මං ඉතාලියේ තනි උනා | Man Italiye Thani Una by Danapala Udawatta

Sinhala song lyrics with music notes illustration

මේ ඍතුවේ..මිලානෝ සීතලයි
ඒ සීතලේ, ඔයා නෑ හිත පෙලයි
දූමො පල්ලියේ දේව හාස්කම රැසයි
ඇසින් දුටුවනම්, ඔබ උනත් එය සිතයි
එට්නා ගිණි කන්ද ඇවිලුණා..
සිත නිවාගන්න තවම බැරි වුණා ..

සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..
ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා..
වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා..
කෝමො මං ඉතාලියේ තනි උනා..

පාදොවා මෙත් විලේ සේදුවා පව් ජලේ
පාදුවා පල්ලියේ අන්තෝනි මුණි දිලේ..

බ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකනුවේ සිහින දේවතාවියේ..
ඉතාලියේ පීසා කුලුන හමු වුණා ..
හරිම ලස්සනයිනෙ මම පුදුම වුණා ..

සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..
ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා..
වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා..
කෝමො මං ඉතාලියේ තනි උනා..
අල්ලෝරා මං ඉතාලියේ තනි වුණා ..
චාඕ මං ඉතාලියේ තනි වුණා ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply