මනෝපාර | Manopara by Dilo [2022]

Sinhala song lyrics with music notes illustration

හද ගාවින් ගෙවුනු මල් පාරේ දැවෙයි දැන් මතකේ සිදුරු පාරන්

ඒ වැලපෙයි දැන් සිතින් මම තනිවි පෙර දවස් මන් තවමත් ඔලුවේ දුක කාරන්
කස පාරක් මෙන් පිටට වැදුනා සේ බලන් ඈතම මනෝපාරක් ගහන් සැනසෙන්නම් මන් එන්නම්
සොහොන වෙත පැමින ඇගේ මුව දෙස බලමින් තනිවි මම ඉන්නම්

නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
අන්දකාරේ විෂ පාරේ හිස තාලෙන් මත් වේ දැන්
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

විලාපෙන් හෝරා ගෙවෙද්දි මැවේ ඇගේ සිත්තම් ඒ දැවෙයි දිවංගන වී දැන් ඈ
නීරස ජීවිතේ පලක් නැත ඉඩක් නැත කාටවත් ආයෙ මගෙ හිත සනසන්නවත් බෑ
අලාප ඇගේ හිස වටකරන් මගෙ කනටද කොදුරයි මේ විස මට පුරුදුයි දැන්
අලාබේ මට නිදහසේ සිනහවෙන් සිටි කාලේ පිපාසෙන් මන් කල් ගත කරන්නේ මේ රෑ

නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
අන්දකාරේ විස පාරේ හිස තාලෙන් මත් වේ දැන්
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

Written by Dilochana Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply