ජීවිතේ | Jeewithe by Dinu’h MRRD [2022]

මේක කැරකෙන පොඩි රවුමක්
මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්
නවතින්නෑ මම මැරුවත්
මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක්

මට අත දුන්නු හැම එවුන් මතකයි
කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි
තනියට උන්නෙ මට මම පමණයි
ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි

පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා
හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා
මම උඹලගෙ පපුවට රිංගා
ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා

වැරදුනු එක තැනක් මට ප්‍රේමය
හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය
හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය
මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය

ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර
අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය
මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං
හැමෝම අඳුරු කල අතීතය

මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
මවගේ සෙනේ

ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද
මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා
ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද
උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව

උදව් කලේ බිල්ලට තියල මගෙ පණ
ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම
මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම
කවදකහරි ගෙනියන්නෙ උඩටම නම

මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක්
උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත්
ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත්

මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක්
අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක්
කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව
ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව
ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන්
මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන්
සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන්
කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන්