සසර පුරා | Sasara Pura by SANUKA x Windy [2022]

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා

අවිහිංසක පැතුමන් අපගේ
මෝදු වෙලා අද මල් පිපුනේ
සතුටු කඳුළු අද හැම දෙනෙතේ
සියොතුන් ආසිරි ගී ගැයුවේ

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා

පණවන් අපගේ දෙමාපියන්
නෑදෑ හිත මිතුරන් සමගින්
පතනා පැතුමන් එකම සිතින්
රැව්දෙනවා අද එකම හඬින්

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් බැඳුනා
දිවිය පුරා ඔබ මගේම වුණා

written by Sangeeth Wickramasinghe

sanuka and windy,sanuka wedding,sanuka,sanuka and windy wedding,sanuka and windy preshoot,sanuka wickramasinghe,windy,sanuka and windy wedding video,sanuka and vindi wedding,sansara sihine,windy and sanuka wedding,sanda sema pena,numbai mamai,windy wedding,rukantha,saragaye,awasan satana,sitha sanasuma,ayyo saami,windy and sanuka,magemai oya,sasara pura,windy goonatillake,chandralekha,chandralekha perera,oba dakinnata,wedding,rookantha goonatillake

රාග ද්වේශ | Raaga Dwesha by SANUKA & Sangeeth Wickramasinghe

රාග ද්වේශ මෝහේ
තෘෂ්ණාවේ පැටලි මිනිසා
පෙරකම් විඳින්නේ ලෝකේ
සංසාර සයුරෙ ගිලිලා

රාග ද්වේශ මෝහේ
තෘෂ්ණාවේ පැටලි මිනිසා
පෙරකම් විඳින්නේ ලෝකේ
සංසාර සයුරෙ ගිලිලා

දහමේ හැටි දන්නෙ නැද්ද
සිතුවා එය වැරදි නේද
දහමේ හැටි දන්නෙ නැද්ද
සිතුවා එය වැරදි නේද
සොයන්නේ නෑ
බලන්නේ නෑ
සිතන්නේ නෑ
ලොව වැරදි මේ කියා
මාර්ගේ හොඳ හැටි තිබේය
දෑසා හොඳහැටි පෙනේය
කිම මේ බැඳිවල යන්නේ
මංමුලාවු එකෙකු සේ
මංමුලාවු එකෙකු සේ

රාග ද්වේශ..

බුදුගුණ දැන් මතක නැද්ද
මෙත් කරුණා වඩනු බැරිද
බුදුගුණ දැන් මතක නැද්ද
මෙත් කරුණා වඩනු බැරිද
දුකින් මිදී
පවින් මිදී
පමා නොවී
පිං පුරනු මතුවටා
පණනල මිරිඟුව වගේය
තණ අග පිණිබිඳු වගේය
කිම මේ බැදිවල යන්නේ
මං මුලාවු එකෙකු සේ
මං මුලාවු එකෙකු සේ

රාග ද්වේශ මෝහේ
තෘෂ්ණාවේ පැටලි මිනිසා
පෙරකම් විඳින්නේ ලෝකේ
සංසාර සයුරෙ ගිලිලා

රාග ද්වේශ මෝහේ
තෘෂ්ණාවේ පැටලි මිනිසා
පෙරකම් විඳින්නේ ලෝකේ
සංසාර සයුරෙ ගිලිලා