දුක නැති ආදරයක් | Duka Nathi Adarayak by Janaka Sooriyabandara

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු

සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා හඬවාලා මොනවද ලැබුනේ
සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා හඬවාලා මොනවද ලැබුනේ
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ

නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අළුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා
නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අළුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ

අපෙ මතක එක් කළා එකිනෙකට ගලපලා
සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා
අපෙ මතක එක් කළා එකිනෙකට ගලපලා
සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු