කඳුළක් | Kandulak by Tharin [2023]

කීව හැමදේම
තාම එහෙමයි ද
ප්‍රශ්නයක් ඇත හිතේ

පෙර වගේ තාම ඇයිද නුඹ නාවේ
මග බලා ඉමි මෙසේ
සැක හිතෙන සේම නුබේ හැසිරීම
දැන් වෙනස් වී තිබේ
තව කෙනෙක් වේද ඔය හිතේ කොනක
කියන් දැන්වත් ලදේ

නුඹ ගියොත් නොකියා
ලොකු දුකක් ඒක
නොදන්වා කාරනේ

කදුලක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැක ගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ලග ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා

රැදෙන්නට හේතු ඇතත් අඩලා
විදින්නට ලොවක් ඔබට හදලා
කදුලක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැකගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ලග ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා

පේන හැමදේම තාම ඒ වාගේ
හීනයක් වාගේ මයි
නුඹ මගේ නේද මට දැනෙන සේම
නුඹට දැනුනොත් හොදයි

හිත බයයි මෙහෙම
නුඹ අහිමි වීම
ඒ තරම් වේදනයි
මගෙන් දුර ඈත නොයන් කිසිදාක
නුබ මගේ ලෝකයයි

නුඹ ගියොත් නොකියා…

කදුලක් වැටෙන්නට නොදී මං…

රැදෙන්නට හේතු ඇතත් අඩලා…

written by Yasith Dulshan

මතකය | Mathakaya by Janith Iddamalgoda

නුඹ ආයෙමත් එන්නේ නෑ පෙර වාගේ 
ප්‍රේමයත් අයිති නෑ
හඬ හඬා ඉන්න මට බෑ මේ වාගේ 
නෙතේ කදුලු තව නෑ
දැනෙනා රිදුම් වැටුනා නෙතඟින්

දින දින ගෙවිලා යාවී නොදැනී 
මතකය මට දුක්දී
හිත හිත නුඹ ගිය හේතු සොයමී 
මට මා අමතකවී… //

හෙමි හෙමින් මට ළං වෙමින් 
ආ මඟ රැදී එදා
සිහිනයන් නුඹ පෙන්වමින්
දැන් දුරක් ගෙනල්ලා
මේ ශෝකයෙන් 
ආවේගයෙන් 
තනිවෙන්න බෑ දැන් ලොවේහී

හමුවෙලා රැඳුන තැන් තනිවෙලා
දැකබලා ගන්න නුඹ නැති නිසා
කටහඬ නෑසෙනා.. හැඩරුව නොමැකෙනා
නුඹ නැතිදා සිතින් මියැදුනා

written by Yasith Dulshan

රූමතී | Roomathi by Janith Iddamalgoda

රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ 
ඉන්න ළංවෙලා එක මොහොතක් හිමිවෙන්නෑ 
හීනයක් මිසක් අපි අපගේ වෙන්නෑ
අයිතියක් නැතත් මේ ප්‍රේමයේ හිස්තැන් නෑ

හාදූ නොදෙනා දෙතැන රැඳිලා 
දුරින් ඉමු සදා 
රෑක නොහඬා හීන මවලා 
පෙමින් වෙමු මුලා 
පමාවෙලා හමුවී හිතින් බැඳුනුදා
රහසක් වෙයි 
නුඹයි ප්‍රාණේ මාගේ ලොවෙන් සැඟවෙනා 

දෑත බැදිලා මුදුව පළදා 
ලොවක සිර වෙලා 
හදේ මැවෙනා හැඟුමන් සොයලා 
එන්න බැරි වෙලා 
සමාවෙලා අසමී හිතින් මියැදෙනා 
තහනම් ඇයි 
මමයි කළේ වැරදි හිතක නැවතිලා

written by Yasith Dulshan

janith iddamalgoda new song,janith iddamalgoda,dutu da janith iddamalgoda,dutu da – janith iddamalgoda [official video],aka maka song,janith song,janith,dreamstar seson6,bothale wage soda,maneesha chanchala,new song,dutu daa indala,aka maka tiktom,nimesh kulasinghe,aka maka weela,dutu da indala,hande hawa,hade haawa,yashodha adhikari,akamakaviila,ramod malaka,gala pena kena,dutu da,aka maka janith,maneesha,ehemai ape ekala,dreamstar,hade hawa