හාදු සුළඟේ | Haadu Sulange by Amal Perera [2020]

Sinhala song lyrics with music notes illustration

හාදු සුළගේ දැවටිල්ලේ
මෝදු ඇල්මේ ඇවටිල්ලේ
දැනෙනා
හදට දැනෙනා
විකසිත සිහිනේ සරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

මල් පෙත්තෙ සියුමැල්ල
සිරුරම දවයි
ඉඩ නැද්ද විදගන්න දැන්

රත දත ඉරා
සිතියම් මකා
බඹරෙකු මල් පොද උරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

හිරි කොවන වදනකට
හැකිලෙන්නපා
කදුළැල් ඇයි
රූරා ගලා

හිනැහෙන්නකෝ
නැලවෙන්නකෝ
සතපාලා සනසන්නදෝ

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

හාදු සුළගේ දැවටිල්ලේ
මෝදු ඇල්මේ ඇවටිල්ලේ
දැනෙනා
හදට දැනෙනා
විකසිත සිහිනේ සරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply