සසර පුරා | Sasara Pura by Dasun Madushan [2023]

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

මනමාලිය ලෙස ඔබ අද රුවට සැරසිලා
පියනගනා විට පියතුම අතෙහි එල්ලිලා
වෙනදා මෙන් නොව මගෙ හද ගැස්ම වැඩිවෙලා
මට නොදැනිම මගෙ දෑසම කඳුළු තෙත් කලා

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

නික්ම යන්න අලුත් ලොවක දිවිය අරඹලා
මොහොතට පෙර නුඹ ආදර මවට ලංවෙලා
කෙලෙසක නුඹ රැගෙන යම්ද සිතත් නැවතිලා
හිදිමි මුවග සිනහවකින් කඳුළු සඟවලා

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

written by Kasun Wickramasinghe

ඒ දෑස | E Dasa by Dasun Madushan ft. Smokio [2021]

ඒ දෑසම සිහිවෙලා
දෙවගනදෝ හීන ගේන
ඈ පිනිස අල්තාරයේ
වැතිරී හිදී මා

පෙම් සයුරේ කිමිදෙනා
කිදුරිය මෙන් ඈව පේනා
අගනක් ද රන්ද්වාරයෙන්
ඇවිදින් හිදී රෑ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

smokio
කාමිනී මං නලෝලා දේහිනී
කල නොහැකි උපමා
කිසි දේකිනි
මේ දිනී නෙත් දිලිසේ මිනී
ඒ නුරා දෑසින් පිටවෙයි ගිනි

මිනිදු සිහිසුන් කරයි
සරාගි නෙත් කැලුම්
පෙම මගෙන් ඈත
අතැගෙන් ඈතත් ගැරූ
ඉතිරි කලා කතාවක් මට ඉරි තැලූ

ප්‍රතිමාවක් ගතින අතින් නෙලූ
බාදුරාවක් ව බබරුන් තෙලූ
මා නොවෙයි තවත් අගනක් සෙවූ
හිස්සරක් වී ඈ දෙස පෙවූ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රෑ පුරා හීනයේ | Raa Pura Heenaye by Dasun Madushan [2020]

රෑ පුරා හීනයේ
මා මැවූ
මාළිගාව රැජිනකට ලියා

නෑ සිනා
ඈ නිසා
මා ගෙවූ ජීවිතයද
රැගෙන ගිය නිසා

හිමිවී යතාර්තයේ
නදියේ නටබුන් වූ
පෙම්කතා දුටුවා

සිරවූ සිතුවිල්ලකින්
නොතැලී
මනසින් ඒ රුව පවා
බොද කලා

හිතට වදිනා
ඇගේ හඩින් එකපෙලට ඇහෙනා
වදනකින්දෝ රැවටුනේ

රැයම කලඹා
සුවහසක් සුරලෝක
පෙනෙනා
මත්වෙමින් සුරලොවේ

හිමිවී යතාර්තයේ
නදියේ නටබුන් වූ
පෙම්කතා දුටුවා

සිරවූ සිතුවිල්ලකින්
නොතැලී
මනසින් ඒ රුව පවා
බොද කලා

රෑ පුරා හීනයේ
මා මැවූ
මාළිගාව රැජිනකට ලියා

නෑ සිනා
ඈ නිසා
මා ගෙවූ ජීවිතයද
රැගෙන ගිය නිසා

හිමිවී යතාර්තයේ
නදියේ නටබුන් වූ
පෙම්කතා දුටුවා

සිරවූ සිතුවිල්ලකින්
නොතැලී
මනසින් ඒ රුව පවා
බොද කලා

සිහිනෙන් | Sihinen by Dasun Madushan

සිහිනෙන් සිහිනෙන්
සිහිනෙන් මා හා
රහසින් රහසින්
පියමන් කෙරුවා

අනුරාගයේ රදවා ගියේ
පරමාදරේ සගවා

සිහිනෙන් සිහිනෙන්
සිහිනෙන් මා හා
රහසින් රහසින්
පියමන් කෙරුවා’

