කාලාත්‍රයේ | Kalathraye by Lahiru Sandeep ft. Samith Gomes & Kanishka

Sinhala song lyrics with music notes illustration

විකසිත මලින් පොපියන
රුදු රුපුන් හඬ පරදන
කන්‍යා ගිරි සිත උදුරන
අසරණ… දිළිඳු මනුසත

කාලාත්‍රය‍ේ.. ශෝකාන්තයයි..
නොදැමුණු.. නොහික්මුණු..
පරපුරේ විලාපයයි

විලාපයයි දෙදරා ගිය පුපුරන් ලය
බඩගින්න වැදී හාමත්වී ලොවටම තාමත් ණය
මිනිසුන්ගෙන් පිරි දූපත ඉල්ලනවා ඉඳහිට ලෙය
ගොඩ ගැසි කඳු තරමට නොදන්න උන් හතර හය හය!
පිට පිට ගොඩ ගැසී තිබ්බා මිණී කවුරුත් නොවැසූ අයෙකු නැසූ
නොදැක්ක දෙවියෙක් වැඳන් ඉන්න ගමන් අනෙකා මූණට කෙළ ගැසූ
හාර දහයෙන් එකක සම්භාවිතාවයෙන් අතරමං, පේන්නෑ කරනවා නතර නම්
බොහොම ඉක්මනින් වැඩි වෙයි මළමිනී වලින් කසළ නම්!
උස්සපන් තව බරවෙයි කර මළ කඳන් වලින් ගෙවපන් පව
දවපන් ලොව සමගින් මව අනෙකාගේ බුදින්න රටක නව
හිස් වේවී උන්ගෙන් නිවෙස් තොපිත් වමාරාවී කටින්ම කෙස්
සමගින් පාලකයොත් උඩගෙඩි දුන් තොපිට සැඟවී පෙරලන් වෙස්
හා! උන්ගේ වාසියට ඇවිලූ ගිනි මේ! කවදා යාවි ද නිවී
කවුරු කවදා කොහොම මනුදමින් පිරි රටකට කියාවිද හිමි
උදා නොවන දවසක් ඒ විඳිමු නැවතත් මේ කරුමේ නොගෙවුණු ඒ
දිනයක් එනකන් හිඳිමු විලෙහි හිඳෙන තුරුම ලේ!

රිදුම් දෙනා හද ගුගුරනා හඬින්
නෑසෙනා මර ගී…. වැල් රහසින්
උගුලුවා දැමු ලෙසින්.. වෙසෙසින්
පතුරුවා හැරි දාහය අතරින්

කාලාත්‍රය‍ේ.. ශෝකාන්තයයි..
නොදැමුණු.. නොහික්මුණු..
පරපුරේ විලාපයයි.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply