අපි දන්නැති | Api Dannathi Landun Inne by Nalin Perera [2015]

Sinhala song lyrics with music notes illustration

නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ
හිත පිරෙන්න නටන්නනම් තුරුලු වෙන්න ඕනේ
නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ
හිත පිරෙන්න නටන්නනම් තුරුල් වෙන්න ඕනේ

හා හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලෙ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ//

පාවෙන භ්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න
ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න//

අහ් හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ //

සැවැන්දරී සුගන්ධිකා නෙරන්ජනී ප්‍රියංගිකා…

කෙස් වැටි ටික උඩදාගෙන
එළිවෙනකන් පිනිබාගෙන//

හා හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ//

written by Wasantha Dukgannarala

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply