නිල් දෑසින් | Nil Dasin by Sureni de Mel [2012]

රහසින් ඇවිත් මුමුණා ගියා
ඒ කිව් වදන් සිත මත් කළා
ආයෙත් ඇවිත් මට ළං වෙලා
පවසන්නකෝ සිතු දේ ඔයා

නිල් දෑසින් බලාවි
මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී (Baby…)
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

නෑ තාම නෑ, ඔබ ආවෙ නෑ
සිහිනනේ වුවත් දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ රුව දුටුවෙ මා
කොහෙදෝ ගියේ මා හැර දමා

නිල් දෑසින් බලාවි
මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී (Baby…)
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

මලින් මලට ඉගිලී මා එන්නම්
හදේ කවුලු ඇර මා බලන්නම්
සිතින් සිතන දේ මා පතන්නම්
එයයි මා පැතූ ආදරේ

නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී (Baby…)
ඔබේ ආදරේ මා හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
නිල් දෑසින් (ooohhhh baby…)

ආඩම්බරයි | Adambarai by Sureni de Mel [2012]

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොද නම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්

පෙම් හසරැල් ඔබ රැදුනේ – නිල් යායක රැස් වාගේ
ඔබ සිත මා තුරුලේ – නැලවුනු හැටි මගෙ මතකේ
තාමත් ඇත අද වාගේ – ඉන්නම් සැමදා ඔබගේ
සෙවනැල්ලක් වී සසරේ – අවසානය තෙක්ම හදේ

තනිකම නැතිකර සැමදා මට ලංවූවා ඔබ සෙවනේ
ඔබ සිනහව මා හදේ රැදුනේ
නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ
මට ලංවී කියු දෙය මතකේ තවම රැදේ

දුක සිතෙන්නේ අපටම පමණද
තව සුසුම් වල උණුසුම මොකටද
මට තියෙන්නෙ තනිකම තනියට
ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද