දිනෙක අපිටත් | Dineka Apitath Waradila Athi by Suneera Sumanga

දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ!

තනි වීම වුව ප්‍රේමය ම බව
යළි යළිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬ ව බිම බලා ගමි!!

අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනා වෙමි
තවත් රිදවිලි මොටද, එබැවින්
මෙහෙම මෙතැන ම මග නතර වෙමි

written by Panindu Widane

suneera sumanga,#suneerasumanga,sunira sumanga,suneera sumanga songs,suneera songs,suneera,#suneeranewsong,#suneera,nelagenumata,#suneeradreamstar,aradhana,santhana susum dawata,sunira,derana,sinhala songs,mind relaxing,amaradewa song,santhana susum,#dinekaapitath,tv derana,sinhala old songs,#obamaavidinpbama,mind relaxing song,clasic songs,mind relaxing songs,manthama waru,clasical songs,#dinakaapitath,classical songs,amaradewa,old songs,rap,#sacheetuned

නෙලා ගැනුමට | Nela Ganumata by Suneera Sumanga [2021]

නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය..

ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය
ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය..

නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..

ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය
පණ පිටින් මුළුසිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය..

නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය

මම ඔහොමයි | Mama Ohomai by Suneera Sumanga [2019]

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුනු හිස් අහසක
හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුනු හිස් අහසක
මා දුටු තනි තරුව නුඹයි
මගේ තරු සිහිනේ

ඉඳහිට තුරුළට ආවත්
දුර හිඳ පෙම් ගී කීවත්
ඉඳහිට තුරුළට ආවත්
දුර හිඳ පෙම් ගී කීවත්
මා නොගැයු ගීය නුඹයි
නුඹමයි ළඳුනේ

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සන්තාන සුසුම් | Santhana Susum by Suneera Sumanga ft. Thilina Ruhunage [2020]

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සගවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල්පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

වැදි රජුට කඩුව පවරා
වල ලගදී මනමේ හැඩුවා
ඒ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here