ලබැඳි කොමළියා | Labandi Komaliya by Bathiya & Santhush

මගෙ ලගම රැදිලා
නුබ නෙතග නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා ඒ රංකද දකින සිරියා

ගැස්මක් තදට දැනිලා
හිත අරන් මගෙ ලග රැදිලා
නුඹ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරේ යාවිද මැකිලා

කෝල කතා බැල්ම හෙළා
මගෙ හිතට ඉගිරි පපා
රූප ශ්‍රීයා නාරිලතා මටම ගැලපියා

ඒ ලබැදි කොමලියා
මගෙ හද පෙළෙන මුකුලියා
ලග ලගම දැවටියා මුකුලිත නුඹට හිත ගියා

ඒ ලබැදි ලබැදි ලබැදි ලබැදි ලබැදි කොමලියා
හද පෙළෙන පෙළෙන පෙළෙන මුකුලු නුඹට හිත ගියා

ඒ ලබැදි කොමලියා…

මගෙ ලගම රැදිලා නුබ නෙතග නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා
ඒ රංකද දකින සිරියා

ගැස්මක් තදට දැනිලා
හිත අරන් මගෙ ලග රැදිලා
නුඹ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරේ යාවිද මැකිලා

කෝල කතා බැල්ම හෙළා මගෙ හිතට ඉගිරි පපා
රූප ශ්‍රීයා නාරිලතා මටම ගැලපියා

ඒ ලබැදි කොමලියා…//

සැර වීලා – රතු විලා කොයිද යන්නෙ මේ සුරංගනීයා
දෑස ගස්සා වැස්ස වස්සා උබෙ රුවට පිස්සු වැටිලා

යං යං යං මුකුලියා
කළබල වීලා හනිකට ඉන්දා ආලේ මන බන්දා
මගෙ සුර ලන්දා තනිකඩ හින්දා මට උබ ඕනා

ඉටි රූපේ වගේ සුදු කෙල්ල
කරවාල මගෙ හද මෙල්ල
කැලබිල නුබෙ කෙහෙරැල්ල
තෙරපිලා මගෙ හද පල්ල

ඒ ලබැදි කොමලියා…//

written by Chamitha Cooray x Randhir

ඇස් තොල් සේදිලා | As Thol Sedila by Randhir Witana [2023]

දග කරනා නෙතිනා
බද පද්දා හර්දේ ගිල්වන්නා
සද මිදුලට ආවා
තරු අල්ලේ පා
ඈ නලවන්නා
මන බදිනා රුවිනා
විල කලඹා දිස්නේ පාවෙන්නා
වැලි කතරට ආවා
දිය ඇල්ලේ පා මා නහවන්නා

ඇස් තොල් සේදිලා
දෑලේ සිරවෙල

තරු කැටයේ මියෙනා
මද අදුරේ සිත්තම්
දැල්වෙන්නා
හද සුළියේ ගෙතෙනා
පද වැල්ලේ පා
ඈ රසදෙන්නා
මන හදුනා රදවා
දිය වැලකින් මත් වී
ගිල්වන්නා
යලි සිහියට ආවා
හදුනන් නෑ සේ
ඈ නැලවෙන්නා

ඇස් තොල් සේදිලා
දෑලේ සිරවෙල

හමුවෙනා දවසේ
සද දියේ පා කලේ
නො⁣හදුනනා
පසුතැවෙනා
සිහින නෑ දුටුවේ සදා

written by Kusala Vidanapatirana

වහල් වෙලා | Wahan Wela by Drill Team ft. Randhir & Manasick

පින් දියන් රටට
මුතු ඇටේ උදේ අටට
ස්කෝලෙ පුහුනු කලා කටට
ඩිග්‍රියක් මුකුත්ම දුන්නෑ බඩට
තවත් එක් සරුංගලයක් ඉතාලියට

චාඕ මල්ලි වැඩ කරපං හොදට
අම්මේ ආයේ බඩු ගන්න එපා පොතට
යූරො සීයේ කොල හුරු වෙලා අතට
කොලෙත් හම්බෙලා අවුරුදු පහක් අදට

යන්නත් ඕනේ ඒත් අමුතුයි හිතට
අපෙන් මුකුත් නෑ වගේ ඉපදුනු බිමට
රටමයි අපිව අත ඇරියේ පිටට
වැරදිලා ඉපදිලා හිතෙනවා විටක

සනුකත් මේ කතා
කිව්වා තමයි තිතට
යහපාලනේ අරන් ගියානේ හිරට
දුක ලස්සනයි ඒත් පෑනේ තුඩට
වරෙන් කොල්ලෝ ඒත් ලේසි වෙන්නෑ උඹට

සදනා මන්දිරේ
තනිකම රැදුනේ
මතකයේ සිත් මානයේ
බැහැ ඉන්නට තනි වී
වහල් වී මේ රටේ…මේ රටේ

නාබර වයසෙ අරමුන වුනෙ එන්ගලන්තය
බාදක මැද්දෙ පසුව හීන වෙනස් නවසීලන්තය
එක්සත් එමීර් රාජ්‍ය නැති බැරි කම් මැද
පිට වුනෙ බලා සව්දි අරාබිය
අම්මෙ කොහොමද
මෙහෙනන් රස්නෙයි ප්‍රශ්නෙ පිට ප්‍රශ්න
හිත දැවෙයි ඒ අස්සෙ හීන සතුටින් හිටියත් ලන්කාවෙ
තනි වී සිත සිතනවා සාන්කාවේන්
ප්‍රීතියෙන් අව්රුදු සමරන්න මෙවර බැහැ
තනිකම වෙලාගෙන මුලු වසර
තනිවී සරමින් අද මම කතර
හිතනවා යන්නෙ කවදද ගෙදර
නිම කරනු බෑ වචනෙන්
අව්රුදු ගනනාවක් වෙන් වී මා ආදරෙන්
විදවයි ජීවිතෙ තනි වී මේ රටේ
මා සදනා මන්දිරේ

සදනා මන්දිරේ…

written by Hiyum & Manasick

drillteamwestnahira,manasick,sri lanka cricket,sri lanka election,political rap music,sri lanka president,protest songs sri lanka,police attack sri lanka,sri lanka news,sri lankan rap,derana news,hithana tharam charitha,derana,ayomaya sinhala rap,easter attack,voice sri lanka 2022,crisis sri lanka,protest srilanka,jayamardhanapura wanuma,protest sri lanka,sri lanka political diss,dilo,sakura male,sirasa news,anura kumara,deviyange bare

නාමල් මිටක් | Namal Mitak by Randhir Witana

නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේ
දිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්

නෙතු නිලුපුල් පිලි සිහිලෙන් මා මුව සතපනවානම්
මී අම වන තෙපුලෙන් මා දෙසවන් සනසනවා නම්
ඔබ පා මුල මුතු අතුරා ටජ්මහලක් හදවන්නම්
ඔබ මට බහ දෙනවා නම් ලොව සැණකෙළි කරවන්නම්

නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේ
දිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්

වරලස සැරසිල්ලක් නම් තරු මල් ගෙනැවිත් දෙන්නම්
රැය අඳුරට යනවා නම් සඳ එළියෙන් දෝවන්නම්
ලඟ හිඳ මුමුනනවා නම් වරුවක් අහගෙන ඉන්නම්
දවසක මගේ වෙනවා නම් එතුවක් නොමැරී ඉන්නම්

මා නෙත් ඉමෙන් ඔබ ඈතටම ඈතටම
පාවෙන්නේ පාවෙන්නේ නෑවිත්ම යන්නයි
ඒ හිත පුර දුටු ආනන්ද හීනෙන්ම
හීනෙන්ම නික්මෙන්නේ ඇයිදෝ ලියේ

නෙතු නිලුපුල් පිලි සිහිලෙන්

වරලස සැරසිල්ලක් නම්

නාමල් මිටක් | Na Mal Mitak by Costa ft. Randhir Witana [2022]

නාමල් මිටක් සුදු දෝතින් අරන්
හිරීම උදේ ඈ කොයිදා ගියේ
දිව සළු ඇදන් මහා පොළොවට
උඩින් පියමං කලේ සුර අඟනක් වගේ

සුර සුර අඟනක් වෙන්නේ නුඹ පමණක්
වත්ත වටේ ගිහින් වෙන්න එපා දෙවඟනක්
කෙල්ලො පස්සේ කවදාවත් දැම්මේ නෑනේ
උනේ නෑනේ මං හරක් රටට උනේ නෑ බරක්
පන්න පන්න එන්නේ කරුම පස්සේ නෑනේ අන් දෙකක්
ඇන්ද මගේ පළමු චිත්‍රෙ ටීච බැන්නා තන් දෙකක්
නිවන තමා හොයන්නෙ මං ජීවිතේම දුක් කදක්
අම්මා මගේ රත්තරන් තාත්තා මට සම්පතක්

නාමල් මිටක් සුදු දෝතින් අරන්
ඉර බැස යන සැන්දෑවක මම ආවේ බාරගන්න මුළු ජීවිතේම
පස්සෙ තමා ගම්මු කිව්වේ උබ ගැන
රතු කෙක් ගාන් නුඹ මුළු මූණ වටේම
මුල නම කියලා අග නම කිව්වම කොල්ලො
කව්රුත් කිව්වේ තැඹිලි නෙවේ ඒවා මොර පොලු
කොල්ලො ගැන රැව් දෙයි ලොව වටේ ම
අල්ලා ගනින් කොස්සයි බාටයි නලාව කටේම
බෙල්ල ගහලා ගියත් කෙලින් නේ මගේ කද
බෙල්ල නෙවේ ආස මම ආස නුඹේ කද
මෙකාප් වලින් දාලා වගේ නුඹේ මූණ හද
ආවා මගේ හද මම දැම්මා බොල ලප
ආතල් නම් මං ආසයි සිරස් වෙන්නෑ බාන් චෝක
පොලින් දාපු කෙල්ලො උඩ මැස්සෝ වහයි කෝක
කලින් මාසේ නම් ඕක දාපු මාසේ ඔබ
කාපු බනිස් වගේ සෝස් ගොඩක් දැම්මොත් ගොඩ

අරන් වරෙන් මිටක් නා මල් උදුළු ගෑවේ
උඹේ කද ගාව මම හොද වල් කෙල්ලො
බෝමයි මාර පල් වනිස් වෙන්නේ සුදු ගල්
හවස ජොයින්ට් එකයි මැදින් මාර දල්
පාවී පාවී ඉන්න මේවා ආතල් මාර
බොරලු ගොඩේ මගේ බෙන්ස් යන්නේ දැම්මොත් තාර
අපේ සුස්ථි ඉරටු නෙමේ ගස් තඩි මාර මේවා
කේස් උනා පස්සේ තියන කෙල්ලො තාර පාර
කාලා බාන් විටක් කොල්ලා ඉන්න ආස සැපේ
වැල්ලේ බන් ක්‍රිකට් නෑ පොලු ගැලවුනේ
අව්වේ බන් රිලව් මේ කළු හම මගේ
Whts your beuty secret කොහොමද කලු උනේ
ක්‍රීම් ගෑව නෑ අපි පේසල් දැම්මේ නෑ
පේස් ක්‍රීම් නයිට් ත්‍රිපිං අපිට ඕවා නෑ
වතුර ගන්නේ කරාමෙකින් සබන් කැටේ නෑ
ඇතිල්ලුවත් ලෙලි යනකම් කලු නම් යන්නේ නෑ

සුර සුර අඟනක් වෙන්නේ නුඹ පමණක්
වත්ත වටේ ගිහින් වෙන්න එපා දෙවඟනක්
කෙල්ලො පස්සේ කවදාවත් දැම්මේ නෑනේ
උනේ නෑනේ මං හරක් රටට උනේ නෑ බරක්
පන්න පන්න එන්නේ කරුම පස්සේ නෑනේ අන් දෙකක්
ඇන්ද මගේ පළමු චිත්‍රෙ ටීච බැන්නා තන් දෙකක්
නිවන තමා හොයන්නෙ මං ජීවිතේම දුක් කදක්
අම්මා මගේ රත්තරන් තාත්තා මට සම්පතක්

