නඩුවක් | Naduwak by POP PUNK ft. Manasick, BigDoggy & Tilan GT

Sinhala song lyrics with music notes illustration

පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි

මුතු ඇටේ කඳුළු ගරන කට්ටියක්
දවසට කඩතැකි සින්දු මල් වට්ටියක්
ගනින් බොලව් හයි හත්තියක්
බොලා අඩියට ඇල්ලුව මේ රට මැටි හට්ටියක්

අපට ලැබුන්නැතත් නොමිලේ නිදහස
උබටත් ඇති මිලක් අමිල නිදහස
බලපල්ලා කඩේ ගිය උන් බඩු මල්ල උස්සල
මග රැකන් පෙන්නයි මැතින් දියුණුව සරම උස්සලා

පූදින්නෙත් හුඹහක දන්නවා බොගෙ සකස්කඩ
රාජ පස්සක් වන්දනාවේ මේවා රටේ හරස්කඩ
වැන්දට පවු නෑ මල් තියල අදත් පවනට
ඒ පවන් ගහන් බුදියන්නේ මණ්ඩුක භවනක

කඳුළු ලීටරේට පොරකන්න තදබදයක්
මල් සින්දු පරාගනය නවත්තන්න අරගලයක්
යුද්ද කලේ නෑ බොර්නා කොස් කොටන කඩුවක්
බොලට කිව්වේ මේ ලගදී ගිනිබත් කල නඩුවක්

මානසික් මල් කලාවට විරෝධයි
තනි කලු මල් කලාවට විරෝධයි
ඩ්‍රිල් ටීම් මල් කලාවට විරෝධයි
වෙස්ට්නා මල් කලාවට විරෝධයි

පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි

විරෝධයි පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි

විරෝධයි පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් වි

නැවක් ගිනි අරන් ඩොලර් පාවෙයි වෙරළට
නිදියලා නැගිටිද්දී පෝෂණ මල්ල ඉහලට
කබ්බෝ ෆෝම් කිරිම අපි තමයි පිකාසෝ
දැන් සැපද උඹේ ගම වගේද චිකාගෝ

බලපන් රට දවසීන් දවස අගාදෙට
උඹලා කට පාඩම් කලේ වමාරන්න විබාගෙට
තාත්තා ගෙදර අවේ බඩු මල්ල අරන් සලාකෙට
හොටු පෙරලා අඩන උන් හිට් අසහනේට

ඩිස් කරන්න දුකයි හිස් මොළ වලට
ඔය ඇඩියාව සෙට් නෑ බ්‍රෝ කන් වලට
කරන්න බැරි නම් ඕක දීපන් ලමයෙකුට
බෙල්ල උඩින් ඔලුව තිබ්බේ පාලුවට

හංසමාලි වගේද නන්දා මාලිනී
නලුවෝ අතර තාම ප්‍රියතමයා ගාමිණී
කොච්චර කිව්වත් නම් මොලේ දෙන්න බෑ හරක්ට
On my way to කන්දකාඩු කතා කරපන් සරත්ට

බිග් ඩොගී මල් කලාවට විරෝධයි
වාට්ටුව මල් කලාවට විරෝධයි
අහපන් කිව්වේ අපි සිරාමයි
බලපන් මගේ රට විනාශයි

පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි

හේයි හේයි හේයි

මේක නම් හරි විනෝදයි තවත් චිල් තමයි
මේක සුපිරි ආතල් රටක්ලු මචන්
සැප කැඩුවොත් විරෝධයි කට ඇවිස්සෙයි
සැපට ඇප නැති වෙන දාක මචන්

මේක නම් හරි විනෝදයි තවත් චිල් තමයි
මේක සුපිරි ආතල් රටක්ලු මචන්
සැප කැඩුවොත් විරෝධයි කට ඇවිස්සෙයි
සැපට ඇප නැති වෙන දාක මචන්

ජී ටී පොප් පන්ක් බිග් ඩොගී මානසික්
සෙට් එකම මල් කලාවට විරෝධයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply