රම්‍යය මනහාර | Ramya Manahara by Anton Jones

රම්‍යය මනහාර දළදා මැදුර
අපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර
අවට කදුකරේ ඒ දලදා මැදුර
අපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර

කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙන
දිස්නය දෙන ඇදුමෙන් නටයි පැන පැන
දිස්නයදෙන ඇදුමෙන් නටයි පැන පැන
කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙන

හේවිසි නාදෙ ලීකෙලි වාදෙ
කසවෙඩි සද්දෙ නිලවෙලාය මැද්දෙ
කසවෙඩි සද්දෙ නිලවෙලාය මැද්දෙ
අලියගෙ යුද්දෙ දැක්කෙ මම පෙරහැර මැද්දෙ

ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ
ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ

පෙරහැර එන කල බලන්න හිටියෙ පුල පුල
ඇතෙක් හොඩවැල උස්ස කෙරුව කලබල
ඇතෙක් හොඩවැල උස්ස කෙරුව කලබල
පොඩි පුතෙක් අතුපැල ඉදගෙන දිව්වෙ බල බල

බෙර කරුවො දුවනවා බෙර ඉබේ වදිනවා
පන්දං වැටෙනවා ගින්දර උඩින් පනිනවා
නැට්ටුවෝ දුවනවා ගෙජ්ජි පාරෙ හැලෙනවා
අයියෝ තෙරපෙනවා පොඩි ලමයි අඩනවා

ලමයි තෙරෙපුනා මව්පියෝ වැලපුනා
බයේ දුවමිනා සමහරු වැවට පෙරලුනා
තවත් බොහො දෙනා අනේ අතරමන් උනා
බොහො අය මැරුනා පොඩි දරුවො පෑගුනා

හේවිසි තට්ටු තාලෙට නැටුව මනප්පු
ඇතෙක් කුලප්පු උනෙ හැදිලාද වලිප්පු
ඇත්ගොව්ව මනප්පු හොදට බීල කසිප්පු
හෙන්ඩුවෙන් ඇනපු පාරට අලිය කුලිප්පු

කඩසාප්පු කඩමිනා මේ ඇතා දුවන්නා
වහලකට නැගමිනා ඇත්ගොව්ව බේරුනා
ඔය ඇතා තනිවුනා වෙඩි පහරකට යටවුනා
අයියෝ රාජ මැරුනා කාරෙක උඩට පෙරලුනා

ගින්දර කෑලි පෑගුනාට එවනි
පෙරත් අපෙ අලි මේ වගෙ කෙරුවද පෙරලි
පෙරත් අපෙ අලි ඔය වගෙ කෙරුවද පෙරලි
වෙඩිපහරට ඇකිලී ඇත් රජු වැටුනලු මල්ලි

සල්ලි දීල ගවුම මැහුවෙ | Salli Deela Gawuma Mahuwe by Anton Jones

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ
මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ
මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ

මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
මෙහෙම කිවුව ගමන් නෝනා
මගෙ ඇඟට ගොඩවුනේ

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න…

අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
මැරුණෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව
බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා

මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා
ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා
එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න…

මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
මිනි පෙට්ටි මොටද ඇයි අද
අපෙ කවුරුද මැරුණෙ
එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ

මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
ගත්ත නිසයි ලිලී මම ගෙනාව දෙකම
මිනි ගවුම කිව්වෙ කොට්ට උරය
වගෙ කොට ගවුම
නෝන කිව්ව එහෙම මට තේරුණ
කරපු ගොන්කම

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න