නාමල් මිටක් සුදු දෝතින් අරන්
හිරීම උදේ ඈ කොයිදා ගියේ
දිව සළු ඇදන් මහා පොළොවට
උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
නාමල් මිටක් සුදු

Cross Culture by Gajan Maheson & DK ft. Randhir Witana [2007]

අරැනැල්ලේ කෙත් වතු පීරා
කදු නිල්ලේ රන් දිය දහරා
පවනේ දැවටී සුව වින්දා
තවමත් අමතක වී නැතුවා

මුදුමල් සුවදේ මත් වීලා
පවනැල්ලේ සිසිලස ගාවා
ගම්මානේ සො‌දුරැ සො‌බා
තවමත් අමතක වී නැතුවා

රලු නගරේ කහ වනු සො‌යලා
ගියමුත් ගම්මානේ හැර දා
පෙරදා මෙන් සෙනහස පාලා
නටමු දැන් සැම එක් වීලා

තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ
තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ

මොකදැයි මේ කලබලයක් වාගේ
ගමේ ගොඩේ කොහෙන් ආවත්
සතුටින් ජීවත් වන්නට ඕනේ

මුදුමල් සුවදේ මත් වීලා
පවනැල්ලේ සිසිලස ගාවා
ගම්මානේ සො‌දුරැ සො‌බා
තවමත් අමතක වී නැතුවා

තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ
තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ

හතුරු මිතුරු | Hathuru Mithuru by Randhir Witana ft. Maliya & Chathuwa

අවලංගු තඹ කාසියේ
පැති දෙක උඹයි යාලුවේ
උඹ දුන් වටිනාකමින්
විස්වාසේ එතුවා ලැවිලා අපතේ
කර මත අතදා උඹේ
දැමු වෙට්ටුව හරි අගේ
කර්මය උඹේ පාරේ ඒවි
සොයාන මරා දඟලාව මේ

ලොකු ලයින් දුන්නොත් මගේ club එකට
admit වෙන්න බෑ
admit කරන්න බැරි නම් මගේ
මේසේ ඉඩක් නෑ
අදාල කර ගන් නෑ කෙලවන්න
වෙලාවක් නෑ
අම්මට තාම වන්ඩියක් අරන් දීලා නෑ
බඩු පත්තු උනොත් කවුරුත් ඇවිත්
වන්දි දෙන්නෙ නෑ
බඩු පත්තු උනාම ඉඳපු එවුන්
හොයාගන්න නෑ
ඒක නිසා පත්තු කරන් නෑ
කරත් දැන් වැඩි කරන් නෑ
මගේ පානින් එළිය බලන එක
ලොවෙත් කරන්න බෑ

ඔක්කොම එකටයි සැප දැම්මේ
ඇයි උඹ තනියම අච්චුව කන්නේ
කෙල උන දාට එක්කෙනයි
උඹ ගාව ඉන්නේ
අනිත් එවුන් එකට ඉඳලා පිටිපස්සට
කොටන්නේ
තුනට වගේ තමා ඇඟ බැඳලා එලියට
එන්නේ
උඹලා ෆීලුත් කරන ළමයි
like කන්නයි බට්ටු
rap කරන එක නවත්වපන් හිනස්සන්න
එපා රට්ටු
මලියා KRS2 මගේ base එක
solid like team බට්ටු
———— come true
අහපන් කවුද ඌ this is how we do
නටාගෙන එනකම් මට මොණරු
වෙන්නෙපා ඔට්ටු උඹව කරයි මට්ටු
අපේ බෝඩරේ තමයි අඩෝ ඉන්නෙ සත්තු

අවලංගු තඹ කාසියේ
පැති දෙක උඹයි යාලුවේ
උඹ දුන් වටිනාකමින්
විස්වාසේ එතුවා ලැවිලා අපතේ
කර මත අතදා උඹේ
දැමු වෙට්ටුව හරි අගේ
කර්මය උඹේ පාරේ ඒවි
සොයාන මරා දඟලාව මේ

කර්මය නුඹේ පාරේ ඒවි මතකයන්
සොයාවි මිතුදම අපේ
නට්ඹුන් අතර වේවි
ගිලේවි නුඹ කල කී දෑ තුල ද පතදවී
තැවේවි අසරණ වී නුඹ දැවේවී
ප්‍රමාදේ පසුතැවීමට හේතු වේවී
මරාපන් වෙලාව දැනගෙන කලාව
විඳිනට නුඹ ප්‍රතික්‍රියාව
ක්‍රියාව පසුපසින් එනකල් ක්‍රියාව
කුමන්ත්‍රණ නුඹේ හුරු කලාව
නිරයට ඇදගෙන යන නුඹේ දසාව
කාලය නම් වැලිතලාව
තුළ සැඟවුනු නුඹ මට කල තුවාල
අමතක කලත් මම පසුපස
බූමරංගයකි සොයා එන කරන්නට නුඹ
විනාශ නුඹ විනාශ දැන්
නුඹ හට මගේ මේසේ ඉඩකුත් නෑ
නුඹ පතුරන වදන් අදාල නෑ
අවලංගු කාසි හඬ පලකුත් නෑ
කිසිවෙකු හට නුඹ වලංගු නෑ

අවලංගු තඹ කාසියේ
පැති දෙක උඹයි යාලුවේ
උඹ දුන් වටිනාකමින්
විස්වාසේ එතුවා ලැවිලා අපතේ
කර මත අතදා උඹේ
දැමු වෙට්ටුව හරි අගේ
කර්මය උඹේ පාරේ ඒවි
සොයාන මරා දඟලාව මේ

සුදු වෙට්ටු දාලා අපිට උඹට
තට්ටු වෙන්න බෑ
අපි සත්තු එක ඔට්ටු උනොත් ලේසි
වෙන්නෙ නෑ
ලෙඩ්ඩු බාරගන්නේ නෑ හැමෝටම
වෙද්දු වෙන්න බෑ
කොල්ලෝ තමයි වැදගත් මට කුලේ
අදාල නෑ
බල්ලෝ බුරලා පුතේ කොළඹ කඳු
පාත් කරන්න බෑ
එල කොල්ලෝ මෙහේ වාසි වලට
පාත්වෙන්නෙ නෑ
මට රහත්වෙන්න බෑ උඹට නම්
ආත්මයක් නෑ
කෝට් පාත්තයෙක් මහත්තයෙක්
වෙන්නෙ නෑ
ඔක්කොම ගැලපිල්ල දන්නේ
ඇලපිල්ල නෑ දන්නේ
උඹ රැඟපිල්ල දාලා කැරකෙද්දි මම දන්නේ
වැලපිල්ල විතරයි අම්මට ඉතුරු වෙන්නේ
හැටපැන්නත් චතුවා අඩෝ
තාමත් සීන් එකේ ඉන්නේ

අඳුර ගන්න බෑ කියලා හිතන්නෙපා
කොල්ලොයි බල්ලොයි
ඇත්ත කතා කරේ බෙල්ල ගියත් පදනමේ
කොල්ලයි
අපේ කොල්ලෝ කිව්වොත් කිව්වයි
නෑ fake මගේ කටේ පුතේ තාමත් නෑ breck
එපා case දාගෙන මාත් එක්ක වරෙන්
දුවන්න රේස්
නැතිවෙයි උඹලට ඔය place තාමත්
choose bro no ways double game
නරි නාටක real කරනවා fake fans

දෙලවන් බන්දා | Delawan Banda by Randhir ft. Apzi & Romaine Willis

මායාවේ ලංවෙලා
හෝරාවෙන් මන මත්වෙලා
මා වෙන්නෑ මංමුලා
ඉවසාගෙන හිටියට කෝලං
මේලාවේ රෑ පුරා
ලස්සන විඳින්න හද පුරා
මා කැන්දා යනතුරා
සැරසී නුඹ එන මඟ ඉන්නම්..

මා නම් දඟ වෙන්නෑ
කිව්වම අහන්න කරදර නෑ
පැණිරස ඇරෙන්න රසයක් නෑ
විඳිනට, යන්ද හවසක…ඇයිද බරබර

ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා
ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා

ඇස් වලින් කලත් ඉගි බිගි
කොල්ලො මම දනි උබෙ ඔය රැවටිලි
කතා එපා මගෙ හිත හරි සියුමැලි
හදහනෙ මගෙ සුදො නැහැ ගැලපිගි
මගෙ හිත ලග උබ සැනසිලා ඉන්න රහසෙ
කිසිදා නෑ පෙම් සුව පිරිලාසෙ
වෙන් වෙන්නට බැරි වෙන මගෙ පහසෙ
මල් පැනි බොන්නට බබරෙකු සැරසෙ
බලං ඉන්නෙ මාව කන්න වගෙ
ඇතට වෙලා මමත් ඉන්නං දෙන්න වගෙ
හිතං ඉන්නවනං මේ අත ගන්න මගෙ
පුරවලා දාන්න වෙයිනෙ දියමන්ති අතේ

ආශා වේ ලං වෙලා
ආලෙන් බැඳෙන්න දිවිතුරා
මා ඉන්නෙ මඟබලා
ගන්නට නුඹෙ අත බන්දා
සිහිනෙන් මා නුඹෙ වෙලා
හදවත මිහිරෙන් මත් වෙලා
ඉවසුම් නෑ සිත පුරා
යන්නට මම එමි කැන්දා

නුඹ හද ඉවසුම් නෑ
හදවත බිඳින්න අවසර නෑ
පැණිරස විඳින්න හවසක් නෑ
අතගෙන, යන්න දවසක…නෑනෙ කරදර

Colombo Stars Theme Song by Randhir, Romaine Willis ft. Kaizer Kaiz

Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars
Colombo Stars, Colombo Stars,
Colombo… Colombo … Colombo Stars

Come on you warriors rise up

Colombos Rising, Our time is Coming
We are the leaders, we are the champions
නාමේ දිලෙන්නා, ජීවේ නැගෙන්නා
නිල්ලේ අභිමානේ නංවන්නා
Come on you warriors rise up
everybody scream and shout
Colombo … Colombo … Colombo Stars

දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Colombo Stars, Colombo Stars,
Colombo… Colombo… Colombo Stars,

රජ්ජුරුවෝ උඩයි උඩයි
අනිත් ඈයෝ ටික බිමයි බිමයි
අනාගතේ ඉතින් සුබයි සුබයි
මේ පාර අනිවා අපි දිනයි දිනයි

අම්මෝ Colombo එන එන බෝලෙට
හයක් ගහන්නෝ
විකට් පොලු තුනම දෙකට පලන්නෝ
අපි උඩ ඉඳන් කොඩි වනන්නෝ

කොලොම්පුරේ, කොළඹ ගම් පුරේ
හයක් එහෙම ගැහුවොත් පන්දුව පුරේ
කප් එක ගන්න නේද මේ පොරේ
ගින්නක් නැත්නම් තියන් එනවා කරේ
කොලොම්පුරේ Cricket

Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars,
Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars,

Colombo we love
we gonna conquer
we are the best, we are the champions
නාමේ දිලෙන්නා, ජීවේ නැගෙන්නා
නිල්ලේ අභිමානේ නංවන්නා

Get up Your Seats, Get up lets go
Colombo take it on to the show
Colombo … Colombo … Colombo Stars,
දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Get up Your Seats, Get up lets go
Colombo take it on to the show
Colombo … Colombo … Colombo Stars,
දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Colombo Stars, Colombo Stars
Colombo … Colombo … Colombo Stars

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

මල් මදහාස | Mal Madahasa by Randhir ft Bathiya [2013]

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා

දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

ඇය මගෙ ජීවෙ පෙම් ලෝකේ
එක මග ආවේ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා.. හා
වසන්තේ පෙමින් ළං වීලා

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

රුව දැක ඈගෙ මල් වාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන් ඒ රුවින් මත් වීලා

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො