා
සිත්තරා දෑස මානෙමයි
දෑත පාවීදෝ

වියලි කතරේ සැරිසරා
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා

නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා
නුබෙ බැල්මෙන් මා දැවේ සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා

නොසන්සුන් දෑස බලන්
ඉන්නද හොරෙන් මමත්
උකුසු අත් යට සීරුවෙන්
නොවී කතා නොවේ සිනා
පාලු හිතෙනා දිගන්තයේ
රෝස යහනේ විමානයේ
කෞමදියක දසන්තයේ
තුරුල් වෙලා දැහැන් සරා

වියලි කතරේ සැරිසරා
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා

නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා

written by Kusala Vidanapathirana