දෙලවන් බන්දා | Delawan Banda by Randhir ft. Apzi & Romaine Willis

Sinhala song lyrics with music notes illustration

මායාවේ ලංවෙලා
හෝරාවෙන් මන මත්වෙලා
මා වෙන්නෑ මංමුලා
ඉවසාගෙන හිටියට කෝලං
මේලාවේ රෑ පුරා
ලස්සන විඳින්න හද පුරා
මා කැන්දා යනතුරා
සැරසී නුඹ එන මඟ ඉන්නම්..

මා නම් දඟ වෙන්නෑ
කිව්වම අහන්න කරදර නෑ
පැණිරස ඇරෙන්න රසයක් නෑ
විඳිනට, යන්ද හවසක…ඇයිද බරබර

ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා
ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා

ඇස් වලින් කලත් ඉගි බිගි
කොල්ලො මම දනි උබෙ ඔය රැවටිලි
කතා එපා මගෙ හිත හරි සියුමැලි
හදහනෙ මගෙ සුදො නැහැ ගැලපිගි
මගෙ හිත ලග උබ සැනසිලා ඉන්න රහසෙ
කිසිදා නෑ පෙම් සුව පිරිලාසෙ
වෙන් වෙන්නට බැරි වෙන මගෙ පහසෙ
මල් පැනි බොන්නට බබරෙකු සැරසෙ
බලං ඉන්නෙ මාව කන්න වගෙ
ඇතට වෙලා මමත් ඉන්නං දෙන්න වගෙ
හිතං ඉන්නවනං මේ අත ගන්න මගෙ
පුරවලා දාන්න වෙයිනෙ දියමන්ති අතේ

ආශා වේ ලං වෙලා
ආලෙන් බැඳෙන්න දිවිතුරා
මා ඉන්නෙ මඟබලා
ගන්නට නුඹෙ අත බන්දා
සිහිනෙන් මා නුඹෙ වෙලා
හදවත මිහිරෙන් මත් වෙලා
ඉවසුම් නෑ සිත පුරා
යන්නට මම එමි කැන්දා

නුඹ හද ඉවසුම් නෑ
හදවත බිඳින්න අවසර නෑ
පැණිරස විඳින්න හවසක් නෑ
අතගෙන, යන්න දවසක…නෑනෙ කරදර

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply