අහසින් එහා | Ahasin Eha by Kasun Kalhara ft. Uresha Ravihari | Adaraneeya Kathawak Movie (OST) [2016]

අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන් විහඟෙකු ලෙසින්..
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතින්..
හිත කළඹමින් හැඟුමන් ඇවිත්..
ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්
හද ගී පොතේ – සත්සර නැගේ – ඒ ආදරේ..

සිතුවිලි කුසුම් විකසිත වෙමින්
මකරන්ද සුවඳින් පිරේ..
ඔබගේ හඬින් විවරණ අරන්
ජීවිතය ගීයක් වුනේ..
දවසක ඉතින් කිරුලක් දරන්
ඔබ එන්න රැජිනක් ලෙසින්..
හිත කළඹින් හැඟුමන් එඹී
ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්..

අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන් විහඟෙකු ලෙසින්..
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතින්..
හිත කළඹමින් හැඟුමන් ඇවිත්..
ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්
හද ගී පොතේ – සත්සර නැගේ – ඒ ආදරේ..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ඉපදුන තැනදිම | Ipaduna Thanadima by Amila Perera [2016]

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
ආදර දෙසිතක ඉකිබිදිනා
නොමියෙන මතකය පමණක් දෙහදේ
සිර වේවිද උන් මියෙන තුරා

කාටත් නොපෙනෙන
කවුරුත් නොදකින
ළයේ පැතුම් පොදි තෙරපෙනවා
ඉගිලී යන්නට අහසක් තිබුනට
සිත ඉඩ දෙන්නෑ..ඉඩ දෙන්නෑ
ආදරයේ දැහැනින් මිදිලා

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
ආදර දෙසිතක ඉකිබිදිනා
නොමියෙන මතකය පමණක් දෙහදේ
සිර වේවිද උන් මියෙන තුරා

සිතිවිලි අතරේ තනි වී ගොළු වුනු
බලාපොරොත්තුව යලි පුබුදා
දකිනා පෙනෙනා සිහිනේ සොයනා
කැළඹුණු සිත සන්සිදුනා

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
ආදර දෙසිතක ඉකිබිදිනා
නොමියෙන මතකය පමණක් දෙහදේ
සිර වේවිද උන් මියෙන තුරා

amila,muranga,songs,derana,sirasa,mihirawa awa,sulan kurullo,heena rate kinnarawi,kalawathi,goal seek,sri lanka,sahan,video,girls,solver,access,sinhala,scenario,tutorials,sudu nangi,hiru maki yai,manu,raju,hiru,sanka,rukman,sajith,tiktok,wijaya,nadeeka,dimanka,nurawee,sandeep,acoustic,tone poem,unplugged,musically,theekshana,word,excel,meena

මේ ඔබට ඇහෙනවද | Mee Obata Ahenawada by Kasun Kalhara | Adaraneeya Kathawak Movie (OST) [2016]

මේ ඔබට ඇහෙනවද
හඩන හිතක හඩ..
මේ ඔබට ඔබට දැනෙනවද
තැවෙන හිතක දුක..

නොතෙමෙන දෙනෙතක එක පිනි කදුලක්
නොදැනිම වැටුණා..
නොතැවෙන සිත ලග එක සෝසුසුමක් නොදැනී හෙළුනා..
මේ ඔබට ඔබට දැනෙනවද
ගැහෙන මගේ හදවත…

නොනිමෙන ගින්නක මුල් ගිනි සිළුවක්
හද ලග දිලුණා..
තැවී තැවී හමුවන අපේ හමුවීමත් නැවතී තිබුණා..
මේ ඔබට ඇහෙනවද
හඩන මගේ හිත..

මේ ඔබට ඇහෙනවද
හඩන හිතක හඩ..
මේ ඔබට ඔබට දැනෙනවද
තැවෙන හිතක දුක..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මා නොගැයූ | Ma Nogeyu by Amal Perera ft. Kushani Sandareka | Adaraneeya Kathawak Movie (OST) [2016]

මා නොගැයූ ගීතේ
හැබැහින් මා ගයන්නේ
රෑ පිපුනු කදුලේ
සිසිල‍යි හද පුරන්නේ
මාගේ හිතේ සෝසුසුම් පිසදනා
අරුතක් තිබේ සැනසෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා විදින්නේ
රෑ පාළු අහසේ
සදටයි තනි රකින්නේ
මා හද මැවූ ඒ පැතුම් පුබුදනා
ගගුලක් තිබේ නොසිදෙනා

කදුල කටුගෑ
නිහඩ කවියේ
මියුරු තනුවක් වෙවී
තනිය ඉපිලෙන
මුහුදු ගමනේ
සුන්දර අත්වැල් බැදී
හිස් අහසේ මන බදින
පද කල්පනා
සිත් යායේ මුමුනන්න
ගීයක් වෙලා
දෙසිතක හැගුම් මුසුවෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා ගයන්නේ
රෑ පිපුනු කදුලේ
සිසිල‍යි හද පුරන්නේ
මාගේ හිතේ සෝසුසුම් පිසදනා
අරුතක් තිබේ සැනසෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා විදින්නේ
රෑ පාළු අහසේ
සදටයි තනි රකින්නේ
මා හද මැවූ ඒ පැතුම් පුබුදනා
ගගුලක් තිබේ නොසිදෙනා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සිතුවිලි පුරා | Sithuvili Pura by Uresha Ravihari | Adaraneeya Kathawak Movie (OST) [2016]

සිතුවිලි පුරා
සිහිනෙක පවා
සිතුවිලි පුරා
සිහිනෙක පවා

නෙතු ඔබේම වෙනු දකිනා
හෙට පහන් වෙයන්
මගේ සිහින අරන්

ඔබ මාලගයි සිතුනා
ඔබ මාලගයි සිතුනා
ඔබ මාලගයි සිතුනා

සෙනෙහසින් බැදී සෙනෙහසම නිසා
නෙතු කදුලු වලින් පිරෙනා
හද කවුලු දොරින් මැව් සිහින අරන්

ඔබ ගියා මතක හිතුනා
ඔබ ගියා මතක හිතුනා
ඔබ ගියා මතක හිතුනා
ඔබ ගියා දුක තියා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ආදරේ | Adare by Kasun Kalhara ft. Kushani Sandareka | Adaraneeya Kathawak Movie (OST) [2016]

හොයාගෙන
හොයාගෙන
ආවේ

හොයාගෙන
හොයාගෙන
ආවේ

ගගක උල්පත දෝ
බිගුනු රැදි මල් මතදෝ
කොහේ සිටියාදෝ
හොයාගෙන හොයාගෙන ආවේ
තුරු හිසක රැදුනේ
ගගුලේ මියැසිය
ඇසුනේ
උන්මාද සත්සරාවී
මා මුසපත් කරා

නෙතු ලිහේ
නිසල් මේ අහසේ
සියොලගම සත්සරයේ රැදුනේ
සීරුවට අහන්නට රහසේ
කියන්නම් මං ආදරේ

ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ

නෙත් කවුළු හැර දෙන්නම්
හුස්ම නොගෙනම ඉන්නම්
විසල් අහසේ
දොරටු හැර දෙන්නම්

ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ

මා ආදරේ
ආදරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here