අපි දන්නැති | Api Dannathi Landun Inne by Nalin Perera [2015]

නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ
හිත පිරෙන්න නටන්නනම් තුරුලු වෙන්න ඕනේ
නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ
හිත පිරෙන්න නටන්නනම් තුරුල් වෙන්න ඕනේ

හා හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලෙ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ//

පාවෙන භ්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න
ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න//

අහ් හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ //

සැවැන්දරී සුගන්ධිකා නෙරන්ජනී ප්‍රියංගිකා…

කෙස් වැටි ටික උඩදාගෙන
එළිවෙනකන් පිනිබාගෙන//

හා හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ//

written by Wasantha Dukgannarala

Gypsies & Marians Medley by Sarith & Surith with News [2021]

පළමුව සිනාසේයි-දෙවනූව ලියූම් දෙයි
තෙවනූව තෑගි බෝග අරන් යයි
ඉන්පසු ප්‍රේම ගඟේ පිනාලා සතුටින්
ප්‍රේම කරයි දෙන්නට දෙන්නා

ඉන්පසු ප්‍රේම ගඟේ පිනාලා සතුටින්
ප්‍රේම කරයි දෙන්නට දෙන්නා

හදුනාගෙන දෙන්නෙක් කරයි ආදරේ

ලැබුනා දෙදෙනාටම පෙම්සූවේ..
කරනා විටදි යොවුන් කලට ආදරෙ
ලෝකෙම සුන්දර බව දැනෙන්නේ
ආදරේ ආදරේ… ඔහොමයි ආදරේ
ආදරේ ආදරේ…-පුදුම ආදරේ

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ජෑම් පන් තවත් කන්න බෑ
කිබුල බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා කිරි බත් මට එපා
උඹේ අතින් රසට හදලා
ඉදි අප්පන් ටිකක් කන්න

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දර
විඳගනිමින් රළු සීතල රැයක සුන්දර
ලැබ ගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර
ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර
ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට
අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට

කොණ්ඩය දිග හින්දා
ඇඟපත මදි හින්දා
අතමිට නැති හින්දා
මගේ අයරින් තරහා උනා
සංගීතය හින්දා
මුළු රෑ නිදි මරලා
දවසම බුදි හින්දා
මගේ කැතරියා පැනලා ගියා

එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාල යන්න එපා

රොසලිනා… රොසලිනා… රොසලිනා
මගේ රොසලිනා
රොසලිනා… රොසලිනා… රොසලිනා
මගේ රොසලිනා

තේක්ක බුරුත නැදුන් කරුවල ලෑලි
ගෙනල්ල සෑදූ බඩු කාගෙත් මනලෝලී
විචිත්‍ර ලිය මල්කම් කැටයම් පේළී
දමාපු අල්මාරිද හොඳ බඩු මේ ලී

වඩු වැඩෙන් දිවි රකින
බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං
කිසිම හැඩක් නැති මෙලීය
අරගෙන මං කරන දිරිය
කපල කොටල ඉරල මැනල
හදන ලී බඩූ
වඩු වැඩෙන් දිවි රකින
බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං

ලොරෙන්සෝ ද අල්මේදා
කොලොම්තොටට යහපත් නාවිකයා
ලොරෙන්සෝ ද අල්මේදා
කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින්
ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා
සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා
කණු හතරෙම ලයිට් දාලා

බ්රැන්ඩි බීලා නොන්ඩි ගහලා
අම්බානක ගුස්පි දාල
ඉම්පෝටඩ් මොරිනාකා
ඇපල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා

නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

මුතු පින්න | Muthu Pinna by Marians

මුතු පින්න තාම හීතලයි වගේ
රහ දන්න දෑස මග බලයි ඉබේ
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ

මල් රෙද්ද තදට තනි රකී ඉනේ
මල් යාය හොඳට සැප විඳී බඳේ
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ
ඔබ දකින එකත් සැපක්නේ අනේ

මා දැක්කම ඉඟ නටන දර්ශනේ
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ
නගා බලා ගන්න නෑ මම දන්නේ

මුතු පින්න තාම හීතලයි වගේ
රහ දන්න දෑස මග බලයි ඉබේ
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ

ලයිලා | Layila by Marians

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ලස්සනයි නුඹලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

පැණි පෙරෙන ඉදි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ආදරෙයි ලයිලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා

ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ලස්සනයි නුඹලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

පැණි පෙරෙන ඉදි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ආදරෙයි ලයිලා..

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා..
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ලස්සනයි නුඹලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

පැණි පෙරෙන ඉදි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ආදරෙයි ලයිලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා