in Kochchi

Mr. Love by Kochchi [2021]

සඳට තිර ඇදලා – මගේ ලඟින් මිදිලා
ඇගෙ දෙතොල් ඉඹලා – එන්නෙපා දුවලා
කඳුළු මට තියලා – ඇයට හිත පුදලා
මලට විස පොවලා – ඉගිලුනා බඹරා

ඔය හිත ඉල්ලාලා එයි කියලා හිතුවට
හිතම බිඳී
නුඹ වැරදියි
මම නෑ පැරදී

Hey Mr. Love යනවානම් මා අත හැරලා
ආයේ හිතිලා එනවා නම් නෑ දොර ඇරලා
Hey Mr. Love යනවානම් මා අත හැරලා
පියඹා සොයාලා මුලා වෙන්නෙපා
ආයෙත් මා සොයා

ඔලුවෙ අත තියලා – ඇස් වලින් දොඩලා
මගෙ මැණික කියලා – කිව්වේ පැණි ඉහලා
මගේ අතින් අල්ලා – ඇයට ඉඟි කරලා
බොරුම තව ගොතලා – දුන්නෙ මට ඔතලා

ඔය හිත ඉල්ලාලා එයි කියලා හිතුවට
හිතම බිඳී
නුඹ වැරදියි
මම නෑ පැරදී

Hey Mr. Love යනවානම් මා අත හැරලා
ආයේ හිතිලා එනවා නම් නෑ දොර ඇරලා

Hey Mr. Love යනවානම් මා අත හැරලා
පියඹා සොයාලා මුලා වෙන්නෙපා
ආයෙත් මා සොයා

banner

Leave a Reply