දූපතක් විකිණීමට ඇත | Dupathak Vikineemata Atha by Minol ft. Master D

Sinhala song lyrics with music notes illustration

ගෙඳග පොලොවේ රතු වලා පට මැද්දේ
සයනයිට් ගෙල පලඳපු පර යුද්දේ
පරසතු මල පිපෙන කැල‍යක් මැද්දේ
අරන් ගියා සුවඳට බඹරු ඇයි නැත්තේ

කඩු මොට උනු සිංහලයම ලෙනක
තව කුමාරයෙක් හැංගුනා ගස් බෙනක
ගෑනුන්ගේ යට ඇඳුම යැව්වා තව රජෙක
වෙන්න ඉන්න කුමාරෙක්ගේ බාප්පලා එමට

යක්කුන්ට දැන් කල තේරිලා දියසේතු මාවෝ
ඇල ගොඩ කරා රට පන නැති පාවෝ
ගන්නට මාගල ඇත්තක් පට්ටම් මුහුදට චාවෝ
මද්දල දුන්නට හිත කාගෙද හිනාව දැන් මදිවේ

වන වදුල විකු විකුන විකුන දිව හැපිනු අනග
කට රතු විලේ දැන් බිම දමන පාට සලුව උනා
වුනම රටම හෙලුවැලිව කාලෙත් දැන් අත ළඟ ළඟම
නෑ කාටත් දැන් තේරී විහිලු තාම දියසෙන් නෑ

විහිරු රා කට්ටක් ගහලා සිහිසුන් වතට මාර බියලු
කලු නිකට තනි කැලෙක බිලි වූ ගන කැලෙක
පරිසරෙත් තව රටෙකි බිලි වූ

ඉල්ලන්න ඉල්ලන්න නිදානේ
මං ගත්ත අප මකු පුතා මොකෝ
මේක මැසිවිලි නෙවෙයි දුක
ලැම්බෝගිනි මොකටද මට අඬ අඬ

ඉන්න දැයක් කරවන්න පුරවන්න
මරවන්න ඉන්න මහා ජල කඳ
වෙලේ දුවන්නට තව එකෙක් ඕන
තරු පහේ හෝටලේ මැද

වෙලත් නැති වෙනකොට වෙලා බඩගිනි
මුතු ඇටේ ගොඩගන්න ගිහින් මල මිනී
උන්ගේ බුදු බව පතා ගිහින් රජ වුනි
මෙහේ දූපතක් විකිනීමට ඇත

කඳු වලින් කුනු දරුවන් මතු වුනේ
කහ ඉරේ යද්දි බල්ලන් යට වුනි
ගෙවන්න ණය මට පඩියක් මතු වුනි
ඉතින් දූපතක් විකිනීමට ඇත

කඳු කාගෙන හැම සුමානෙම පාන්දර
දුක අහගෙන යන බස් එක මං ගාවට
සාරිය හතට හැට්ටේ වදිනවා අත ලාවට
ජාතික කොඩියට ගත්ත පාට අර පොඩීගේ
මරුවට කඩියෙක් ශාප කලා

කව්ද පල්ලි වලිද කලු ජූලිය
ගැන පොතද කියවලා කයිය
ගංජා ගහලා උඹ බාගෙට බුදුවෙලා
වගේ දේශන දෙනවා හයියෙන්

උඹ තාත්තට වැඳලා භාගයක්ම ගියේ යුද්දෙට

####### ####විලා

දකුනේ මල ගෙවල් ගානට කාර් අරගෙන
තොපි පදිනවනම් බැරිය

බුලතගේ වැවේ හංස පූට්ටු දාන්නද බං
සීගිරි ගලේ ගාමට් වල ගෑනු #ක ඇරන්
ඉන්න බාර් එක කාගෙද බන්
පිටකොටුව පොලීසියයි බෝ ගහයි

ගනිකාවොයි මරු බන්
උඹේ අම්මට තව දරුවෙක් හදපන්
සුදු වෑන් නැති ගහපන් නිදි පෙති
හංගලා කුඩු ටොන් ගනන්
පොත පතක් අල්ලන් ඉද්දි
කැම්පස් වල උන් පඩිය හෙලවෙන්නේ
කැටි.. කැටි.. කැටි.. කැටි.. ගින්දරත්

දෑත් පාට කර පන්දාහ අරගෙන
යන්න උඹලගේ පිං අරන්
මගේ රටට ඕන තව ත්‍රස්තවාදි
තියලා යන්න දියවන්නාවත් ගිනි අරන්

වෙලත් නැති වෙනකොට වෙලා බඩගිනි
මුතු ඇටේ ගොඩගන්න ගිහින් මල මිනී
උන්ගේ බුදු බව පතා ගිහින් රජ වුනි

මෙහේ දූපතක් විකිනීමට ඇත…..
මෙහේ දූපතක් විකිනීමට ඇත…..
ආයෙත් කියපන්
ඉතින් දූපතක් විකිනීමට ඇත…..

written by Master D & Minol

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply