මගෙ තනි ප්‍රේමේ | Mage Thani Preme by Shammi Fernando

මතකේ මතකේ නුඹගේ
මකන්නද හදින් මං
තියන් දැවෙන්නද තවත් මං
දුරකින් නුඹටත් රහසින් හිදිමින්
පෙම් කරන්නද තවත් මං
බලාපොරොත්තුත් තව තියන්
හිත කොහොම හදන්නද
නුඹ වෙනතක පැටලෙන්නට
මම තනිව හිදින්නට
මේ ආදරයද

මම කෙරු මගෙ තනි ප්‍රේමේ
තවමත් එය නම් ඔබ නොදනි
නුඹගෙන් පිරි මගෙ ලෝකේ
මත් දුමකින් මා මත් කරමි

මම කෙරු මගෙ තනි ප්‍රේමේ
තවමත් එය නම් ඔබ නොදනි
නුඹගෙන් පිරි මගෙ ලෝකේ
මත් දුමකින් මා මත් කරමි

ඒ ප්‍රේමිය නුඹට ලියු හසුනේ
අකුරුත් බොදවී වචනත් මියැදී හැගුමක් ඉතිරිකලා
ඒ ප්‍රේමිය ඒකපාර්ශ්වික පෙමක්
එතරම් දුකක් බව
නොකරමි කලින් මං

නුඹ ගැන හිත හිත දැවෙනා
හැම රෑකම තනිවම හැඩුවා
තව තව තනිවම තැවෙනා
හිත කොහොම හදන්නද මන්දා

මම කෙරු මගෙ තනි ප්‍රේමේ
තවමත් එය නම් ඔබ නොදනි
නුඹගෙන් පිරි මගෙ ලෝකේ
මත් දුමකින් මා මත් කරමි

written by Shammi Fernando, Kavin Wijendra

ආසම | Asama by Shammi Fernando ft. OOSeven [2022]

දකිනා නැහෙනා
දකිනා හැම හීනයේ
මැවෙනා හැම වාරයේ
මට ඕනා නුඹ ළඟ ඉන්නයි
හැම හෝරා නුබවම සොයයි

ආසම ආදරේ නුඹ මට දුන් නිසා
ආසම ජීවිතේ ඔබ මට ලං කළා
ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගේ ලොව

දිගස්සියේ ඔය බැල්මන් හද කිති කැවෙනා
රුවත්තියේ ඔය සිනහව මගේ ලොව මැරුවා
නැලවෙන උකුලේ තාලෙට ඇස් මගේ පැද්දෙනවා
සැඟවුණු නුඹේ ලොවේ තනිවම පහසක් විඳිනා

ආසම හීන පාරේ ඔය රුව දැක්ක වේලේ
ආසම දෑස මානේ මගේ හිත යා වුනාවේ
ආසම හීන පාරේ ඔය රුව දැක්ක වේලේ
ආසම දෑස මානේ මගේ හිත යා වුනාවේ

ඈ කළඹාවී මා සනසාව් මා
පෙම් සිතුවිලි අවදිවුනා
දැනුනා පිනවන්න මා
ගිනිගන්න හදවත මොහොතකට සතුටු වුණා
දැනුනා මං ආසයි ඈ රහස් කියද්දී
ඇස් පිල්ලම් ගහද්දි හුරතල් වචන මුමුනද්දි
නොපෙනෙන මං ආසම දේ
මගෙන් සගවද්දි
ආලෙන් වෙලී මන්මත් වී දෑස දිහා බලන්
ගෙවෙන තත්පර වටිනවා රත්තරන් සේ
දහසක් ඉන්න තව දවසක් ඉන්න
එනකම් බලන්
මට උණුසුම දැනෙයි ගිණි උදුණේ
පිච්චෙන තරමට තව රස දැනුනේ
නොතේරෙන අරුමේ කිමද ළඳුනේ
නිල් දෑසක් දැක සිත බැදුනේ

ආසම ආදරේ නුඹ මට දුන් නිසා
ආසම ජීවිතේ ඔබ මට ලං කළා
ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගේ ලොව

ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගේ ලොව
ආසම ඔබම තමා
ආසම ආදරේ ඔයා
ආසම ඔබම තමා

ලස්සන දවසක | Lassna Dawasaka by Shammi Fernando [2021]

පා මුව මල් සිනහා
පා ඉක්මන් කරලා
මා හදවත සනහා
මා ලගටම දුවලා

ඉන්නකෝ සුදු නගෝ
මගේ අත අල්ලලා
ගන්නකෝ ඇයි මොකෝ
ඔය මූන රතු වෙලා

ලස්සන නුඹ දැක
හිත පහන් වුනා
ලස්සන හීනෙක
මම දැහැන් වුනා

ලස්සන අහසක
ඉර මුදුන් වුනා
ලස්සන දවසක
උබ මගේ වුනා

රෝස මලකෝ
මෙහෙට එන්නකෝ
දෑස තුල මා දවට ගන්නකෝ
ආස කල ආදරය දෙන්නකෝ
රෝස තොල ගා හිස සිබින්නකෝ

ජීවිතේ
පාටගෑ
වාසනාවේ දේව දුතියේ

ලස්සන නුඹ දැක
හිත පහන් වුනා
ලස්සන හීනෙක
මම දැහැන් වුනා

ලස්සන අහසක
ඉර මුදුන් වුනා
ලස්සන දවසක
උබ මගේ වුනා

මාල පලදා
රත්තරන් ගෙලේ
සේල අන්දා ඉස්තරම් ලොවේ
කාල බලලා
ලබන ඉල් මහේ
තාල හිත මා ගන්නවා නුඹේ
ජීවිතේ පාට ගෑ
වාසනාවේ දේව දූතියේ

ලස්සන නුඹ දැක
හිත පහන් වුනා
ලස්සන හීනෙක
මම දැහැන් වුනා

ලස්සන අහසක
ඉර මුදුන් වුනා
ලස්සන දවසක
උබ මගේ වුනා