ආදරේ හැටි | Adare Hati by Nadeemal Perera from Imlie Teledrama [2022]

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

හාදු ඉහින දෙතොල් අතර නවතින්න සිතී
කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී…
රෑට අහසේ රටා මවන තරු අතර වැටී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

හාදු ඉහින දෙතොල් අතර නවතින්න සිතී
කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී
රෑට අහසේ රටා මවන තරු අතර වැටී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී
හිමි වේ නම් බලාගනිමි නුඹේ පහසේ මං රැදී
අහිමි වුනොත් දරාගනිමි මේ ආදරේ හැටී

අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී
හිමි වේ නම් බලාගනිමි නුඹේ පහසේ මං රැදී
අහිමි වුනොත් දරාගනිමි මේ ආදරේ හැටී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී