in Chithral Somapala

උඩරට කඳුකර | Udarata Kandukara by Chithral Somapala

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ
උඩරට කඳුකර සිරියා පරදන
රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

රට පන ගන්වන ජාතිය සුරකින
ජාතික ධනය අපේ
අපි ණයගැති වෙමු සුකොමල දෑතට
තේ දළු නෙලන ලඳේ

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

ලියලන දළු වල කරටිය හැමවිට
ඔබෙ නෙත් දෙසට නැමේ
දන මන පිනවන ඉමිහිරි පානෙකි
පිටරට යවන අපේ

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

banner

Leave a Reply