චිලි | Chillie by OOSeven & BEE [2022]

Sinhala song lyrics with music notes illustration

ඒ මතකය මා මුලාවෙන්
ඈ නොදුටුව දාක ශෝකෙන්
දැන් හදවත නෑ විනෝදෙන්
මවපු හීනෙක මා වියෝවෙන්
තනි වී දැන් ඈ වෙනස් වී
නොහඳුනනා සේ දුරස් වී

හිඳිනු කෙලෙසද මා දුරස් වී
මතක නෑ අපි ළඟ හරස් වී
දුරකථනයේ ඒ කතාවෙන්
හිත සැනසුන ඒ හිනාවෙන්
ඇසේවිද නෑනේ එදා මෙන්
නොසිතුව සේ ඈ ගියා මෙන්

දැනුනා .. ම්… ම්…
දැනුනා .. ම්… ම්…
දැනුනා මා හට ඔබේ සිත දැනුනා

කියාගන්න බැරි දේ තිබුනා හිත යට
හිනාවෙලා දින ගෙවී ගියා ඒවා මතකද
දැනුනද අමතක වෙනවද
මං කියන්නම් ඒ හැමදේ අහන් ඉන්නවද

ඇමතුමක් එනක් මං හිටිය බලන්
කෙටි පණිවිඩයක් මට සතුට අරන්
ඔයා නැති කරා පාලුව හිටපු ගමන්
අපි තනි වුනා ලෝකෙක හීනය මවන්

මාව අරන් ගියා වෙන ලෝකෙකට ඔයා
කිව්ව රස කතා පැණි වගේ කනට ගියා
හිනා වුනා අපි හැම රෑම තිත නොතියා
දුකට මගේ ළඟ ඔයා ඉන්නවා කියා

ගෙවුනේ නෑ දවස් මං ගෙවාගත්තෙ බලෙන්
දැනුනේ නෑ තවත් රිදුනේ පිලිතුරෙන්
මං තාමත් ඉවසනවා ඈතට යන්න මගෙන්
රිද්දන්නේ නෑ හිතලා රොන් ගත්තේ නෑ මං මලෙන්
හැම වෙලාවෙම බලන් හිටියා

මං හැම මොහොතෙම
තවමත් වැදගත් හැමදේම හැම වචනෙම
හැම කතාවම
අහන් හිටියා මං පලක් නෑ දැන් හැමදේම

වෙනස් නොවෙන තීරණේ ඇතිවෙන් නෑ ආදරේ
මාව වෙනස් කරන්න එපා කියලා දැන් ආදරේ
මං තනියෙන් ලියන්න පටන් ගත්තේ
මේ කතන්දරේ

මං නොදනිමි අදහස ඔබේ ඇති මගේ රේ
වැහිබර වළාකුලු අතරින්
ඈ හා සීතල දවසක අපි පියඹූවා
ඔබේ සිත ඔහු ළඟ තනි වූදා
තනියට තනිකම යලි හිමි වූවා

ඒ මතකය මා මුලාවෙන්…

දුරකථනයේ ඒ කතාවෙන්…

written by OOSeven

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply