ගැමුණු සෙනග | Gemunu Senaga Enawo by Sahangi Hansanjali

Sinhala song lyrics with music notes illustration

දූවිලි ගිනි දැල් ජාලා – රුපු හී තෝමර මාලා
වැහි පිට වැහි වට නොවැටී පවුරු දිය අගල් පීරා
සිව් හෙළ සිහනද පතුරව් සක් හඬ පාවඩ අතුරව්
බුද්ධ සාසනේ තව දිගු කල්ප කාලයක පැවැත්ම
අරමුණ එක මිටකට ගත් සිංහල මහසේනාවට
අවසර බෝයි හාමුදුරුවනේ
ගං ඉවුරෙන් එතෙර වෙන්ට

පලවා චත්රන – අල්ලා මියුගුණ – තිත්තඅම්බ – අඹ තොටින් විසුණු කර
එක ඉර බැස්මෙන් සත්රජ බල බිඳ ද්රෝණ මා කෙටූ ඉසුරු ගවර ඈ
රුපු බල හලු කර
සාරමසක් කපිසිය හා යුද වැද
හාලවහාණක – ඔද තෙද සිඳ බිඳ – තඹගම කුඹගම ජඹුගම ජයගෙන
ගැමුණු සෙනග එනවෝ දුටුගැමුණු සෙනග එනවෝ

දසමහ යෝධ පවර බල සත්තේ
ඡද්දන්ත කුලේ කණ්ඩුල නා මත්තේ
ගැමුණු සෙනග එනවෝ දුටුගැමුණු සෙනග එනවෝ

සතර අතින් විජිතපුරේ වාහල්කඩ දොරටු කඩා
අසනි කුංචනාද නගා ලැහැලි ගඩොල් යදොර හෙලා
සුරත් යවට පහර කකා සතුරු උපා උගුල් මකා
රජකම නොව බුදු සසුනේ පැවැත්ම තිර ලෙසම තකා
විජිතපුරය දිනුවෝ – මුණි බේරි හලඹ හැලුවෝ
විජිතපුරය දිනුවෝ – මුණි බේරි හලඹ හැලුවෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply