ඈගේ රූපේ | Aage Rupe by Pramoth Ganearachichi

ඈගේ රූපේ ශෝභා
හෘදේ බෝ සේ පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින් ම වින්දා

නින්ද යන් නෑ හීනෙනුත් පේනවා
ඇයිද දන්නේ ඇස් ඇරන් ඉන්නවා
ජෝඩු වෙන්නයි මගෙ හිතත් කියනවා
රණ්ඩු වෙන්නයි ඇස් කොනින් බලනවා
එක බැල්මක් ඔබේ මහ ගින්නක් වාගේ
හද ඇවිලේවි අලුවෙයි හොඳේ

ඈගේ රූපේ ශෝභා
හෘදේ බෝ සේ පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින් ම වින්දා

හාදු වැස්සේ හිතුමතේ තෙමෙනවා
දවස තිස්සේ තෝසි මං කවනවා
එක්ක යන්නම් කාසි මට තියනවා
හැන්ඩි කොල්ලෙක් මං හොදට කැපෙනවා
එක බැල්මක් ඔබේ මහ ගින්නක් වාගේ
හද ඇවිලේවි අලුවෙයි හොඳේ

ඈගේ රූපේ ශෝභා
හෘදේ බෝ සේ පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින් ම වින්දා

ඈගේ රූපේ ශෝභා
හෘදේ බෝ සේ පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින් ම වින්දා

අපේ ඇස් පින් කරලා ඇති | Ape As Pin Karala Athi by Pramoth Ganearachchi

ගිලිහී යන ඔබගේ
මතකය හරි සොදුරුයි
නිහඩව සමු දෙන්නම් මේ තනිකම හරු නුහුරුයි
කුමක් කරන්න ද මං
හිත ඉල්ලන්නෙත් නුබ නම්
වසන්තයක් යලි ඇවිදින් ඔබ
එනවද මාව සොයන්

අපේ ඇස් පින් කරලා ඇති
හිත් පින් කරලා නැති
දැක ගත්තත් දුරින් අපි
එක් වෙන්නට වරම් නැති
රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
තාම ආදරෙයි මං
තාමත් ආදරෙයි මං

හොදම කාලේ මගේ ජීවිතයට දුන්
ඔයාට ඉස්තූති
කරපු ප්‍රාර්ථනා නිවරැදි නම් අපි
අපේ තමයි ඇත්තයි
වාව ගන්න බැරි කදුලු වැටෙනකොට
මගේ හිත නිශ්ශබ්දයි
හැමදාම ඔයා ගැන හිතන්න හිතන්න
දුක් විදුන්නේ මමමයි
වෙන් වෙන්න කරනා
නැති තැනක වෙන් වුනු
දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා

අපේ ඇස් පින් කරලා ඇති
හිත් පින් කරලා නැති
දැක ගත්තත් දුරින් අපි
එක් වෙන්නට වරම් නැති
රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
තාම ආදරෙයි මං
තාමත් ආදරෙයි මං

මාව දෙවැනි කර ඔබට දුනේ මම
පිරිසිදු ආදරයයි
විනිවිද දකින්න හැකිනම් හදවත
එය සැගවෙයි සත්තයි
අමතක කරන්න හැකිනම් මතකය
හිතුනු වාර බෝමයි
හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි
මටත් මාව පුදුමයි
වෙන් වෙන්න කරනා
නැති තැනක වෙන් වුනු
දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා

අපේ ඇස් පින් කරලා ඇති
හිත් පින් කරලා නැති
දැක ගත්තත් දුරින් අපි
එක් වෙන්නට වරම් නැති
රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
තාම ආදරෙයි මං
තාමත් ආදරෙයි මං

ගිලිහී යන ඔබගේ
මතකය හරි සොදුරුයි
නිහඩව සමු දෙන්නම් මේ තනිකම හරු නුහුරුයි
කුමක් කරන්න ද මං
හිත ඉල්ලන්නෙත් නුබ නම්
වසන්තයක් යලි ඇවිදින් ඔබ
එනවද මාව සොයන්

අපේ ඇස් පින් කරලා ඇති
හිත් පින් කරලා නැති
දැක ගත්තත් දුරින් අපි
එක් වෙන්නට වරම් නැති
රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
තාම ආදරෙයි මං
තාමත් ආදරෙයි මං

සත්තයි ඔයා | Saththai Oya by Pramoth Ganearachchi ft. Asanjaya Weerasinghe, Deshan Vilege & Thuwan Inzamam from Sangeethe Teledrama [2020]

සත්තයි ඔයා…ලස්සනම මතකයක්..
මේ වෙදනා ආදරේ තිළිණයක්…
රිදවුමක් නැති ආදරේ අහඹුවක්…
හමුවිමක් නැති වෙන්විම පුදුමයක්…

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..

පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ..
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්

සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්..

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ

ගිනියම් සරා කෙල්ල | Giniyam Sara Kella by Pramoth Ganearachchi | Sangeethe Teledrama Song [2020]

ගිනියම් සරා කෙල්ල හැඟුමින් කලා මෙල්ල
සරුවත් දියේ පැහැය සිතුවම් වෙලා
උකුසෙක් වගේ බැල්ම දෙනෙතින් කලා එල්ල
හැඟුමින් සදා දෙන්න ඉඟියක් කලා

ඒ ගලනා ආශාව මා දෑස නෑ
කිසිද සීමා වෙලා
ඈ සලලා සේයාව මා ගාව පෑ
අරුමේ නෑ වේදනා

හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා
මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා

ඉඳුනිල් නුරා කැල්ම සිතුවිලි පුරා ඇල්ම
මැදියම් රැයේ සිහින උණුසුම් කලා
ලං ලං වෙලා ඉන්න හැඟුමන් මවා දෙන්න
මල්සර සිනා රැල්ල මුවඟින් මවා

මේ ගලනා ආශාව මා දෑස නෑ
කිසිද සීමා වෙලා
ඈ සලලා සේයාව මාගාව පෑ
අරුමේ නෑ වේදනා

හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා
මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා

මේ සිතුවිලි පවසන්නම් සිතුසේ රෑ
සඳකෙමි අතුරන්නම් ….

හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා
මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here