මනස | Manasa by MasterD ft. Dinesh Madhusanka | Kopi – EP [2020]

උබට තාම තේරෙන්නෑ
අනේ මෙච්චර කිව්වට
මටත් තේරෙන්නෑ
දැනෙන දේ කියන්න මම වේලෙන්නෑ
ඇහෙන දේ අහන්න සූදානම් නෑ
නෑ කවුරුත්
තම තමන්ගේ ලෝකෙ අරමුණු පවුරු
ජීවිතේ ගැලෙව්වා බැම්මේ දිය තැවරූ
සිහින කෝ සිහින කෝ
නුඹ මට නිතර මැතිරූ
පහන කෝ පහන කෝ
එළිය පැතිරූ

මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස
මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස

හොදටම පැටලුනු ආදර කතා
මුලාවට පත්වුන කාමුක රටා
මට ඕනෙ කොහොමත් දෙන්න වැඩිපුර බටා
මාත ආසයි නටන්න පපරේ ගගා
කොහොමද කරන්නේ
ලෝකේ හුරතල් ද
අපිට හැමදාම දෙන්නෙ මුරුතැන් ද
එතකොට වටින්නේ අපිද දෙවියන් ද
සිනාව ඉනාවකි මුලා කල
අපේ ජීවිත ඉන්නෙ ඔහේ බලාගෙන
හැමදාම වැඩිපුර වෙලාගෙන
අපි අමතක වෙලා ආවේ පතාගෙන
මේනෙවෙ කතා හෙම
ලතාව තේරුම් ගත්තේ නටාගෙන
සටපටා එව
හිත කඩාගෙන යන්න හැදු වතා එම
ඒයි වතා එම

මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස
මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස

අනාගතේ විනාසද සාසනේ
මට පලාපල කියන්න බැරි කාරනේ
රළු සමාජෙක මුරන්ඩු වැඩි ජීවිතේ
තඩි වෙලා තිබුනා මතකද
රස විතේයි ගී පොතෙයි මධුවිතෙයි
ඇහැ වේදනා සංසිදුව මං පිනයි
හද මෝරලා නම් අතට කව්ලියයි
අපි ඇවිදන් යන ගමන් ගැන
මූණට මූණ පේන්නේ නැති කළුවරක්
නාදෙට ඉඩක් නැති නිසල බවක්
මාවෙත එන්න අරන් මගේ සතුට මරන්
අදුරු ගල්ලෙන් බිත්ති වල අත තවරන්
ඇත දුරකටම ඇවිදගෙන යන්න
මාවෙත කෙලවරන් නොදැන ඉන්න
දාබිදු මොහොතකට රහට යන්න
මාවතක් නැති ගමනේ අතරමං ව

මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස
මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here