සඳ ඇබින්දී | Sanda Abindi by Amila Perera [2021]

ආදරෙන් හද පොගවනා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා

හාදුවක උණුහුමක් හින්දා
සියොලගම මුසපත් වුනා
තුරුලටම ලංවී ඔයා
ආදරෙන් හද සැනහුවා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා

ආදරෙන් හද පොගවනා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා

ආදරී හද තුලම සරනා
ප්‍රේමයේ මිහිරාව ගේනා
ඉසියුම් මන්දහාසිනී ඔයා
ආදරෙන් හිත පුරවනා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා

ආදරෙන් හද පොගවනා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා

amila,muranga,songs,derana,sirasa,mihirawa awa,sulan kurullo,heena rate kinnarawi,kalawathi,goal seek,sri lanka,sahan,video,girls,solver,access,sinhala,scenario,tutorials,sudu nangi,hiru maki yai,manu,raju,hiru,sanka,rukman,sajith,tiktok,wijaya,nadeeka,dimanka,nurawee,sandeep,acoustic,tone poem,unplugged,musically,theekshana,word,excel,meena

සද හැංගිලා මා | Sanda Hangila Ma Thurule by Amila Perera

සද හැංගිලා මා තුරුලේ
සිත නැංගුරම්ලා දුක හංගාලා
නිල් නුවන් නෙත් කැරැල්ලේ
පෙම් සිනා කැන නංවලා
තව ලංවෙලා

ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි

උලුනුකුලු මල් අනන්තේ
මල් පිපී ලැම වසන්තේ
සුවද මල් රොන් සිඹිමින් ලග හිදිමින්
මා නිවෙනවා
මා නිවෙනවා
සිත සැනසුමින්
මේ උණුසුමින්
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි

සද කැන් සලුව ඇන්දේ
මදු මල් සිඹින්නද නින්දේ
සුපසන් ඒ බැදීමෙන්
සංසිදීමෙන්
මා නිවෙනවා
මා නිවෙනවා
අත් බැදීමෙන් මේ විදීමෙන්
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි

ඉපදුන තැනදිම | Ipaduna Thanadima by Amila Perera [2016]

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
ආදර දෙසිතක ඉකිබිදිනා
නොමියෙන මතකය පමණක් දෙහදේ
සිර වේවිද උන් මියෙන තුරා

කාටත් නොපෙනෙන
කවුරුත් නොදකින
ළයේ පැතුම් පොදි තෙරපෙනවා
ඉගිලී යන්නට අහසක් තිබුනට
සිත ඉඩ දෙන්නෑ..ඉඩ දෙන්නෑ
ආදරයේ දැහැනින් මිදිලා

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
ආදර දෙසිතක ඉකිබිදිනා
නොමියෙන මතකය පමණක් දෙහදේ
සිර වේවිද උන් මියෙන තුරා

සිතිවිලි අතරේ තනි වී ගොළු වුනු
බලාපොරොත්තුව යලි පුබුදා
දකිනා පෙනෙනා සිහිනේ සොයනා
කැළඹුණු සිත සන්සිදුනා

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
ආදර දෙසිතක ඉකිබිදිනා
නොමියෙන මතකය පමණක් දෙහදේ
සිර වේවිද උන් මියෙන තුරා

amila,muranga,songs,derana,sirasa,mihirawa awa,sulan kurullo,heena rate kinnarawi,kalawathi,goal seek,sri lanka,sahan,video,girls,solver,access,sinhala,scenario,tutorials,sudu nangi,hiru maki yai,manu,raju,hiru,sanka,rukman,sajith,tiktok,wijaya,nadeeka,dimanka,nurawee,sandeep,acoustic,tone poem,unplugged,musically,theekshana,word,excel,meena

හිරු මැකී යයි | Hiru Maki Yai by Amila Perera

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