සියලුම ඇස් මා වෙත | Siyaluma As Ma Wetha by OOSeven [2022]

Sinhala song lyrics with music notes illustration

සුබ ගමන් මං තාමත් ගමනේ
පාරාදීස දූපතේ වැසියන් රමනේ
පරදේස වසංගත එක්ක තාම සටනේ
මේ හිතත් එක්ක සටන ආලවක දමනේ

අත්පොලසන් මං වෙනුවෙන්
හැමදේම අනුව දැන් මේ තනුවෙන්
කැපකලා ඔල්වරසන් හඩ වෙනුවෙන් දෙවල් මං පිට යන්නෑ කවදාවත් තනුවෙන්

ඔව් මාත් ගොනා වික්කා
වෙනස් උනා මිනිස්සු හිත රිද්දා
දුවන්නේ වේගෙන් තරගෙට ඇස් දෙකෙන් දැක්කා මේ අවසාන ඉත්තා බුරන්නේ මට බල්ලෙක් වෙලා හෙමින් බලු මැක්කා

අනුන්ට දුන්නා උපදෙස්
කැපුවා ඉනි ගගට ගානට හිසකෙස්
වැදි රජා ඉදිරියේදි මං මනමේ
අසරණ උනා මේ හිත නිකෙලෙස්

ඔව් මෙකත් නැත්තන් කන්න වෙන්නෙ පස්
හෙමින් කඩන් වැටෙවි මුල හයිය නැති ගස්
නිකරුණේ මං ගෙවා දැම්මා දින ගනන් දාස්
කතාව පටන් ගත්ත විදිහ නෙමෙ දැන් වෙනස්

මං ආරාධනාවක් කලා ගලන් එන්න පද පේලි එකදිගට මායාවෙන් ගැලපේවී
මං මායාවක් කලා
අත්බුතයි මේ Genie මේ ලොකේ මදාවි එක්ක ඉන්නේ නුලෙන් බේරී

දැන් ලා ල ල ලා
පවට පින දෙන්න බැ දැන් මට
දුරගියා වැඩි වහගන්න කට
හරි වේදනයි මට
අමතක මතක නවති පොලවට යට

මං එන්නම් හරි තැනදි අල්ල ගන්න බැරි දුර හීන එක්ක නැවතී මේ නැව අරන් යන්නේ දිසාවටයි මම කැමති
සුබ උපන් දිනක් මට වෙනස් උනා හරි තැනදි

ආ බලන් ඉන්නෙ අවදානෙන්
ආ මියදෙන්නේ සාමදානෙන්
ආ හිතේ ඇති අවසානේ
සියලුම ඇස් මා වෙත අනිවාර්යයෙන්

ආ බලන් ඉන්නෙ අවදානෙන්
ආ මියදෙන්නේ සාමදානෙන්
ආ හිතේ ඇති අවසානේ
සියලුම ඇස් මා වෙත අනිවාර්යයෙන්

Written by OOSeven

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply