ඊයේ උදයේ | Iye Udaye by Henry Caldera

ඊයේ… උදයේ…

ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ..
ඔය සුරත දරා සිටියා..
ඊයේ… උදයේ…
ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ..
ඔය සුරත දරා සිටියා..

පුරුදු ලෙස මා ඔබ දකින්නට

පැමිණ මංගල සිරියකි දුටුවේ..
සබේ කිසිවෙකු ඉබේ වත් නැත
ඇසක් මා දෙස යොමා බැලුවේ..
කිමද මේ අරුමේ….
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ..
ඊයේ… උදයේ…
ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ..
ඔය සුරත දරා සිටියා..

සොඳුර හෙට අප අලුත් ලොවකට

පා නගන්නට සැරසෙන අතරේ..
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ..
කිමද මේ අරුමේ….
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ..
ඊයේ… උදයේ…
ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ..
ඔය සුරත දරා සිටියා..
ඔය සුරත දරා සිටියා..
ඔය සුරත දරා සිටියා..
ඔය සුරත දරා සිටියා….