ගැට දොඩම් | Gata Dodam by Sanjula Himala ft. Kaizer Kaiz [2023]

කලු පාටට ඇඹරෙන කලු දොදොල්
රස කාලා බලා ඉදපං
දුර ඈතට දිලිසෙන රතු ඇපල්
ලග පාතට කුනු නේ බං
පසු පස්ස සලාගෙන
යන්න වනාගෙන
මෙහෙට හැරී බලපං

මට හීන මවාගෙන ඉන්න බෑ
කොන්ඩේ ගැටේ ලිහපං
ගැට දොඩම්
මෙහෙ වරෙන්

දිය රෙද්දට මතු වෙල
පොඩි බුබුල්
මගේ නින්ද කඩා දමපං

නිසි කාලෙට මත් වෙන පැනි දොඩං
රස කිමද කියා බලපං
මගේ හර්දේ පලාගෙන යන්න තරම් ලග
ඉන්න ඉඩක් දීපං
නුඹ දාලා කොහේවත් ‍යන්න බෑ
වත්ත වටේ මට නං

හදපානේ දෑසේ
ආශා වෑහේ
මදහාසේ ඈගේ මාහා පෑහේ
රෑ යාමේ නෙතු පියවෙන්නෙ නෑ
ඔබ වාගේ යලි හමුවන්නේ නෑ

ගැට දොඩම්…

මල් සරාගේ දුන්න කපා
විදින්න අදිද්දී මං ගැටුනා
මහ බබාගේ බයිසිකලේ බකල්
නලලේ කොටන්න ඒත් බිම ඇද වැටුනා

මල්සරුන් අද නෑ
ඇගේ නම් හිටියා වගේ කොල්ලෙක්
ගැට දොඩං කන්න හිතං
කෙල පෙරෙං රෑ
වැඩකට මං එන්නද අදත් ‍රෑ

මල් චීත්තේ කැහැපොට ගහගෙන
හාල් වනලා උඹ
මගේ හිත රවටපු හැටි
පද්දන පැද්දිල්ල මැද්දට
හාල් දැම්මා නම්
ඇබරිය හැකි ගෝනිය පිටින්

මඩක්කුවේ කවුපි බත නම්
හරි රහයි
ඔඩොක්කුවේ නිදියන්නේ
විනාඩි පහයි
නෑයෝ දැක්කොත් මට තඩිබායි
එහෙනම් කෙල්ලේ බායි
හෙටත් එනම් කන්න උඹේ

ගැට දොඩම්…

written by Shehan Galahitiyawa

sanjula himala new song,sanjula himala new songs,sanjula himala,sanjula new song,sinhala songs,sinhala new songs,srilankan songs,himala,rura gala,oshan liyanage,kaizer new song,kaizer kaiz new song,danunu adare,inawa e dase,danunu,hinawa_a_dase,rnb soul,srilankan music,sri lanka,gata dodam,oshan,kochchara dangaluwath,chameera j hettiarachchi,aye ma thaniweela,geta dodam,kaizer kaiz,adare,mewaare,me waare,chameera,me_waare,me_vaare,rnb,rura,me ware

කැටයම් | Katayam by Hana Shafa X Kaizer Kaiz [2023]

හිත ලග මායම් පාලා.. ( Hey )
ළංවී කැටයම් දාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

වත ලග රන්මුතු තියලා.. ( Hey )
මගෙ හිත අස්වද්දාලා.. ( Hey )
හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ

අපේ තණබිස්සේ වටේ හිත හිස්වේ දෙන්නටම විස්සේ
පපුව තව ගැස්සේ යමුද ගල්කිස්සේ තෙමෙමු අපි වැස්සේ
ඔයා මගෙ පස්සේ දැන් නම් මම පිස්සෙක් ( ආ.. )

හිත ලග මායම් දාලා.. ( Hey )
ළංවී කැටයම් පාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

නම ඇම්බැක්කද?
ඇහුවම එවන්න එපා ඔය හෑන්බෑග් එක
මගේ බැටරිය හොදටම ලෝව් නිසා මගේ චුට්ටෝ
වෙන්න බැරිද පව්‍රර් බෑන්ක් එක..

ඒ පැටලිලා හොදටම කේබලේ
ලිහා ගන්න බැරුවයි ඉන්නේ කළුවරේ
මගේ අවුල් තමයි පොඩ්ඩක් ඉතින් ඉතින්
මගේ වෙහිකලේ තමයි පුංචි ෆුට්සයිකලේ

පෝස්ට් මැලෝන් ඇහුවට කන්නේ පොලොස් මැල්ලුම්
කොස් තමයි පොශ් ගොං තැන හොදටම මොංගල්
කෙල්ලේ කවදාවත් කරලා නෑ කොන්
සිංහයා සිංහයමයි හැලුනත් ලොං..
Kaize…

මන් දාන කැටයම් දාන කැටයම් තේරුනාදෝ දැන්වත් ( ආ )
මන් දාන කැටයම් තේරුනාදෝ.. ( ආ.. )
පෙම් පාට කැටයම් පාට කැටයම් තේරුනාදෝ දැන්වත් ( ආ )
පෙම් පාට කැටයම් තේරුනාදෝ.. ( ආ.. )

හිත ලග මායම් දාලා.. ( Hey )
ළංවී කැටයම් පාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

වත ලග රන්මුතු තියලා.. ( Hey )
මගෙ හිත අස්වද්දාලා.. ( Hey )
හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ .. ( ආ.. )

written by Manuranga Wijesekara

රුං ගානා | Run Gana by Kochchi, Jizzy & Kaizer Kaiz [2022]

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳවාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

ඔය දෑසේ මා පැටලිලා
නිදි නෑ රෑ හීන ඉහිරිලා
හිත අස්සේ මා හිර වෙලා
ඔබේ සුසුම් ඉල්ලලා

ඉඟ නෙරියේ මත්වීලා
මධුවිත ගා රත්වීලා
හිත බැඳුනූ රූ නාරී
බැදේවී තුරුල්වෙලා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

හඳපානෙ මං යන්නේ මොකටැයි
හඳ ගාව මට සුර සැප නන් එමටයි
බොරුව චාටුව නම් මට අකැපයි
මට දෙන්නෙ කෝමද මම දෙන්නෙත් එහෙමයි

මට නම් පුරුදුයි කොච්චි සැර
පැණි රා හෙව්වෙ නෑ මං කොච්චි හැර
ලං වෙලා අනිත් උන් තොල් ලොංචි කර
වල් පැල හෙව්වෙ නෑ මල් පෝච්චි වල

ගහම මගෙ නම් මොටදැයි අත්තක්
මුලම දුන්නෙ නුබ මට හාද්දක්
ලඟට වරෙන් කියන්න බඩ්ඩක්
මම ආදරෙයි නුඹ ඉතිං පිලි නොගත්තත්

කෙල්ලො ඇති ඉතිං නානාප්‍රකාර
උඹ ලඟදි උන් ටික වෙයි විකාර
ඉඹපන් මාව ඕන නෑ විරාම
රුංගානා තාලෙ දීපන් රෑ පුරාම

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳවාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

written by Kalani Nadeesha & Kaizer Kaiz

යකඩ හීන | Yakada Heena by Sanjula Himala ft. Zany & Kaizer

හද ගැස්මක වාරේ
ගිනිගත්තුවා වාගේ
හදවත් හොරු පාරේ
වැදපන් විදපන් පියඹං හිමි කාලෙම

ගින්දරෙන් උපන්නේ
ඇවිලෙද්දී සීමාවක් නෑ කොහොමත් ම
ඇස්පිය ගහන වේගෙන් ගමන
සුන්දර නෑ හැම මොහොතක් ම
පාගල යද්දී පාරේ විදුලී වේගෙන්
මොන ලයිසන් ද
වේගය ක්‍රිස්ටල්
වන්ඩිය බ්‍රේකින් පෑඩ්
මම හයිසන්බර්ග්

නවත්තන්න බෑ ඉලක්කෙට ගානට හීය
තප්පර දෙකට රෝදේ කැරකෙන වාර ගාන 300
වීල් එක නතිං රේස් වතුර වාගේ
සීයට දාහක් සොමිය
කෑවට දන්නෙත් නෑ ඩෝ කිරි
පස්සේලු දන්නේ දැලි පිහිය

බලපු වාසනාව උරගා මම හීන නැති තුරගා
ගමන වගේ සුලි සුලගක්
දාවන වේගේ ඕනම දුරකත්
මන්තර නෑ මේවා මෙල්ල කරන ජාතියේ
මේ යකඩ හීන විශ්වයේ
මං අවසන් උපාධියේ

හිත ගැස්සෙන වේගේ
රලු වැලි ගුරු පාරේ
මේකයි ලේ ආරේ
රැක දේ පන සේ දෙවියන්ගේ නාමෙට

හද ගැස්මක වාරේ
ගිනිගත්තුවා වාගේ
හදවත් හොරු පාරේ
වැදපන් විදපන් පියඹං හිමි කාලෙම

අඩෝ කොල්ලෝ හෙමින් පලයන්
කේසර දැන් වගේ සැරෙන්
9න් පිටවුන උන්ඩය වාගේ
තාමත් එය භායානකයි

ඇත්ත තමයි මගේ රැප්
ටික හරි ලාමකයි
මාසෙන් ගිය දුර යන්න මට ගියේ දවසයි
කවුද බං හිමීට ගියේ ඇගේ තියන් රථ ගාය
ඉතින් මට දැන් ලත වෙන්න තියන් රැප් ගාය
ඒ පෙති වගේ දැන්නම් මටත් බිව්වා රැල්ලට
ප්‍රෙශර් වැඩි උනත් කමක් නෑ පාගපං ලෑල්ලට

එක පෝලිමේ උනත් හිටපං වගේ විල්සන්
තප්පරෙන් දින්නත් පැයෙන් දින්නත්
win is a win people
මගේ රැප් දුර දුවනවා වදන් ලීටරේට
බොරු කරන්න බෑ කොල්ලෝ
ප්‍රේක්ශක මීටරේට

මම පෙරමුනේ බං
ඉදහිට මගේ හිත
බොලා අල්ලන්නේ දවසෙන්
සතියක් මන් විඩා නිව්වා
හැමදාම කෙලින්
හැමදාම හොදටම බිව්වා
මගේ වේගේ අඩු වෙන්නෑ
මොකා මොනවා කිව්වත්

හිත ගැස්සේන වේගේ
රලු වැලි ගුරු පාරේ
මේකයි ලේ ආරේ
රැක දේ පන සේ දෙවියන්ගේ නාමෙට

හද ගැස්මක වාරේ
ගිනිගත්තුවා වාගේ
හදවත් හොරු පාරේ
වැදපන් විදපන් පියඹං හිමි කාලෙම

හිස් හිත | His Hitha by Krishni ft. Kaizer Kaiz [2022]

නිහඩව අසා සිටිනවා
හිත කියයි රස කතා
නුඹ ගැන තවම සිතනවා
පසුබසී දුක පවා

මතකය ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා
ආගිය පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

වරදට සමාව ඉල්ලා
හද මගේ වැලපුනා
අවනත නැතුව දුක ගියා
අපි හිතෙන් හිනැහුනා
මතකේ ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා

ආයෙත් පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

තිත්තම උන ජීවිතේ
රහට හැපුන මුද්දරස්පලම
පද්දන පැද්දිල්ලට කඩන් වැටෙයි කෙල්ලේ
හෙල්ලෙන පාලම

කැටයක් කඩපු දාට
පොඩි එකාට කඩ චෝරු
වගෙමයි දැක්කම නුඹ
මැවුනේ මට මගුල් පෝරු

වැදිලයි හිටියේ මට
වැහි නැතුවත් හෙනේ
ගැරඬිත් මට පිප්පුව උන්ට
නැතත් පුප්පන පෙනේ
දෙබලක් අහුවුනා මම නැග්ගත්
තනි කෙලින් පුවක් ගහේ
පස්සේ උබ ඇවිදින් මට දැක්කුවා
පතරංගම සෙනේහේ

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

Written by Manuranga Wijesekara & Kaizer Kaiz

අයාලේ | Ayale by Tehan Perera ft. Kaizer Kaiz [2022]

වරුවක් ඉවසන් මං උන්නා පාරේ
තරුවක් විසි වී එය රැදුනා අහසේ
කළුවක් වී අහසම එනවා වාගේ
කවුරුත් නැති ජීවිතේ සොදුරුයි වාගේ
හිත මගෙ හැදුනේ නෑ
හැදුනට පලකුත් නෑ
උබෙ ලඟ මගෙ හිත නෑ

නුඹ නැති ලොවක අයාලේ
තනියම සිනා සුනා වේ
නුබ මැව් කඳුළු වලාවේ
මේ හිත රිදුනේ නෑ
අඟහිග තිබුනු වෙලාවේ
ඇයි උබ ගියේ අයාලේ
මුලු ලොව බිදී ගියාවේ
මේ හිත රිදුනේ නෑ
මට නම් දැනුනේ නෑ

මට හම්බෙලා දවසක් මඟදි
ඇස් වලින් සෙල්ලන් කලා කඹඩි
එදා ඉදන් මගෙ හැගුම් බඩවී
දැන් ගොඩ කලක් පෙමෙ ඉපදී
විසබීජ නසාලා මගේ හිතේ
හෙමින් දිය උනා මගේ සබන් කැටේ
හොද වැඩේ ඉතින් අනේ මටත් උනේ
දැන් කව්ද උලන්නේ බං ඔය කැටේ
සට පට ගාලා ගැහුව කල
එලි බැස්සේ නොදැනම පාර
මගේ හැඟුම් කරන මේකි හරක් ගාලක්
දැක්කුවා මාව දිදී කස පාරක්
අයාලේ යන්න උනේ එල්ලෙන්න
බැරි නිසයි ගෙදර පරාලේ
මැරුනත් තොපි අඩයි ඇරියා වගේ
වත්තක පොදු කරාමේ

නුඹ නැති ලොවක අයාලේ…

හිත ලඟ මල් පරවී ඈතට ඇදුනේ
මගෙ ලඟ නුබෙ මතකය පරවී වැටුනේ
දවසක් නොව සතියක් නුබ ගැන සිතුවේ
සිත යන දුරකට මම යනවා අයාලේ
හිත මගෙ හැදුනේ නෑ
හැදුනට පලකුත් නෑ
උබෙ ලඟ මගෙ හිත නෑ

නුඹ නැති ලොවක අයාලේ

පළමු හාදුව | 1st Kiss by Dilki Uresha ft. Kaizer Kaiz [2022]

ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්
සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්
නොකියා කියූ රහසක් හිතේ
අවතැන් උනු හීන කල්පයක්
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්

අපෙ පළවෙනි හාදුව
හාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්
මකා ගන්න හිතන් මගේ පාළුව
උඹේ මැරුණු හිතට දුන්නේ ප්‍රාණයක්

පන්සලක් වගේ හිත දන්සලක් කරන් උඹ වටේම බඩගිනි නිවනවද
උඹේ ආලෙට හාමතේ මැරෙන්න ගියොතින් මටත් කටක් උඹ කවනවද

උඹ ගන්නේ මම දුන්න හුස්ම
මුල අමතක උනොත් වැටෙයි ගහක් උනත් රූස්ස
වටේ නැතිවට නෙවෙයි ඉඹ්න්න පුෂ්ප
උඹේ සීතට හදට දුන්නේ මං උෂ්ණ

මං දුන්නු මලක් ගානේ උඹ ගලක් ගහපන්
ඇවිත් පුළුවන්නම් උඹේ රූපේ හිතෙන් මකපන්
උඹේ වැරදි මගේ පිටට අත ඇරපන්
ලෝකේ ඉදිරියේ බොරුවටත් අඬපන්

ලෝකෙට මමයි වැරදි කාර
ලියා ගනින් ඕන නම් මං හදපු පාර
හැබැයි කැන්දන් එද්දි ඊළඟ මොඩයාව
උඹ පිච්චේවි උණුවෙලා කරුමේ තාර

ඔමරි | Omari by Satheeshan ft. Kaizer Kaiz [2022]

දුටුව දිනම නෙතග බැඳුනු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුනු කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා

ඔමරි පෑ නුරා
දුටු මා හිත මුලා වෙලා
නුඹ රඟන පා තබා
තාලෙට හිතත් නුබේ වෙලා නගා

මරලා කිටක් කිටක් කිටක්
ඉන්නම් මං හෙටත් හෙටත් හෙටත්
ඔතන්න බතක් බතක් බතක්
වරෙන් මං ඉන්නම් මේ ගුරු පාරෙම

වැට ළඟ බොමින් බීඩි කොටේ
මේ සරම ගහලා කැහැපොටේ
ගිය එකා හැමදාම ගම වටේ
දැන් කැරකෙන්නේම උඹ වටේ

රා ටික වගේ පන ටික
මම නවත්තන්නද බොන එක
සහතික වෙන්නද දිවුරලා
ආයෙත් බිව්වොත් බීපන් වහ ටික

කොපර කොපර පිපිඥ්ඤා
ඇගේ කෙකර කට නම් රතිඤ්ඤා
මං දවස් හතේම රකිඤ්ඤං
පොඩි පැලක් හදන් නුඔ ළඟින්ම kaiz

දුටුව දිනම නෙතග බැඳුනු
දුටුව දිනම නෙතග බැඳුනු

වෙරළු මල් | Veralu Mal by Dinesh Gamage ft, Kaizer Kaiz [2022]

දෙව් ලෝකෙන් පැනලා ආවේ
යන්න නෙවෙයි ආයේ
පොලවෙ කොඩිය දාල
අඩිය ගහලා ඉන්න ආවේ

පෙම් රෝගෙන් මිදුනා වාගේ
ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන
පඩිය නැතුව ගෙදර ආවේ

වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්

වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්

වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්

වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්

දංවැල කැඩුවා මං දැන් එල
පිතිකරුවෙක් වගේ මැදපෙල
නොබියව වටේම කෙල කෙල
නගිනවා ජීවිතේ පඩිපෙල

ඉස්සර කුචි
දැන්නං නෝ ෆීලිං
ගෑස් එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්නේ මලින්
වැදපං පෙම ඉල්ලන්න කලින්

වටේ යන බස් නවත්තන්න
අපේ හිත් යකෝ ඩිපෝ ද
බොට පන දෙන්න මට බෑ කෙල්ලේ
ඕන්නං කාපං ගිහින් ත්‍රීපෝෂ
කට්ට කාල රජ උනේ මං
ආ දැන් ඔයා බිසෝ ද

ගනින් චිත්‍රේ අදින්න මං
බොට මොන මගේ ෆොටෝද?

වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්

වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්

වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්

වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්

ග්‍රහලෝකෙන් බිමට වැටුනේ
දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා
රෑට රෑට හීන පෙනුනේ

උඹ ගාවින් හිටපු කාලේ
දැන් මට මතක නෑනේ
විකට චරිත වාගේ
එකට ඉදලා පලක් නෑනේ

වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්

වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්

හැඩකාරී නාරී | Hadakari Naari by Dinesh Gamage ft. Kaizer kaiz

වගතුග කොහොම කියා
ඇහුවට උත්තර නෑ
මගතොට දකින නිසා
හිත තව ඉවසන්නෑ
ඉගසුග පැද්දී
පොලවත් යයි පැද්දී
නුඹ ලග ඉද්දී මගේ හිත සුරලෝකේ

යමු අපි දෙන්නා
ලස්සන සලුපිලි ගත දවටාලා
සුර ලොව පෙන්නා
ඉමු අපි අපේම වෙලා

මේ නාරී නාරී
මගේ භාරී භාරී
මගේ භාරී භාරී
හැඩකාරී නාරී

මේ නාරී නාරී
මගේ භාරී භාරී
මගේ භාරී භාරී
හැඩකාරී නාරී

හේ තංගච්චි
සිංහල තෙරියම ද
ඉන යට වංගෙඩියක් හංගලා ද
කිරි කිරි ගානව ඉන පදදලම
ඇත්ත කියහං ගෙදරින් ඔයා බැන්දුවාද

නැත්නම් මම වෙන්නම් හස්බන්ඩ්
අනිත් කෙල්ලො ටික ගන්න වෙයි හැබයි ඩස්ට්පෑන්
සිංදුවකුත් කියන්නම් බීබර් වගේ ජස්ටින්
පස්සේ කැමතිනම් කරමුද අපි
ඩිස්ටි ඩි ඩිං

උණු වැඩි වුන විටක් වගේ
හාදුවෙන් පිච්චුව ඇය කටත් මගේ
Jewelbox එකෙන් අරගත්තේ ඇදුම ඇගේ
හුළගට ලෙල දෙද්දී නම් ශෝයි අනේ

යමු අපි දෙන්නා
ලස්සන සලුපිලි ගත දවටාලා
සුර ලොව පෙන්නා
ඉමු අපි අපේම වෙලා

දැක්කම
මේ නාරී නාරී
කරගත්තම
මගේ භාරී භාරී
දැන් වෙනවද
මගේ භාරී භාරී
සිප ගන්නකන්
හැඩකාරී නාරී

දැක්කම
මේ නාරී නාරී
කරගත්තම
මගේ භාරී භාරී
දැන් වෙනවද
මගේ භාරී භාරී
සිප ගන්නකන්
හැඩකාරී නාරී

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube