පාවේ | Pawee by Kanchana Anuradhi ft. Thilina Boralessa [2023]

සිනා කෝ දෑසේ
පෙම් කතා නෑසේ
නිවා සැනසුව
නුඹේ උණුහුම
කොහේදෝ පාවේ
කොහේදෝ පාවේ

වරා මල් වාගේ
හිතුමතේ පාවේ
නුඹත් ඒ වාගේ
මා දවා පාවේ

කඳුළු ගංගාවේ
දෑල මල් යායේ
සුවඳ අරගෙන
වරෙන් හනිකට
පාවෙලා ආයේ
පාවෙලා ආයේ

සකිසඳේ ප්‍රේමේ
නුඹයි මා ප්‍රාණේ
පැටලිලා සුළඟේ
එන්නෙපා ආයේ

written by Kanchana Anuradhi

kanchana anuradhi songs,kanchan anuradhi song,kanchana anuradhi new song,kanchana anuradi cover,kanchana anuradhi,kanchana new song,kanchana anuradi songs collection,kanchana anuradi best song collection,sinhala new songs,sinhala songs,kanchi new song,kanchana,danena thuru ma,kanchi,dance songs,chamath new song,nepal viral song,danena thuru,ale mal song,sinhala song collection,uduravi cover,nepal trending song,chamath sangeeth new song,udhurawi

මල් වරුසාවයි | Mal Warusawai by Thilina Boralessa & Ravi Jay

මල් වරුසාවයි ..සීතයි
යන්නට අපි දෙන්නා
මට ලොබයි
අයේ හමු නොවෙනා

එ මොහොතත් නතර උනා
සඳ එලියෙන් නැහැඋනා
ආදරය දී ඉන්නෙපා
සුසුමකට ඉඩතියා

සයනයේ මත
රිදුම් වැලපුම
හවසකට හරි
ආයේ එනවද

බෑ ඉන්නට අද තව ඉර මුදුන්වෙලා හොදටම
ඔය මල ඉඹගෙන මගෙ රත්වුනු කඩුව තියන්නට
නුඹෙ සියුම් ගතෙ මේ අශෝක චන්ඩාශෝකයන් වෙන්නං අද
මේඝ වලාවන් අරගෙන නුඹ එනවද සංග්‍රාමෙට
ඩිංගක් නපුරෙක් වෙන්නට මට අද පොඩ්ඩක් ඉඩ දෙන්න
ඉකිබිද නොඅඩන් පොඩ්ඩක් රිදවන්නෙ
උච්චම ස්වරෙ නුඹෙ මට ගන්න
කුෂාන්තියේ දුමේ මතින් වෙරලු මල් සුවදත් රගදෙයි රාගෙ
ආලෝකෙ දුරයි අදුරයි යහනේ
ගැලවෙන්න හිතක් නෑ මේ ශාපෙන්
ඉතිං අපි දුර යං පාවී මේ දෑස බලා මරවන් රාගී
දැං හදිස්සියක් නැතුවත් වේවි
ගිනි ගන්න මේ කරුමෙට ඇයි ආවේ මං ඇයි ආවේ
මේ බොදඋනු හීනෙකට ලෝබෙකට
මේඝවලා අරගෙන වැස්සත් අරගෙන
ඩිංගක් සැනසෙන්න හවසට එනවාද?

හිත සැනසුවා
ගත වෙහෙසවා
අපි සැනසුනේ
කරැමේ අපේ කරුමේ

සයනයේ මැද – මං දෑසින් දැක්කා
රිදුම් හදවත – මනසින් වින්දා
හවසකට හරි
ආයෙ එනවද? -මේ රාගේ පල්ලා

Written by Thilina Boralessa

විරාමයේ | Viramaye by Ridma Weerawardena [2022]

ක්ෂිතිජය මායිමේ
පාමින් සිත් රටා
ඈතින් සිහිනයේ ගිලෙනා

දිනයක හමුවෙනා
දිනයක වෙන්වෙනා
හීනෙක ජීවිතේ තවරා

මතකේ ඈත ඉවුරේ
යාවී පෙනෙන්නේ
මේ හීනේ විරාමයයි

දිනයක හමුවෙනා
දිනයක වෙන්වෙනා
හීනෙක ජීවිතේ පවරා

අහසට ලංවෙලා
සයුරට ලංවෙලා
මා හදේ ඇදි රූ රටා

ක්ෂිතිජය මායිමේ
දිනයක හමුවෙනා
හීනෙක ජීවිතේ තවරා

ඒ විරාමයේ හමුවී නැවතී
හිත සොරා ගත්තාදෝ දැනුනී
ඒ විරාමයේ හමුවී නැවතී
හිත සොරා ගත්තාදෝ දැනුනී

නැත අන් සරණක් | Natha An Saranak by Thilina Boralessa ft. Ravi Jay

කුමාරී
මේ දෙරණේ
මම රජ වේ

සොදුර මගේ
කඩුව ඇතේ
ගෙල සිදිනු තගේ
කොපුව නොවේ

ආලය කෙරැවේ මා
මරණය අබියස ඈ
එක කඩුපහරින් මා
මැරැවත් කම් නැතුවා

සොදුර මගේ
මතභවයේ
අප හමුනොවේ
සිදිනු මගේ
ගෙල ආයේ

චපල ගැහැනියක්
චපල ගැහැනි ඈ‍
නැත අන්සරණක්
චපල ගැහැණයික්

හද පතුලෙන් දැවිලා එන සෙනෙහෙ මට දැනුනා
මේ වනෙ වනචාරියෙක්ට
තිබුනට සැප මාලිගාවේ
මේ හිත හිස් රජුනේ
වනචාරියා උනත් වැදි රජු ලග ඇති
මනුස්ස ගතිය මගෙ හිතේ අන්තිමේ දිනුවා
මාලිගා මොකටද? සලුපිලි මොටද?
මට නැත්තන් මනමේ රජුනි හිතෙ රැකවරණා
අතිනත නොයනා රතිකතක් නොවේ මා
මාපිය සතුට හින්දයි ආවෙ මනමේ නුඹ හා
මෙලොව දිනන්නේ ආලෙද රජ බලයද
මනමේ කුමරිගෙ ඇසින් දැක්ක පොතෙගුරැ වෙමි මං