උන්මාදෙන් | Unmaden by Shehani Kahandawala ft. DKM [2023]

මීදුම් දුමාරෙන්
ඈතින් පේන යායේ
නිල් පාට දෑසින්
මානම් මත් වෙලා

සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලංවෙලා

සීතලේ වෙලීලා
මා හා ඔබ තනිවී සදා
මා ලගින් සිනාසී පායා
හිද ගුලිවී සදා

මීදුමෙන් වැසීලා
සේයා නුඹ සිහිනේ මවා
ආදරේ සොයාලා පීරා
තව සිහිනේ සදා

ආදරේ කරන්න බෑ බේබේ
මම සති අන්තයේ
කවුද මේ ලේඩී
කියා බලා උන්නේ නුඹ දිහා
දුර ගමනක් යමු අපි කවුලු වහලා

මේ වාහනේ ස්ක්‍ර්ට් ස්ක්‍ර්ට්
දාලා යන්නෙ බ්‍ර්ස් බ්‍ර්ස්
අද ලේලන්ඩ් එක්ස්ප්‍රස්
සහ මම නුඹ දිහා බලා
හොද කරගන්නම්
මේ වයිරස් උන

ෆෙන්ටි දාලා
ගුචි දාලා ඇදන් ඉන්නේ මං
මේ පුංචි හදවත ගුචි කරලා පින්සලෙන්
හදවතේ සිතුවමක් ඇදන් ඉන්නේ මං
ශෙයි ඔයත් එක්ක යන්න ඉන්නේ ලෝකෙවටේ දැන්

සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලංවෙලා//

written by Didula Tharusara

මායම් තාරකා | Mayam Tharaka by Harshad Ibrahim [2022]

මායම් තාරකා ස්නේහයේ රෑ පුරා
සිහිනෙන් පෑව දෙව්ලිය මගේ
අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ
සිහිනේ භාවනාවක් කලේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ ආදරේ

ආලේ නම් හැඟුම් යාය පාටින් සදා
රෑනේ ආලෙ පාවී ගියේ
අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ
සිහිනේ භාවනාවක් කලේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ ආදරේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ ආදරේ

written by DidulaTharusara

යලි නොඒවී මා | Yali Noewee Ma by Duava ft. Didula Tharusara [2022]

සාදයේ මාහා සුවේ ඒ වින්දේ ලංවීලා,
මා හදේ ඔබ හා ලියූ මේ ආදරේ ගීතේ,
ඔබ කියාදුන් ආලේ ආයේ,
නොවේ පෑවේ ඒ කලේ,
සෙවූ ඒ සේයා ලෝකේ පීරා,
හදේ ලිව්වේ ඒ කාමේ,
නොවේ ලංවූයේ ආයේ,
සිතේ ගැල්වූ බොරු ආලේ මාහා,

යලි නොඒවී මා,
ඈ හා,
Girl don’t make me lose my mind and misbehave for you,
And you thought I’d love what’s fake,
But you changed your mind when I found someone new,
Still I can’t get enough of you,
You,
Still I can’t get enough of you,
Still I can’t get enough of you,
Still I can’t get enough of you,
You,

ආලෙන් මා මත්වෙලා,
සායම් ගෑ රූසරා,
රූපේ ඔබේ කාමෙන් සේදෙනා,
ස්නේහෙන් ඔබේ පාවෙලා,
යාවී රැයේ මාසොයා,
ආදරේ ඔබේ යාවී සේදීලා,

මාසොයා ඒවී,
හදේ තිබූ ඔබේ රුවේ දැවීමා,
ගියේවී,
පාවෙලා මේ රෑ,
ඔබේ ආදරෙන් මුලාවී පාවී,
සාගරේ පුරා සොයමී ආදරේ,

නොඒමී මා,
ඈ හා,
Girl don’t make me lose my mind and misbehave for you,
And you thought I’d love what’s fake,
But you changed your mind when I found someone new,
Still I can’t get enough of you,
You,
Still I can’t get enough of you,
Still I can’t get enough of you,
Still I can’t get enough of you,
You

ප්‍රියාදරී | Priyadari by Didula Tharusara ft. Cozzy [2021]

සැලෙනා පිණිබිඳු නුරාවේ
මුමුණා කවිපද හැඬූයේ
නුඹේ සිනහා
හදේ මැවුනා
නිවෙනා තරුකැට අමාවේ

කුමාරියේ නුඹේ
අනුරාගයේ වෙලී
උන් ඒ යාමේ

ප්‍රියාදරී නුඹේ
උන්මාදයේ වෙලී
හීනේ නෑසේ

දැනෙනා සිතිවිලි ගැයූවේ
ගැහෙනා මතකයෙ විරාගේ
සිතේ ඇඳුනා
නෙතේ රැඳුනා
දැවෙනා කඳුළැලි සිනාසේ..

කුමාරියේ නුඹේ
අනුරාගයේ වෙලී
උන් ඒ යාමේ

ප්‍රියාදරී නුඹේ
උන්මාදයේ වෙලී
හීනේ නෑසේ

මාගේ.. හෘදේ..