ආඩම්බරයි | Adambarai by Sureni de Mel [2012]

Sinhala song lyrics with music notes illustration

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොද නම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්

පෙම් හසරැල් ඔබ රැදුනේ – නිල් යායක රැස් වාගේ
ඔබ සිත මා තුරුලේ – නැලවුනු හැටි මගෙ මතකේ
තාමත් ඇත අද වාගේ – ඉන්නම් සැමදා ඔබගේ
සෙවනැල්ලක් වී සසරේ – අවසානය තෙක්ම හදේ

තනිකම නැතිකර සැමදා මට ලංවූවා ඔබ සෙවනේ
ඔබ සිනහව මා හදේ රැදුනේ
නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ
මට ලංවී කියු දෙය මතකේ තවම රැදේ

දුක සිතෙන්නේ අපටම පමණද
තව සුසුම් වල උණුසුම මොකටද
මට තියෙන්නෙ තනිකම තනියට
ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply