රෝස මල් කුමාරියේ | Rosa Mal Kumariye by Prageeth Perera [2021]

ව්කසිත චේතනාවක
ඔබ හා මා සැදෑවක
දොඩමලු වුන අතීතය

මගේ මතකේ තියාගෙන
කල් ගෙවනවා හැරෙන්නට
වෙන නෑ විසදුමක් අද

ගතවූ ඒ කාලේ අවිහින්සක
පෑයූ සද වාගෙයි පසලොස්වක

රෝස මල් කුමාරියේ
ඔබ මට මැවිලා පෙනෙන්නේ
මොන හේතුවටද නෑ වැටහෙන්නේ
හෝ…අපි වැරදි වෙලාවේ සමහර තීරණ ගත්තේ
ඒ හින්දයි හිත කරදර වෙන්නේ

නැගෙනා ගිනි දැල් මෙන්
මනසේ දැවෙනා මාගේ
වේදනාවට

ඔබ මකුණු දැලින් නවතාගෙන
මම මොනවා ඔබෙන් අරගන්නද

රෝස මල් කුමාරියේ
ඔබ මට මැවිලා පෙනෙන්නේ
මොන හේතුවටද නෑ වැටහෙන්නේ
හෝ…අපි වැරදි වෙලාවේ සමහර තීරණ ගත්තේ
ඒ හින්දයි හිත කරදර වෙන්නේ

නොදොඩා ඉන්නම් මම
ලොවටම හඩගා ඔබගේ රංගනේ ගැන
හිත මිතුරු සුලං වෙනදා ලෙස
ඔබ කොහෙද කියා අසනා විට

හිතේ ඉන්නේ ඔබමයි | Hithe Inne Obamai by Dimanka ft. Prageeth

හිත ආසම කතා කියා
සිනහාවට මුලා වෙලා
ඔය රූපෙට වශීවු කෙනෙක් මෙමා
තව බෑ ඔබ දුරින් තියා
ලග පාතින් ඉදින්න මා
මියනා තුරු පොරොන්දුවක් වීලා

හිතේ ඉන්නෙ ඔබමයි මගේ කියා
දුරක් යන්න බෑ මට ඔබෙන් එහා

ලෝකයෙ කොතැනක හිටියත්
දවසක යලි හමු වෙනකල්
පැතුමක් හිත පතාවි හිනැහීලා
අද දෙතැනක අපි හිටියත්
මතකය අමතක වෙනකල්
සතුටක් මට තියේවි මගෙවීලා

තේරුමක් ඇතී අපගේ මේ හමුවීම
සිහීනයක් වැනී කවදා හො හැබෑවෙන
කාලයක් ගෙවී මිතුරන් සේ ගැවසීම
ආදරෙන් බැදී ඉන්නා තුරු ඉවසීම

පාලුවක් නැති ජීවිතයක සැනසීම
ආ දුරක් අපී සතුටින් තැන තියාගෙන
ලෝකයෙන් මැකී යනදා විට මියැදීව
ඇස් පිහා ගමී පතලා මතු ඔබෙවීම

අනුරාවී | Anurawee by Prageeth Perera ft. Skay Jay [2021]

ඈ ශෘංගාරෙන් මත්වීලා
ස්වර්ග රසේද මවා ගෙනල්ලා
හැඟුම් පුරෝලා
රෑ තුන් යාමේ රඟදේවී
රාග කසාය මුවින් නොඉල්ලා
ඉඟිබිඟි පාලා
අවසානේ නොවෙයි මේ ඇරඹුමයි
මගේ පෙම් කතාවේ
ජීවත්වෙනතුරු මෙමා ඔබ නමින්
හුස්ම ගැහුනාවේ

ඈ ශෘංගාරෙන් මත්වීලා
ස්වර්ග රසේද මවා ගෙනල්ලා
හැඟුම් පුරෝලා
රෑ තුන් යාමේ රඟදේවී
රාග කසාය මුවින් නොඉල්ලා
ඉඟිබිඟි පාලා
අවසානේ නොවෙයි මේ ඇරඹුමයි
මගේ පෙම් කතාවේ
ජීවත්වෙනතුරු මෙමා ඔබ නමින්
හුස්ම ගැහුනාවේ

මේ විශල් නිශායමේ සුපෙම් නුරාගයේ
ඒ දෙතොල් පුරා මැවී සියුම් නුරා රසේ
මා හදේ කපාටයේ නැඟී රතී සුවේ
සාදරෙන් කතා උනේ සුසුම් අපේ ප්‍රේමා ගින්නේ
සුරම්‍ය තුසීත හැඟුම් ගෙනා අනුරාවී

රසේ මතු කරන ඇගේ ලතාවන්
මගේ මනස තුල ඇඳෙයි රටාවන්
මලේ සුවඳ මත වශී උනා මං
අපේ කතාවේ ඔයා විලාසිතාව
රඟදේවී දෙතොල් මැද තනිවේවී
මත්‍ රස නෙත් අග මං පැටලේවී
මත් උන සිතුවිලි දැන් ගලාව්ඒවී
කලඹාවී සිත මගෙ අනුරාවී

සායමින් වැසූ ඇගේ කොපුල් තටාකයේ
පීනමින් සරාගයේ ලැබූ සුමෝහනේ
ප්‍රේමනීය සෘතුවේ හැමූ සරාලියේ
මේ වසන්තයයි අපේ විඳින්න එක්වෙන්න ජීවිතේ
සුරම්‍ය තුසීත හැඟුම් ගෙනා අනුරාවී

ඈ ශෘංගාරෙන් මත්වීලා
ස්වර්ග රසේද මවා ගෙනල්ලා
හැඟුම් පුරෝලා
රෑ තුන් යාමේ රඟදේවී
රාග කසාය මුවින් නොඉල්ලා
ඉඟිබිඟි පාලා
අවසානේ නොවෙයි මේ ඇරඹුමයි
මගේ පෙම් කතාවේ
ජීවත්වෙනතුරු මෙමා ඔබ නමින්
හුස්ම ගැහුනාවේ

ඔබ ගැන මතකේ | Oba Gena Mathake by Prageeth Perera [2019]

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්…
ආයෙත් ඉපදෙන්නම්…

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්…
ආයෙත් ඉපදෙන්නම්…

හරි අහම්බෙන් වගේ හමුවුනේ
දඟ කරනා ඇස් දෙක මට ඔබේ
හිත වසඟ කලා පෙම් හීනයේ
හැඩකාරියේ…
හද නොසන්සුන් කලා රුව ඔබේ
හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ
සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ
හිමිකාරියේ…

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්…
ආයෙත් ඉපදෙන්නම්…