සරා ගී නෙත් ඉමේ
සතපාලා මා ලයේ
හිත කලබා මැය නොකියා
වෙන් වුනේ

සරා ගී නෙත් ඉමේ
සතපාලා මා ලයේ
හිත කලබා මැය නොකියා
වෙන් වුනේ

අනුරාගයේ රදවා ගියේ
පරමාදරේ සගවා
අනුරාගයේ සගවා හිතෙ
පුපුරා හදේ සීමා

අනුරාගයේ රදවා ගියේ
පරමාදරේ සගවා
අනුරාගයේ සගවා හිතෙ
පුපුරා හදේ සීමා

සිහිනෙන් සිහිනෙන්
සිහිනෙන් මා හා
රහසින් රහසින්
පියමන් කෙරුවා

මන්දාරමේ | Mandarame by Dasun Madushan ft. Raj Thillaiyampalam [2020]

මන්දහාසේ
නැගූ දෙව්ලියේ

ඉන්න දෑසේ
රැදී තුන්යාමයේ

වෑහෙනා
සවන් පත් පුරා
ආදරේ රහස් නිවිනිවා

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

රන්තාරුකා
පොකුරේ බැදී
හිනැහෙන්න සද සේ නැගී

පිපී හිනැහෙන
වසන් මල්විලේ
හැගුම් තටු සැලූ
සමනලී

සුසුම් කොඩයේ
විඩාබව නිවූ
සිසිල් පිනි නිවූ
සුරතලී

නෙතුමායිමේ
පේනා සුපෙම්
පෙම් හීන දුන් මාලතී

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

ලවන් සනසන
කොපුල් තල නුබේ
සුපෙම් සුවද දේ
ආදරේ

නැවුම් ප්‍රේමයේ
අනන්තය මැවූ
ප්‍රියාවී නුරා සාදයේ

පෙම්මාදිනී
සැරසූ දසුන්
ශ්ෘගාර රූ දේහිනී

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

රන්තාරුකා
පොකුරේ බැදී
හිනැහෙන්න සද සේ නැගී

මන්දහාසේ
නැගූ දෙව්ලියේ

ඉන්න දෑසේ
රැදී තුන්යාමයේ

වෑහෙනා
සවන් පත් පුරා
ආදරේ රහස් නිවිනිවා

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

රන්තාරුකා
පොකුරේ බැදී
හිනැහෙන්න සද සේ නැගී

නීරස | Neerasa by Dasun Madushan ft. Kaizer Kaiz [2019]

නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා
නාඬා ශෝගී සේනා විඳවනා
නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා

තත්පර මිනිත්තු පැය දවස්
උදේ ඉදන් වෙනකන් හවස්
ඉවසුවා මමත්
සතුටක් නෑනේ තවත්
සල්ලි ගොඩක් නැති ජීවීතයක්
වගේ අන්ධයට සිතුවමක්
තේරුමක් නෑ කලුවරයි
තිබුනත් වටේට පාට ගොඩක්
අවසරයි ස්වාමීනී මරලා නෑ මම මිනී
ඉවසන්න බැරි වුනා පොඩි වුන්ගේ බඩගිනි
දුප්පත් පැත්තෙන් පෝසත් පැත්තට
පනින්න නෑ නේ කහ ඉරි
නීතිය කඩන්න හේතුව ඒකයි මම සමා අයදිමී

නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා
නාඬා ශෝගී සේනා විඳවනා
නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා

පිලිගන්නවා කොන්ක්රීට වත්තට
කුරුල්ලෝ වැඩි අපී ඉපදුන අත්තට
දෙවියො වුනත් අපෙන් ආතල් ගත්තට
පිනට බරයි අපි නෑ පව පැත්තට

බල්ලන්ට පොශ් කඳුල
අපිට කොස් මදුල
අපේ රස බොජුන්
වගේලු උන්ගේ ඉඳුල
දස වද දීලා වෙඩි තියලා එල්ලලා හරි
පොඩි උන්ට කන්න ලැබුනොත් හොදටම ඇති
කරේ ටයි නෑ පොළවේ ටයිල් නෑ
උසාවී ගානේ මගේ ෆයිල් නෑ
පළවෙනි පාරට මම සිල් කැඩුවේ
පොඩි උන් සතුටෙන් ඉතින් දුකක් නෑ
හදවත ගින්නෙන් ලේ රත් කරලා
පපුව පිච්චුනත් තේ වක් කරලා
දෙන්නට හැකි නම් දෙනවා මහත්තයෝ
පොඩි උන් දෙන්නට අලු ටික පෙරලා

නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා
නාඬා ශෝගී සේනා විඳවනා
නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා

කිඳුරියෙ නුරා | Kiduriye Nura by Dasun Madushan [2020]

කිදුරියේ නුරා
රූ කිමද තව හංගා
යහනේ පුරා දගකරමුදෝ මා හා

සුසුමද මුදා
රගදේවි හද ආශා
හැගුමට වඩා
රැගුමක රැදී පහසා

රාගයේ ගිලෙනා අදුරේ
ප්‍රේමයක් නම් නෑ දැනුනේ
වේගයෙන් නිමවූ හැගුමේ
නෑ යලි විදගමු අපි සොදුරේ

ආයාචනා
නෙතු කැල්මකින් යාවී
වීනා වයා හද සතුටකින් ඉපිදේ

ඈ හා ඇගේ
සුවදත් හදේ දැවටී
පේවී සිතින් පැතු රුව නුඹයි ලදුනේ

රාගයේ ගිලෙනා අදුරේ
ප්‍රේමයක් නම් නෑ දැනුනේ
වේගයෙන් නිමවූ හැගුමේ
නෑ යලි විදගමු අපි සොදුරේ

සියුමැලිව නොතැලෙන්න
මල් රේණු පෙති මතට
තැවරූ උනුසුම් මුදු හාදූ

හිමිදිරියේ පිණි පොකුරු
පෙති රෝසපත් තෙමුව
නොලියූ කවියක ඇරඹුම ලූ

රාගයේ ගිලෙනා අදුරේ
ප්‍රේමයක් නම් නෑ දැනුනේ
වේගයෙන් නිමවූ හැගුමේ
නෑ යලි විදගමු අපි සොදුරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

එඩිතර හිතින් | Edithara Hithin by Dasun Madushan ft. Kasun Wickramasinghe [2020]

එඩිතර හිතින් රුපු බාධක බිඳලමින්
ස්මාරක තැනූ මනුසත් මෙහෙයුම කොනින්
පෙවු කිරේ මවු නමින් රෑ දිවා යුධ වැදී
(නෑ බෙදී දෑ බැඳී ඈ රකී සිංහයෝ)

පීරා සිවුකොනේ නොතකා දිවි නුඹේ
ප්‍රානේ මුදවනා හිත එක අරමුණේ
රැව්පිලි දිදී නෙක පියවරුන් මව්වරුන් හඬනා
ඒ හඬ ඇසී හිනැහුනා නොමිනිසුන්
නෑ බෙදී දෑ බැඳී ඈ රකී සිංහයෝ

පේවී එකහිතින් සුව කරනා අධිටනින්
නේනා දේවිවරුන් නුඹ හැර රන් සෙන්පතින්
කඳුලැල් සිදී සිනහා මැවී හිරු නැගී අහසේ
යදමෙන් මිදී පිබිදෙමු.
නෑ බෙදී දෑ බැඳී ඈ රකී සිංහයෝ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

දඬු මොණරා | Dandu Monara by Dasun Madushan ft. Raj Thillaiyampalam & Kapilan Kugavel [2019]

රාමා
නුඹ ගේනවා…
සේනා මට පේනවා…
සීතා
මා යුද්දෙක පැටලෙව්වා…
විදිනා හී මට වැදුනා
ගැහෙනා හද හිරවුවා
සීතා
නුඹ හින්දා මා දුක් වින්දා

අයියො මචං
ඇයි අපි මේ යුද්ද කරන්නෙ
ගෑණු හින්දා
මොකටද මේ වාද කරන්නෙ
වානරයින් එක්ක ඇයිද
මෙහෙටම ආවේ
ඩ්‍රයිවර් එක්ක දඩු මොණරේ
මං දෙනවා නේ

දවසක් දා
මං ආවා
කැලයට වී පොඩ්ඩක් මා
නිදියැව්වා…

සීතා ඇවිත්
ඇහැරෙව්වා
දඩුමොණරෙට ඈ හරි කැමතී
කිව්වා…
ආයෙ යන්න බෑ කිව්වා
ලංකාවේ ඉමු කිව්වා
මෝඩ වෙලා මං හා කිව්වා
ආයෙ යන්න බෑ කිව්වා
ලංකාවේ ඉමු කිව්වා
මෝඩ වෙලා මං හා කිව්වා

ග්‍රහයෝ දැන් නීච වෙලා
අප්සට් වීලා…
අයියයියෝ…
මෝඩ වුණා .COM වීලා…

අයියො මචං
ඇයි අපි මේ යුද්ද කරන්නෙ
ගෑණු හින්දා
මොකටද මේ වාද කරන්නෙ
වානරයින් එක්ක ඇයිද
මෙහෙටම ආවේ
ඩ්‍රයිවර් එක්ක දඩු මොණරේ
මං දෙනවා නේ

යුද්දෙදී මා
වෙමි විරුවා…
මේ සටනේ හිත බිදිලා මා වැටුනා
තිබ්බ ධනේ නැති වූවා
දඩු මොණරෙත් දැන් අයියෝ සීස් වුනා…

පැරදීලා නෑ කිසිදා
කවුරුත් නෑ ඉපදීලා
මේ ලෝකෙට මම වෙමි ලොක්කා…
මායම් දා පැටලෙව්වා
හිත එක තැන නැති වූවා
වානරයන් රට ගිනි තිබ්බා…
විස හීයක්…
පපුවේ වැදිලා
මම බිම වැටුනා
කිව්වා නම් ඈ
ගෙනවිත් දෙනවා
මට ඕනෑ නෑ….

අයියො මචං
ඇයි අපි මේ යුද්ද කරන්නෙ
ගෑණු හින්දා
මොකටද මේ වාද කරන්නෙ
වානරයින් එක්ක ඇයිද
මෙහෙටම ආවේ
ඩ්‍රයිවර් එක්ක දඩු මොණරේ
මං දෙනවා නේ

රාමා
නුඹ ගේනවා…
සේනා මට පේනවා…
සීතා
මා යුද්දෙක පැටලෙව්වා…
විදිනා හී මට වැදුනා
ගැහෙනා හද හිරවුවා
සීතා
නුඹ හින්දා මා දුක් වින්දා

 

Download Official Audio from here!

බත් කූරෝ / Bath Kuroo – Dasun Madushan [2017]

බත් කූරෝ

බත් ටික කෑවෝ

අංකූරෝ

අගේ ඉදන් කන කෑ මිතුරෝ

ලංවී උන්නෝ

වල පෙන්නා

උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ

 

නා ගන්න

හොදම තැන කියා

ලෝදියම පෙන්නුවේ පුතා

පාගන්න හොදට ඔලුව

මෙන්න ඉතින් පාගපන් සනා

 

දරා ගන්න නියම හිත කියා

කියාකියා

ලෝකයම ගිනි තියා ගියා

ගියාගියා

නටාගන්න බැරිම උන්ට

ඇදට තියෙන ලෝකයත් එපා

 

බත් කූරෝ

බත් ටික කෑවෝ

අංකූරෝ

අගේ ඉදන් කන කෑ මිතුරෝ

ලංවී උන්නෝ

වල පෙන්නා

උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ

 

හිතා ගන්න බැරිද මිත්‍රයා….

ලගින් ඉන්න සර්පයා මෙයා

එපා බොන්න නිවපු වතුර

ඒක යටින් ගින්දරක් ගියා

 

බදාගන්න නියම තැන බලා

බලාබලා….

වටේ ඉන්න

උකුසු ඇස් වසා….

හිනාවෙන්න ඉන්න අයට

හොදට දෙන්න චාටරේ පුතා

 

බත් කූරෝ

බත් ටික කෑවෝ

අංකූරෝ

අගේ ඉදන් කන කෑ මිතුරෝ

ලංවී උන්නෝ

වල පෙන්නා

උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ

 

බත් කූරෝ

බත් ටික කෑවෝ

අංකූරෝ

අගේ ඉදන් කන කෑ මිතුරෝ

ලංවී උන්නෝ

වල පෙන්නා

උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ…….

 

බත්කූරෝ………

බත්කූරෝ………

 

Official Music Video