සකුරා | Sakura by Charitha Attalage ft. Manasick [2020]

Sinhala song lyrics with music notes illustration

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

සකුරා මලේ
වෙනදා මෙන්
සුවද නැතේ

හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බදිනා ප්‍රේමේ

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න

පරසතු සුවදක්
මම නොම වින්දෙමි
සකුරා යායේ

පරසතු කුසුමක්
මම නොම වින්දෙමි
සකුරා යායේ

සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

කදුලු පිලියමක්
නුඹට වියැකෙන හල් මිටි
සමාජේ අනියම දායි
නුඹගේ කර පිටින්

සිනමා හිරේ
අපගේ යතාර්ථයක්
කනපිටින්
පදාර්ථයේ පිටපතක්
කුසේ උබේ පනපිටින්

යදින්නෙපා
විද සිදලන්න බැරි දොලදුකක්

උඹේ කාලේ පාරේ
උඹේ භාර්‍යාව ගැරහුවත්

මගේ රහසක
රිදී නිම්නයක
කලබල නියන්පත්
කිනම් ඩිම්බයක

ගිනි තියන් උබේ
නෙගටිව් පටි
ඔය හැසිරීම
මට ගබ්සා දොරටු අරී

වීරයන්ට දැන්
උඹේ ආතමාර්තකාමි
වග නොකියන්න ජාතකේට
මා ප්‍රාර්ථනාවී

තිබුනට කඩතුරා
ගැබක් උඹ දාරාගෙන

උඹේ පරාජය
ලතවෙන්නෙ ලය පලාගෙන
වෛයිරය වේද
මහ මතකයන් පලා යන
දෙන්න මට සැලොන
සිහිනෙට මගේ පලා යන්න

හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බදිනා ප්‍රේමේ

සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

නිබද දෙව් දූ
සියත වලා බැමි
මුහුරස උර දැක්මේ කඩා වැටී
මා දළු රෝස පලයට
හඩා වැටී
පුරා සකුරා සිසිරේ
පතනවා ඇති

චරිත
මානසික්
වෙස්ට්නාහිර

written by Charitha Attalage & Manasick

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply