ඔබ සුසුම් හෙලන්න | Oba Susum Helanna by Prince Udaya Priyantha

ඔබ සුසුම් හෙලන්න

ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …

ඔබ පුරහද වෙන්න

ඒ පුරා හඳේ ගුලි වී ඉන්න
මම තරුවක් වෙමි
රාත්රියට අහසේ පිපෙන …
මම තරුවක් වෙමි

රාත්රියට අහසේ පිපෙන
ඔබ සුසුම් හෙලන්න

ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …

ඔබ කවියක් වෙන්න

ඒ කවිය මිහිරි හඬින් ගයන්න
මම මිහිරක් වෙමි
ඒ කවියේ රස තැන් පුරන …
මම මිහිරක් වෙමි

ඒ කවියේ රස තැන් පුරන …
ඔබ සුසුම් හෙලන්න

ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න

වෙරළ කොනක | Werala Konaka by Prince Udaya Priyantha

වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණ ගැසෙමු යළි
වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණ ගැසෙමු යළි

වෙරළේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
සුදු වැලි මුමුණයි අපේ කතා

වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී
සමුගන්නම් අද තරහ නොවී

වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි
වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි