විමසාවි | Wimasavi by Sajeewa Dissanayake [2021]

පායා සඳ සේයා
සනහාලා කළා ආරාධනා
පීරා පෙම සීරා
නොඅසාවී ළඳේ මා කාරණා

නුඹෙ නෑඹුල් සිනා සඳ සේලෙන් වසා
තරු පාරෙන් එහා යමු ආලෙන් කියා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

හීනෙන් පවා දුටු කාලේ පුරා
නුඹගේ දෑස හා යා වුණා
ඈතින් බලා සැනසෙන්නම් කියා
සිතුවේ හීන හීනෙන් වූ නිසා
ආලෙන් බලා ඉමි මා නෙත් විදා
සායම් කෙරූ නුඹ ගාවින් නොයා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

මා නෙත් පියා පැතු ප්‍රේමංගනා
නුඹගේ ශ්‍රීය හා සැසඳුනා
ස්නේහෙන් එහා කඳුළෑලෙන් මෙහා
ගැයුනේ ප්‍රේම ගීතේ ප්‍රාර්ථනා

ආලෙන් අසා ඔය මායම් කතා
මා පෙම් කෙරූ නුඹ මාගෙයි කියා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

කෝල බැලුම් | Kola Balum by Sajeewa Dissanayake [2021]

නුඹෙ කෝල බැලුම්
හිත ආලේ කරන්
ඒ පෑ හාදකම්
අද කොහෙදෝ ගිහින්

මම තනිවී හිඳින්
හිත කොහෙදෝ තියන්
පෙර මෙන් ආදාරෙන්
අපි යමුකෝ ඉතින්

නෙක ආල හැඟුම්
ළඟ පාට විමන්
නෙතු සීරූ ඇහින් දැකලා..

ඒ රෝස දෙතොල්
මගෙ දැහැන බිඳින්නට
ඒවිදෝ..සොයලා..

හිතේ ආදරෙන් මන්
දිවුරා කියන්නම්
නෑ ඔබ තරම් දැනුනෙ පහසක්..

නුඹ ළඟමයි රැඳෙන්නෙ..
නෑ වෙන්ව යන්නේ..
මාගේ කතාවේ කුමාරී…
සංසාරේ ආලෙන් පෑ. සේයාවී මගෙ…
ළඟ සැමදා හිඳින්..

දවසක් ඒවිද | Dawasak Ewida by Sajeewa Dissanayake

මගේ ආදරේ…
තවමත් ඒ වගේ…
සොදුරූ… කතාවක් වගේ…
නුඹේ හීනයේ…
දැවටී එදා වගේ…
ඉන්න ආසයි
තවමත් හිතේ…

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

මගේ ලෝකයේ…
නුඹ නෑ ලග මගේ
මට කී කතාවක් වගේ
අකීකරු වුනේ…
කාටත් හොර රහසේ
හිතට දැනුනා නිමාවක් නුඹේ…

සමනල අත්තටු බිදුනා…
සිහිනෙන්වත් නුඹ නොපෙනී ගියා
තවමත් නුඹ හට තියනා
හිතවත්කම් දැන් කොහෙදො මන්දා…

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……