මල් වරුසාවයි | Mal Warusawai by Thilina Boralessa & Ravi Jay

Sinhala song lyrics with music notes illustration

මල් වරුසාවයි ..සීතයි
යන්නට අපි දෙන්නා
මට ලොබයි
අයේ හමු නොවෙනා

එ මොහොතත් නතර උනා
සඳ එලියෙන් නැහැඋනා
ආදරය දී ඉන්නෙපා
සුසුමකට ඉඩතියා

සයනයේ මත
රිදුම් වැලපුම
හවසකට හරි
ආයේ එනවද

බෑ ඉන්නට අද තව ඉර මුදුන්වෙලා හොදටම
ඔය මල ඉඹගෙන මගෙ රත්වුනු කඩුව තියන්නට
නුඹෙ සියුම් ගතෙ මේ අශෝක චන්ඩාශෝකයන් වෙන්නං අද
මේඝ වලාවන් අරගෙන නුඹ එනවද සංග්‍රාමෙට
ඩිංගක් නපුරෙක් වෙන්නට මට අද පොඩ්ඩක් ඉඩ දෙන්න
ඉකිබිද නොඅඩන් පොඩ්ඩක් රිදවන්නෙ
උච්චම ස්වරෙ නුඹෙ මට ගන්න
කුෂාන්තියේ දුමේ මතින් වෙරලු මල් සුවදත් රගදෙයි රාගෙ
ආලෝකෙ දුරයි අදුරයි යහනේ
ගැලවෙන්න හිතක් නෑ මේ ශාපෙන්
ඉතිං අපි දුර යං පාවී මේ දෑස බලා මරවන් රාගී
දැං හදිස්සියක් නැතුවත් වේවි
ගිනි ගන්න මේ කරුමෙට ඇයි ආවේ මං ඇයි ආවේ
මේ බොදඋනු හීනෙකට ලෝබෙකට
මේඝවලා අරගෙන වැස්සත් අරගෙන
ඩිංගක් සැනසෙන්න හවසට එනවාද?

හිත සැනසුවා
ගත වෙහෙසවා
අපි සැනසුනේ
කරැමේ අපේ කරුමේ

සයනයේ මැද – මං දෑසින් දැක්කා
රිදුම් හදවත – මනසින් වින්දා
හවසකට හරි
ආයෙ එනවද? -මේ රාගේ පල්ලා

Written by Thilina Boralessa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply