ඉල් මහේ රහසක් | Il Mahe Rahasak by Bimsara Walallawita [2019]

ගිම් සඳේ මතක සැමරුම්
මත් මල් මැදින් පාව යයි නම්
ලියැවුනත් අතීතය පමණක්
තටු සිඳු ඇයද සමනළියක්

සැනසුමන් සිහිනයක්
ඇය වුනත් වස්සාන කවියක්
ඉල් මහේ සොඳුරුතම රහසක්

උඳුල සඳ නොයිඳුල් අහස් මැද
රැඳී නිවුනාවේ
ඇයම ආ මග සුසුම් ලතැවුල්
මසිත රැඳුනාවේ

සැනසුමන් සිහිනයක්
ඇය වුනත් නොලී පෙම් කවියක්
ඉල් මහේ සොඳුරුතම රහසක්

පැහැදුනත් හද සනසමින් සිතු
ඔබේ නෙතු දැහැනේ
පාරවයි නුඹ ඇය නමින් මා
පිදූ හිත සිත්සේ

සැනසුමන් සිහිනයක්
ඇය තවත් සොඳුරු ගී පිරිතක්
ඉල් මහේ අමාවක අහසක්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here