අහම්බෙන් වගේ | Ahamben Wage by Nadith de Silva [2020]

අහම්බෙන් වගේ හමුවුනු.. ඇස්පුරා මගේ ලියවුනු..
කොහෙන්දෝ ඔයා ආවේ.. මට ලංවෙලා…
කවුරුත් නැති පාළු හිත ලග..
තනියට මට හීන එක්කල
කවුරුදෝ ඔයා ආලේ… දැන් හුරුවෙලා…

සංසාරේ හැමවාරේ හිමිවෙන්නයි මට ඔනේ
මංවාගේ වෙනනෑනේ කවුරුත්ම ඔබට තව ආදරේ…

දැතේ පැටලෙන ආශාවන්
දැහැනේ බැද වින්දාසේ මං
දෙතොලට හුරුවෙනවා රහසින්
හරි පුදුමයි නුඹගැන මට දැන්

අහම්බෙන් වගේ හමුවුනු.. ඇස්පුරා මගේ ලියවුනු..
කොහෙන්දෝ ඔයා ආවේ.. මට ලංවෙලා…
කවුරුත් නැති පාළු හිත ලග..
තනියට මට හීන එක්කල
කවුරුදෝ ඔයා ආලේ… දැන් හුරුවෙලා…

හෙමිහෙමිහිට තේරුම් ගන්නම්
යන්න දුරක් නුඹ එක්කල මං
වෙන්න තියෙන දේවල් අතරින්
ඉන්නම් සැමදා නුඹ සමගින්

අහම්බෙන් වගේ හමුවුනු.. ඇස්පුරා මගේ ලියවුනු..
කොහෙන්දෝ ඔයා ආවේ.. මට ලංවෙලා…
කවුරුත් නැති පාළු හිත ලග..
තනියට මට හීන එක්කල
කවුරුදෝ ඔයා ආලේ… දැන් හුරුවෙලා…