Mr. Love by Kochchi [2021]

Sinhala song lyrics with music notes illustration

සඳට තිර ඇදලා – මගේ ලඟින් මිදිලා
ඇගෙ දෙතොල් ඉඹලා – එන්නෙපා දුවලා
කඳුළු මට තියලා – ඇයට හිත පුදලා
මලට විස පොවලා – ඉගිලුනා බඹරා

ඔය හිත ඉල්ලාලා එයි කියලා හිතුවට
හිතම බිඳී
නුඹ වැරදියි
මම නෑ පැරදී

Hey Mr. Love යනවානම් මා අත හැරලා
ආයේ හිතිලා එනවා නම් නෑ දොර ඇරලා
Hey Mr. Love යනවානම් මා අත හැරලා
පියඹා සොයාලා මුලා වෙන්නෙපා
ආයෙත් මා සොයා

ඔලුවෙ අත තියලා – ඇස් වලින් දොඩලා
මගෙ මැණික කියලා – කිව්වේ පැණි ඉහලා
මගේ අතින් අල්ලා – ඇයට ඉඟි කරලා
බොරුම තව ගොතලා – දුන්නෙ මට ඔතලා

ඔය හිත ඉල්ලාලා එයි කියලා හිතුවට
හිතම බිඳී
නුඹ වැරදියි
මම නෑ පැරදී

Hey Mr. Love යනවානම් මා අත හැරලා
ආයේ හිතිලා එනවා නම් නෑ දොර ඇරලා

Hey Mr. Love යනවානම් මා අත හැරලා
පියඹා සොයාලා මුලා වෙන්නෙපා
ආයෙත් මා සොයා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply